හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ; එය ක්‍රීඩාවට අදාළ ද?

404

වසරකට අපේ රටේ ඉපදෙන දරුවන් ලක්ෂ තුනකට අධික පිරිසක් නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නට සුදුසුකම් ලබති. එම පිරිසෙන් ද්විතීක සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නට හැකි පිරිස අතලොස්සකි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා එම සුදුසුකම් අනුව හා හැකියාවන් අනුව අධ්‍යාපනය හමාර කළ විගස රැකියාවක් ලබා ගැනීමට හැකි පිරිස විරලය.

ක්‍රිකට් පිටියේ උන්මාදනීය සුදු හමුදාව – The Barmy Army

මිචෙල් ජොන්සන් රැන්ඩ්වික් අන්තයේ යාර 30 සීමාව අසල පන්දුව අතැතිව පිතිකරු මයිකල්..

මෙම ධර්මතාවය අධ්‍යාපනයට පමණක් නොව, ක්‍රීඩාව, කලාව ඇතුළු සෑම දෙයකටම පොදු දෙයකි. කුඩා කාලයෙ පටන්ම ඒ ඒ විෂයන්ට ඇතුළු වී නිසි ලෙස එම විෂය හදාරමින් එම විෂයේ ඉහළටම යන්නට හැකි පිරිස විරලය.

මෙම කරුණු අප රටට පමණක් නොව ලොව සියලු රටවල්වලට මුහුණ දීමට ඇති ගැටලුවකි. රටක ඇති සීමිත භෞතික සහ ඕනෑම සම්පත්වලින් උපරිම ප්‍රයෝජනයක් ගත හැකි නම් ඕනෑම කාර්යයක් සාර්ථක වනු නිසැකය.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ ද අනාගතයේ ක්‍රීඩාව ජය ගත හැකි වීරවරුන් හා වීරවරියන්, කුඩා කාලයේ දී හඳුනා ගැනීමේ ව්‍යායාමය ලොව බොහෝ රටවල් අත්හදා බලමින් සිටියි. එම කාර්යයන් හිදී විවිධ රටවල් යම් ප්‍රමාණයක සාර්ථකත්වයක් ලබා ඇතත් ක්‍රීඩාවේ දක්ෂතා හඳුනා ගැනීමේ සහ සංවර්ධනය කිරීමේ හොඳම ක්‍රමය හඳුනා ගැනීමට සියලු දෙනා සමත් වී නැත. යම් කිසි ප්‍රමාණයකින් සාර්ථක වූ රටක් ලෙස ඕස්ට්‍රේලියාව ඉදිරියෙන්ම සිටියි. විශාලත්වයෙන් ඉතා විශාල රටක් වුවත්, ජනගහනයෙන් අපේ රටේ ජනගහනයට සමාන ජනගහනයක් ඇති ඕස්ට්‍රේලියාව, ඔලිම්පික් උළෙල කිහිපයක දී ම පදක්කම් සටහනේ පස් වන ස්ථානය ආසන්නයේ සිටීමට සමත්ව ඇත.

එම සාර්ථකත්වය ඇති කර ගැනීමට හැකි වූයේ එක්දහස් නවසිය අසූ ගණන්වල මුල් භාගයේ දී නැගෙනහිර ජර්මනියෙන් ඕස්ට්‍රේලියාවට පැමිණි ක්‍රීඩා විද්‍යාඥයන් සහයෝගයෙන් ආරම්භ කළ දක්ෂතා හඳුනා ගැනීමේ වැඩ පිළිවෙළත්, ඒ සමඟම දියත් කළ විධිමත් දක්ෂතා සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙසිනි. ලොව ඔලිම්පික් දක්ෂතා අතර පස් වෙනි තැනට පැමිණියත් ඕස්ට්‍රේලියාව තමන්ගෙ දක්ෂතා හඳුනා ගැනීමේ වැඩපිළිවෙළ ගැන තෘප්තිමත් නැත. අලුත් වැඩපිළිවෙළක අවශ්‍යතාව හඳුනා ගෙන නව පර්යේෂණ සිදු කිරීම ඔවුන් සිදු කරයි.

ක්‍රීඩාවේ ඉහළම දක්ෂතා දක්වන ලොව අන් සියලුම රටවල් ද ක්‍රීඩා දක්ෂතා කුඩා කාලයේ දී ම හඳුනා ගෙන, සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් අත්හදා බලමින් සිටියි. සමහර විද්‍යාඥයින්ගේ මතයට අනුව ක්‍රීඩාවට දක්ෂ දරුවන් සහජයෙන්ම තම දක්ෂතා රැගෙන එන අතර, තවත්  විද්‍යාඥයින් කණ්ඩායමකට අනුව යම්කිසි කෙනෙකුගේ හැකියාවන්ට විධිමත් පුහුණුවක් ලබා දුන්නොත් මතු කර ගත හැකි වේ (Nature versus Nature). ගැන්නේ නැමති විද්‍යාඥයාට අනුව පුහුණුවට ලක්නොවු ස්වාභාවික හැකියාවන් සහජ හැකියාවන් ලෙස හඳුන්වන අතර, දක්ෂතා ඇති අය ලෙස සලකන්නේ යම්කිසි ක්ෂේත්‍රයක විධිමත් පුහුණුවක් ලබා දී එම පුහුණුවෙන් පසු සිදු කරන පරීක්ෂණයකින් ඉහළම ලකුණු ලබන සියයට දහයක පමණ පිරිසකි.

සහජ දක්ෂතාවයක් නොමැතිව, පුහුණුවකින්ම දක්ෂයින් බිහි කළ හැකි බව තර්ක කරන පිරිසට අනුව, ඕනෑම ක්ෂේත්‍රයක පැය දසදහසක පුහුණුවකින් එම ක්ෂේත්‍රවල දක්ශයින් බිහි කළ හැකිය (10.00 පැය නියමය). ඒ නියමය අනුව දිනකට පැය 3ක 4ක පුහුණුවක් සතියේ දින හත තුළට වසර දහයක් වත් ලැබිය යුතුය. ක්‍රීඩාවේ දක්ෂතා දැක්වීමට නම් මෙවැනි පුහුණුවක් වයස අවුරුදු 13 දී පමණ ආරම්භ කළ යුතුය. එවැනි පුහුණුවක දී අධි උපයෝගීතා ආබාධ ඇතිවීමට දැඩි අවදානමක් ඇතත්, සමහර වෘත්තීය ක්‍රීඩකයින් දිනකට පැය අටක් පමණ පුහුණුවක් ලබන බව ද අමතක නොකළ යුතුය. එහි දී විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිතා කරමින් ආහාර, ජලය සහ විවේකය උපරිම ලෙස ලබා දීමත්, ඔවුන්ගේ පේෂීවල ක්‍රියාකාරිත්වය සහ ශරීර ක්‍රියාකාරිත්වය දැඩි විමසිල්ලෙන් නිරීක්ෂණය කරන බවත් සඳහන් කළ යුතුය.

ජුබිලි සැමරුම් අපට අකැපද?

1982න් ඇරඹි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ මේ ගෙවී යන්නේ 35 වැනි වසරයි. තරුණ ජවයෙන්…

තවත් සමහර විද්වතුන්ගේ මතය වන්නෙ ක්‍රීඩාවේ දක්ෂතා දක්වන දරුවන්, ඔවුන්ගේ ජාන නිරීක්ෂණය කිරීමෙන් කල්තියා හඳුනා ගත හැකිය යන්නයි. එහි දී සොයා ගෙන ඇති කරුණු අනුව ප්‍රතිශතයක් ලෙස ජානමය හැකියාව 99%ක්ම අප සියලු දෙනාගේ සමානය. වෙනස් වන්නෙ 1%ක ජානමය හැකියාවක් පමණි. එම සියයට එකක වෙනස් වන ජාන හැකියාව තුලත් වේගය සහ දරා ගැනීම සඳහා බලපානු ලබන ඇලීලය වන ඇල්ෆා ඇක්ටීන් 3 (ACTN 3) දැනටමත් හඳුනා ගෙන ඇත. එම ඇලීල සොයන ජාන පරික්ෂාව ඇමෙරිකාවේ දී අප සිදු කරන ලබන අනෙකුත් පරීක්ෂණ මෙන්  මුදල් ගෙවා කර ගත හැකිය. එම තාක්ෂණය අප රට තුළ ද දැනට ඇති අතර, එම ඇලීල සහිත ජාන ඇති පුද්ගලයින් සංවර්ධනය කිරීමේ දී ක්‍රීඩා විද්‍යාඥයන් බරපතළ අර්බුදයකට මුහුණ දී ඇත. එයට හේතු වන්නෙ ක්‍රීඩා දක්ශතාවයක් යනු එක් මූලික හැකියාවක් මත වර්ධනය වන දෙයක් නොව, විවිධ හැකියාවන්ගේ සංකලනයක් ලෙස වර්ධනය වන දෙයක් බැවිනි.

අනෙක් අතට ලබා දෙන ක්‍රීඩා පුහුණුව විවිධ ක්‍රීඩකයන් විවිධ ප්‍රමාණයන්ගෙන් පමණක් ග්‍රහණය කර ගැනීම අනෙක් අභියෝගයයි.

අනෙක් අතට මෙසේ ජානමය හැකියාවන් කුඩා කාලයේ දී ම පරික්ෂා කර හැකියාවන් ඇති සහ හැකියාවන් නැති අය ලෙස වෙන් කිරීම සදාචාරාත්මක නොවේ.

එහෙත් අප සියලු දෙනා හොඳින් දන්න පරිදි ජැමෙයිකානුවන්, වේග ඉසව්වල දක්වන දක්ෂතාවයන් සහ කෙන්යාව, ඉතියෝපියාව වැනි රටවල ක්‍රීඩකයන් දුර දිවීමට දක්වන දක්ෂතාවය ජානමය හැකියාවත්, එම රටවල දුෂ්කර පරිසර ජය ගැනීමට කුඩා කාලයේ සිටම දරන උත්සහයත්, දුප්පත්කම ජය ගැනීමට හැකි එකම ක්‍රමය ලෙස වෘත්තීය ක්‍රීඩාව යොදා ගත හැකි බවට ඇති  විශ්වාසයත් සහ එම සියලු රටවල ක්‍රීඩාවට ඇති ආදරයත්, ඒ අනුව ගොඩ නැගුණු ක්‍රීඩා සංස්කෘතියත් මේ සියලු ක්‍රීඩා ජයග්‍රහණවලට පදනම බව අමතක නොකළ යුතුය.

අප රට තුළ ද ලෝකය ජය ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කුඩා කල සිටම හඳුනා ගැනීමේ වැඩසටහනක් දියත් වෙමින් ඇත. එහෙත් ක්‍රීඩා සංවර්ධනය කිරීම යනු එවැනි වියුක්ත උත්සහයකින් කළ හැකි දෙයක් නොවේ. ක්‍රීඩා සංවර්ධනය කිරීමට උචිත පරිසරයක් බිහි කිරිම තුළ පමණක් ක්‍රීඩාවේ දක්ෂයන් හඳුනා ගත හැකිය. මෙම නිසා ලෝකයේ නව ප්‍රවණතාවක් වන්නෙ, කුඩා කල සිටම දක්ෂයින් හඳුනා ගැනීමට සහ වෙන්කර ගැනීමට නොගොස් බොහෝ පිරිසකට  තම ක්‍රීඩා කුසලතාවන් වර්ධනය කර ගැනීමට සුදුසු  පරිසරයක් නිර්මාණය කර එහි දී මතු වන දක්ෂතා අනුව ලොව ජය ගත හැකි ක්‍රීඩකයන් බිහි කිරීමයි. ලොව බුදු වුන බුදුවරයන් පවා ඉපදීමට පෙර පස්මහ බැලුම් සිදු කළේ බුදු වීමට සුදුසු පරිසරයක් සෙවීමට බැවින් ක්‍රීඩාවේ දී ද දක්ෂතා වර්ධනයට ජානමය හැකියාව පමණක් නොව (ක්‍රීඩා වර්ධනය) සුදුසු පරිසරයක් ද බිහි කළ යුතුය.

උපුටා ගැනීම දිවයින කුසලාන අතිරේකයෙනි

ThePapare.com නැවත පිටපත් කිරීම – චමල් රණසිංහ

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<