සනත් ජයසූරිය ප්‍රමුඛ ක්‍රිකට් තේරීම් කමිටුව අද (29) තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත යවා තිබේ.

ශ්‍රී ලංකාව සහ ලෝක කණ්ඩායම අතර තරගය කල් යයි

ශ්‍රී ලංකාව සහ ලෝක කණ්ඩායම අතර ආධාර මුදල් එක්රැස් කිරීමේ අරමුණින් එළඹෙන සැප්තැම්බර් මස 08 වන දින…

ලිපිවල සඳහන් පරිදි ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලිය අවසානයේ දී මොවුන් තම ධූරවලින් ඉවත්වන බව වාර්තා වේ. 2015 ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමෙන් පසුවද තනතුරෙන් ඉල්ලා අස්වූ සනත් ජයසූරිය මහතා 2016 මැයි 1 වැනිදා නැවතත් එම ධූරය වෙත පැමිණි අතර මෙම වසර අවසාන වන තෙක් ඔහුගේ ධූරකාලය බලපැවැත්විණි.

අවසන් වූ මාස 15ක කාලය මුළුල්ලේ සිදු කළ 40කට අධික ක්‍රීඩක මාරුවීම් සඳහා තේරීම් කමිටුව වෙත දැඩි දෝෂාරෝපණයක් එල්ල විය. කමිටුවට ඇතුළත් වූයේ ප්‍රවේගකාරී පිතිකරුවෙකු වූ සනත් ජයසූරිය, දක්ෂ කඩුලු රකින්නෙකු වූ රොමේෂ් කළුවිතාරණ, කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ, දඟ පන්දු යවන්නෙකු වූ රන්ජිත් මදුරසිංහ සහ වේගපන්දු යවන්නෙකු වූ එරික් උපශාන්ත යන මහත්වරුන්ය.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට