කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
හරසර මැද පැරා ක්‍රීඩකයෝ ලංකාවට
එංගලන්තයේ ලන්ඩන් නුවර දී පැවති ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (25) පස්වරුවේ දිවයිනට ළඟා විය.
ඒ අනුව එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ තූර්ය වාදන ඛණ්ඩය පෙරටු කරගෙන ඔවුන්ව කැඳවාගෙන එන ලදි.
මෙම තරගාවලියේ දී පිරිමි හෙල්ල විසිකිරීමේ G46 ඉසව්ව සඳහා සහභාගී වූ දිනේෂ් ප්‍රියදර්ශන හේරත් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ඔහු තරගයේ සිය 4 වෙනි උත්සාහයේ දී මීටර 57.93ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම තහවුරු කර ගැනීමට සමත් වූ අතර මෙය ඔහු ජාත්‍යන්තර තරගාවලියක ලබාගත් දෙවන පදක්කම වේ. ඔහු පසුගිය වසරේ දී පැවති පැරා ඔලිම්පික් තරගාවලියේ දී ද මෙම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූයේ පැරා ඔලිම්පික් තරගාවලියක දී පදක්කමක් ජයග්‍රහණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමිනි.
සම්පූර්ණ වාර්තාව: රිදී පදක්කමක් සමඟින් පැරා මලල ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට
තියුණු තරගයකින් ලංකාව පරාජය වේ
19 වන වරට පැවැත්වෙන ආසියානු වොලිබෝල් ශූරතා තරගාවලිය මෙම දිනවල දී ඉන්දුනීසියාවේ සුරබයා නුවර දී පැවැත්වෙන අතර ඊට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරග 2, A කාණ්ඩය යටතේ ජපානය සහ දකුණු කොරියාව සමඟ පැවති අතර තියුණු තරගයකින් අනතුරුව එම තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය පසුගිය වසරේ ශූරතාවය දිනාගත් ලෝක ශ්‍රේණිගත කිරීම් වල 14 වෙනි ස්ථානයේ පසුවන ප්‍රබල ජපාන කණ්ඩායමට එරෙහිව පැවති අතර එම තරගය තරග වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය. තරගයේ ලකුණු තත්වය දැක්වුණේ 25-17 ක්, 25-16 ක් සහ 25-17 ක් වශයෙනි.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාව පළමු තරග දෙකම පරාජය වෙයි.