තමා නිරත වන ක්‍රීඩාවේ විශිෂ්ටයින් ලෙස හඳුන්වා දිය හැකි ජාතික මලල ක්‍රීඩා වාර්තා හිමිකරුවන් සහ හිමිකාරිනියන් සුවිශේෂී වන්නේ ඔවුන් ශ්‍රී ලංකාවේ අනෙක් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ළඟා වීමට නොහැකි වූ කඩඉම් කරා ළඟා වීමට සමත්ව ඇති හෙයිනි.
ශ්‍රී ලංකාව ඔලිම්පික් පදක්කම් දෙකකට සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ පදක්කම් දෙකකට හිමිකම් කියන අතර තවත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම ජාත්‍යන්තර තලයේ දී පදක්කම් දිනා ගනිමින් ශ්‍රී ලංකා ධජය ඉහළින් රඳවා තබන්නට සමත්ව ඇත. තවත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම ශ්‍රී ලංකාවෙන් පිටත දී ඔවුන්ගේ පෞද්ගලික හොඳම දක්‍ෂතාවය වාර්තා කර ගනිමින් ජාතික වාර්තාව ද තම නම ඉදිරියේ සටහන් කර ගන්නට සමත්ව ඇත.
මලල ක්‍රීඩාවේ ප්‍රගමනය ගැන සභාපතිගේ විශ්වාසය
90 දශකය තුළ දී ස්වර්ණමය යුගයක් පසු කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් නම් කිසිසේත් අඩු වී නැත..
ශ්‍රී ලාංකිකයෙකු තබා ඇති පැරණිම ජාතික වාර්තාවට හිමිකම් කියන්නේ එස්. එල්. බී. රෝසා ය. දිගු දුර ධාවන ශූරයෙක් වන ඔහු මීට වසර 42කට පෙර එනම් 1975 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදයේ ඇකන්සස් නුවර දී මීටර 10,000 ධාවන ඉසව්වේ දී මිනිත්තු 29:18.0ක කාලයක් වාර්තා කර ගනිමින් එම ජාතික වාර්තාව පිහිටුවනු ලැබීය. එමෙන්ම අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ 2015 වසරේ දී පැවති ලන්ඩන් මැරතන් ධාවන තරගාවලියේ දී මැරතන් ධාවන ඉසව්ව වෙනුවෙන් පැවති ශ්‍රී ලංකා ජාතික වාර්තාව අලුත් කරන්නට පෙර එම ඉසව්වේ ද වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ රෝසා වන අතර එහි දී අනුරාධ බිඳ දැමුවේ වසර 40 කට පෙර ඔහු තබා තිබූ වාර්තාවයි.
ශ්‍රී ලංකා කාන්තා ඉසව්වක තබා ඇති පැරණිතම වාර්තාවට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම කඩුලු මතින් දිවීමේ ක්‍රීඩිකාව ලෙස සැලකෙන ශ්‍රියානි කුලවංස ය. ඇය 1996 වසරේ දී ඇට්ලන්ටා හිදී මීටර 100 කඩුලු මතින් දිවීමේ ඉසව්ව සඳහා තත්පර 12.91ක කාලයක් වාර්තා කර ගනිමින් එම ඉසව්වේ ජාතික වාර්තාව පිහිටු වනු ලැබීය.
ජාතික මලල ක්‍රීඩා වාර්තා
2017 අගෝස්තු මස 30 වන දිනට
පිරිමි | |||||
මීටර 100 | 10.28 | ඩබ්. කේ. හිමාෂ එෂාන් | ගුවහාටි | 09.02.2016 | |
10.26 nw | ඩබ්. කේ. හිමාෂ එෂාන් | ගුවහාටි | 08.02.2016 | ||
මීටර 200 | 20.69 | ආර්. ඒ එස්. තිලකරත්න | බැංකොක් | 17.12.1998 | |
මීටර 400 | 44.61 | ආර්. ඒ එස්. තිලකරත්න | ෆුකුවෝකා | 20.07.1998 | |
මීටර 800 | 01:47.6 | රංජිත් සුබසිංහ | ඩකා | 25.12.1993 | |
මීටර 1500 | 03:39.6 | ඩබ්. එම්. සී. විජේකෝන් | ඩේගු | 30.08.2011 | |
මීටර 5000 | 14:08.5 | කේ. ඒ. සන්දිරස් | කොළඹ | 20.02.2004 | |
මීටර 10000 | 29:18.0 | එස්. එල්. බී. රෝසා | ඇකන්සස් නුවර | 13.05.1975 | |
මැරතන් | 2:13:47 | අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ | ලන්ඩන් | 26.04.2015 | |
මීටර 3000 බාධක දිවීම | 08:45.5 | ජී. එස්. පී. මෙන්ඩිස් | කොළඹ | 28.06.1998 | |
මීටර 110 කඩුලු මතින් දිවීම | 14 | මහේෂ් පෙරේරා | ක්ලුඈන්ග් | 14.09.1997 | |
මීටර 400 කඩුලු මතින් දිවීම | 49.44 | එච්. ඒ. ආර්. රත්නායක | ජකර්තා | 31.08.2000 | |
උස පැනීම’ | 2.27 | ඩබ්. පී. මංජුල කුමාර | කොළඹ | 23.07.2004 | |
2.27 | ඩබ්. පී. මංජුල කුමාර | ඉන්චියොන් | 04.09.2005 | ||
රිටි පැනීම | 5.11 * | එම්. එච්. ඉෂාර සඳරුවන් | දියගම | 01.06.2017 | |
දුර පැනීම | 8.15 | ඩබ්. පී. අමිල ජයසිරි | දියගම | 16.08.2016 | |
තුන් පිම්ම | 16.37 | එරංග දිනේෂ් ප්‍රනාන්දු | කොළඹ | 10.11.2012 | |
යගුලිය විසිකිරීම | 17.55 * | චරිත් කපුකොටුව | දියගම | 01.06.2017 | |
කවපෙත්ත විසිකිරීම | 53.52 | කේ. ජී. යූ. පී. ජයවර්ධන | කොළඹ | 23.09.2006 | |
53.52 | කේ. ජී. යූ. පී. ජයවර්ධන | ගුවහාටි | 10.02.2016 | ||
මිටිය විසිකිරීම | 52.53 | චරිත් කපුකොටුව | පෙබ්ලෝ | 01.05.2015 | |
හෙල්ල විසිකිරීම | 83.04 | සුමේධ රණසිංහ | දියගම | 03.12.2015 | |
දසප්‍රයාම | 6919 * | අජිත් කුමාර කරුණාතිලක | බැංකොක් | 14/15.06.2017 | |
11.12,6.93,9.85,1.72,50.47 | |||||
15.03,32.61,4.70,53.00,4:45.81 | |||||
මීටර 4X100 සහාය දිවීම | 39.38 | ජාතික කණ්ඩායම | වුහාන් | 04.06.2015 | |
ඩබ්. කේ. හිමාෂ එෂාන් | |||||
විනොජ් සුරංජය ද සිල්වා | |||||
ඒ. එල්. එම්. අෂ්රෆු | |||||
ෂෙහාන් අඹේපිටිය | |||||
මීටර 4X400 සහාය දිවීම | 03:02.7 | ජාතික කණ්ඩායම | ජකර්තා | 31.08.2000 | |
මනුර ලංකා පෙරේරා | |||||
වී. රත්න කුමාර | |||||
රංග විමලවංස | |||||
රොහාන් ප්‍රදීප් කුමාර |
ජාතික මලල ක්‍රීඩා වාර්තා
2017 අගෝස්තු මස 30 වන දිනට
කාන්තා | |||||
මීටර 100 | 11.04 | එම්. සුසන්තිකා ජයසිංහ | යොකොහාමා | 09.09.2000 | |
මීටර 200 | 22.28 | එම්. සුසන්තිකා ජයසිංහ | සිඩ්නි | 28.09.2000 | |
මීටර 400 | 51.05 | කේ. වී. දමයන්ති දර්ෂා | ජකර්තා | 30.08.2000 | |
මීටර 800 | 2;02.55 | ගයන්තිකා අබේරත්න | දියගම | 09.04.2017 | |
මීටර 1500 | 04;16.40 | එන්. එම්. සී. දිල්රුක්ෂි | කොළඹ | 15.11.2012 | |
මීටර 5000 | 16;21.18 | සුජීවා නිල්මිණී ජයසේන | කොළඹ | 25.07.2003 | |
මීටර 10000 | 33;57.96 | සුජීවා නිල්මිණී ජයසේන | කොළඹ | 26.07.2003 | |
මැරතන් | 2:40:07 | ගීතානි රාජසේකර | හොං කොං | 25.01.2015 | |
මීටර 3000 බාධක දිවීම | 10;03.94 | යූ. කේ. එන්. රත්නායක | දියගම | 09.04.2017 | |
මීටර 110 කඩුලු මතින් දිවීම | 12.91 | එම්. ඒ. ශ්‍රියානි කුලවංස | ඇට්ලන්ටා | 29.07.1996 | |
මීටර 400 කඩුලු මතින් දිවීම | 56.45 | ක්‍රිස්ටීන් සොනාලි මෙරිල් | චුල විස්ටා, ඇමෙරිකා එක්සත් ජනපදය | 08.06.2013 | |
උස පැනීම’ | 1.85 | ආර්. කේ. ඒ. පී. මදුවන්ති | කෝචි | 08.03.2008 | |
රිටි පැනීම | 3.46 * | අනිත්තා ජෙගතීස්වරන් | දියගම | 01.06.2017 | |
දුර පැනීම | 6.43 | එන්. සී. ඩී. ප්‍රියදර්ෂනී | දියගම | 19.12.2015 | |
තුන් පිම්ම | 13.64 | එච්. ඩී.විදූෂා ලක්ෂානි | දියගම | 09.04.2017 | |
යගුලිය විසිකිරීම | 15.25 | ටී. කුමුදුමලී ප්‍රනාන්දු | යාපනය | 30.09.2016 | |
කවපෙත්ත විසිකිරීම | 47.50 | බී. එල්. පී. එන්. විජේසුන්දර | කොළඹ | 25.08.2006 | |
මිටිය විසිකිරීම | 48.08* | අයේෂා මදුවන්ති | බැංකොක් | 14.06.2017 | |
හෙල්ල විසිකිරීම | 60.64 | බී. එල්. නදීකා ලක්මාලි | කොළඹ | 18.07.2013 | |
දසප්‍රයාම | 4615 | ඩබ්. වී. එල්. සුගන්දි | දියගම | 14/15.08.2016 | |
මීටර 4X100 සහාය දිවීම
|
43.89 | ජාතික කණ්ඩායම | එඩ්මන්ටන් | 11.08.2001 | |
එම්. සුසන්තිකා ජයසිංහ | |||||
අනෝමා සූරියආරච්චි | |||||
එස්. නිම්මි ද සොයිසා | |||||
කේ. වී. දමයන්ති දර්ෂා | |||||
මීටර 4X400 සහාය දිවීම | 03;35.42 | ජාතික කණ්ඩායම | කත්මණ්ඩු | 29.09.1999 | |
එස්. නිම්මි ද සොයිසා | |||||
ස්වර්ණමාලී එදිරිසිංහ | |||||
බී. ජී. චන්ද්‍රලතා | |||||
කේ. වී. දමයන්ති දර්ෂා | |||||
කි. මී. 20 ඇවිදීම | 1:39:12 | ජී. ජී. නන්දනී | කොළඹ | 11.02.2006 |
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<