ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන “2017 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ” දෙවැනි දිනය සාර්ථකව අවසන් වූයේ, නව තරග වාර්තා කිහිපයක්ම බිහි කරමිනි. ඒ අතරින් අවුරුදු 20න් පහළ බාලක රිටි පැනීමේ ජාතික කනිෂ්ඨ තරග වාර්තාව සම කිරීම ඊයේ දිනයේ දක්නට ලැබුණු කැපී පෙනෙන සිදුවීම විය.
බාධක දිවීමෙන් අස්මිකා කෙන්යා යන්න සුදුසුකම් ලබා ගනි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරනු ලබන “2017 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය” මේ මස 23 සිට 26 දක්වා..
වාර්තා වූ අනෙක් වාර්තාවන් අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 400 සහ අවුරුදු 23න් පහළ බාලක උස පැනීම යන ඉසව් වලින් බිහි විය.
තරගාවලිය අප්‍රේල් මස 23 සිට 26 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
අවුරුදු 20න් පහළ බාලක රිටි පැනීම
මෙම තරග ඉසව්වෙන් අලවෙඩ්ඩි අරුණෝදය විද්‍යාලයේ කේ. නැප්තලි ජෝයිසන් තමා විසින්ම මීට පෙර පිහිටුවා තිබූ ජාතික කනිෂ්ඨ වාර්තාව යලිත් සම කිරීමට සමත් විය. පසුගිය වසරේ මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී මීටර් 4.61ක් දුරක් පනිමින් ජාතික කනිෂ්ඨ වාර්තාවක් පිහිට වූ අතර ඊයේ යලිත් වරක් ඔහු විසින් එම දක්ෂතාවයම ප්‍රදර්ශනය කරන්නට සමත් විය.
පළමු ස්ථානය | කේ. නැප්තලි ජෝයිසන් | අරුණෝදය විද්‍යාලය අලවෙඩ්ඩි | 4.61 |
දෙවන ස්ථානය | එස්. දිලක්ශාන් | මහජන විද්‍යාලය තෙලිප්පලයි | 4.20 |
තෙවන ස්ථානය | කේ. එස්. කේ. පෙරේරා | සාන්ත බෙනඩික් විද්‍යාලය | 3.90 |
අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 400
අඹගමුව ම. ම. විද්‍යාලයේ ඩී. එම්. යමාලී දුලංජලි ක්‍රීඩිකාව 1:01.68ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් ඊයේ දිනය තුල වාර්තා වූ දෙවන තරග වාර්තාවේ උරුමකාරිය බවට පත්විය.
පළමු ස්ථානය | ඩී. එම්. යමාලී දුලංජලි | අඹගමුව ම. ම. විද්‍යාලය | 1:01.68 |
දෙවන ස්ථානය | ඩී. ටී. ඒ. ද සිල්වා | ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය මහනුවර | 1:05.47 |
තෙවන ස්ථානය | කේ. එම්. එම්. ඩි. සාධනා | කුලියාපිටිය ම.ම.විද්‍යාලය | 1:07.04 |
අවුරුදු 23න් පහළ බාලක දුර පැනීම
මීටර් 7.83ක දුරක් පනිමින් දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ එල්. ජී. ධනංජය ඊයේ වාර්තා වූ අවසන් නව තරග වාර්තාව සිය නමට ඉදිරියෙන් ලියා ගැනීමට සමත් විය.
පළමු ස්ථානය | එල්.ජී. ධනංජය | ශ්‍රී ලංකා යුද හමුදාව | 7.83 |
දෙවන ස්ථානය | කේ.කේ.එම්.කේ. කරුණාසේකර | ශ්‍රී ලංකා යුද හමුදාව | 7:49 |
තෙවන ස්ථානය | ජී.එම්.ටී.යු.කේ. ජයසිංහ | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 7:20 |
අවුරුදු 20න් පහළ බාලක මීටර් 10000 ඇවිදීම
පළමු ස්ථානය | ඩබ්. ඩී. එම්. ආර්. අබේරත්න | පිළිමතලාව ම. ම. වි. මහනුවර | 57:18.05 |
දෙවන ස්ථානය | ඩබ්. එම්. පී. මෙනුරන් | අම්බදෙණිය ම. ම. විද්‍යාලය | 01:02.49.58 |
තෙවන ස්ථානය | බී. සී. ජේ. බණ්ඩාර | පිළිමතලාව ම. ම. වි. මහනුවර | 01:04:33:14 |
අවුරුදු 23න් පහළ බාලක මීටර් 10000 ඇවිදීම
පළමු ස්ථානය | ආර්. ඒ. එස්. සී. රත්නායක | ශ්‍රී ලංකා යුද හමුදාව | 53:31.71 |
දෙවන ස්ථානය | ඩබ්. එම්. ආර්. සී. වැලිකුඹුර | ශ්‍රී ලංකා යුද හමුදාව | 55.34.56 |
තෙවන ස්ථානය | ඕ. එල්. එන්. චාමර | ශ්‍රී ලංකා යුද හමුදාව | 56:41.97 |
අවුරුදු 23 න් පහළ බාලක රිටි පැනීම
පළමු ස්ථානය | ඒ. ඒ. එම්. ඩි. පී. අබේකෝන් | ශ්‍රී ලංකා යුද හමුදාව | 4.30 |
දෙවන ස්ථානය | පී. රිසොත් | මහජන විද්‍යාලය තෙලිප්පලයි | 4.10 |
තෙවන ස්ථානය | පී. එල්. එල්. සී. වීරරත්න | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 4.10 |
අවුරුදු 23න් පහළ බාලිකා දුර පැනීම
පළමු ස්ථානය | ඩබ්. එන්. ආර්. ප්‍රනාන්දු | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 5.37 |
දෙවන ස්ථානය | ඩි. පොන්නම්පෙරුම | ශ්‍රී. වී. වී. ක්‍රි. සංගමය | 4.41 |
තෙවන ස්ථානය | ජී. ඩි. එන්. නවරත්න | ශ්‍රී. වී. වී. ක්‍රි. සංගමය | 4.24 |
අවුරුදු 18න් පහළ බාලක කවපෙත්ත විසි කිරීම
පළමු ස්ථානය | ශවින් රුමෙෂ්ක | සාන්ත ජෝසප් විද්‍යාලය කොළඹ | 41.09 |
දෙවන ස්ථානය | කේ. එච්. මල්ලවාරච්චි | ඕ.කේ.අයි. ජාත්‍යන්තර පාසැල | 37.22 |
තෙවන ස්ථානය | එම්. ඩී. එම්. මෙත්මිණ | සාන්ත බෙනඩික් විද්‍යාලය | 36.78 |
අවුරුදු 23න් පහළ බාලක යගුලිය විසි කිරීම
පළමු ස්ථානය | එස්. එම්. ප්‍රනාන්දු | සාන්ත සෙබස්තියන් විද්‍යාලය මොරටුව | 12.90 |
දෙවන ස්ථානය | කේ. කේ. එස්. එස්. තමේල් | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 12.46 |
තෙවන ස්ථානය | එච්. ඩී. මහලියනගේ | රත්නපුර ඩි. ඒ. ඒ. | 11.59 |
අවුරුදු 18න් පහළ බාලිකා උස පැනීම
පළමු ස්ථානය | කේ. එස්. එම්. පෙරේරා | තක්ෂිලා ම.ම.වි. හොරණ | 1.57 |
දෙවන ස්ථානය | කේ. අමරසිංහ | ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය කොළඹ | 1.57 |
තෙවන ස්ථානය | සී. හෙරිනා | මහජන විද්‍යාලය තෙලිප්පලයි | 1.54 |
අවුරුදු 16න් පහළ බාලිකා හෙල්ල විසි කිරීම
පළමු ස්ථානය | ආර්. ඩි. හිමාෂා | කුලියාපිටිය ම.ම.වි. | 33.27 |
දෙවන ස්ථානය | ඩි. එම්. අයි. එච්. දිසානායක | ඒ. රත්නායක ම.ම.වි. වලල | 32.01 |
තෙවන ස්ථානය | එච්. ඒ. වී. එල්. කේ. හපුආරච්චි | සුමන බාලිකා විද්‍යාලය රත්නපුර | 30.33 |
අවුරුදු 20න් පහළ බාලිකා දුර පැනීම
පළමු ස්ථානය | කේ. කේ. ආර්. එන්. අබේරත්න | ධර්මාශෝක විද්‍යාලය අම්බලන්ගොඩ | 5.87 |
දෙවන ස්ථානය | පුර්නිමා ගුණරත්න | ලීඩා ජාත්‍යන්තර පාසැල පානදුර | 5.73 |
තෙවන ස්ථානය | එස්. ආර්. පී. එන්. මධුවන්ති | දන්කොටුව බාලිකා විද්‍යාලය | 5.64 |
අවුරුදු 20න් පහළ බාලක යගුලිය විසි කිරීම
පළමු ස්ථානය | එන්. පී. එල්. කේෂාන් | රත්නාලෝක ම. වි. | 13.52 |
දෙවන ස්ථානය | එච්. ආර්. ෂෙහාන් | රාජකීය විද්‍යාලය පානදුර | 13.22 |
තෙවන ස්ථානය | ඩි. එස්. හපුආරච්චි | ශ්‍රීපාලි විද්‍යාලය හොරණ | 13.18 |
අවුරුදු 16න් පහළ බාලක හෙල්ල විසි කිරීම
පළමු ස්ථානය | එම්. ටී. ක්‍රිෂ්මාල් | සාන්ත මරියා විද්‍යාලය හලාවත | 51.53 |
දෙවන ස්ථානය | එම්. ඒ. නිදුෂික | සාන්ත මරියා විද්‍යාලය හලාවත | 50.09 |
තෙවන ස්ථානය | කේ. එන්. තරුෂණ | ජෝශප් වාස් විද්‍යාලය වෙන්නපුව | 49.72 |
අවුරුදු 16න් පහළ බාලක උස පැනීම
පළමු ස්ථානය | දිනුර ජයලත් | සාන්ත පීතර විද්‍යාලය කොළඹ | 1.90 |
දෙවන ස්ථානය | එන්. එස්. අමන්ත | විජිත ම.ම.වි. | 1.87 |
තෙවන ස්ථානය | එස්. ආර්. දුල්මින් | සාන්ත මරියා විද්‍යාලය හලාවත | 1.84 |
අවුරුදු 20න් පහළ බාලිකා යගුලිය විසි කිරීම
පළමු ස්ථානය | එච්. ජී. සී. රසංගනී | මහාමාත්‍ය විද්‍යාලය බිබිල | 10.08 |
දෙවන ස්ථානය | එම්. පී. බී. ආසිරි | සුමන බාලිකා විද්‍යාලය රත්නපුර | 8.90 |
තෙවන ස්ථානය | එච්. එම්. එල්. කේ. බී. සේනාරත්න | නාගොල්ලාගම ම.ම.වි. මහව | 8.80 |
අවුරුදු 23න් පහළ බාලිකා කවපෙත්ත විසි කිරීම
පළමු ස්ථානය | ඒ. ජී. වී. වී. ලක්මාලි | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 38.21 |
දෙවන ස්ථානය | ජේ. ඒ. ජී. ඒ. මධුභාශනී | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 31.37 |
තෙවන ස්ථානය | ඒ. ජී. එච්. ඩී. අල්විස් | ගම්පහ ඩි. ඒ. ඒ. | 28.25 |
අවුරුදු 18න් පහළ බාලිකා මීටර් 400
පළමු ස්ථානය | එස්. ඒ. කේ. තත්සරණි | අඹගමුව ම.ම.වි. | 1:07.29 |
දෙවන ස්ථානය | කේ. ජී. එම්. එෆ්. කොමෙස්ටර් | ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය වෙන්නපුව | 1:08.03 |
තෙවන ස්ථානය | කේ. එම්. පී. ඩබ්. එම්. ප්‍රනාන්දු | කුලියාපිටිය ම.ම.වි. | 1:08.16 |
අවුරුදු 23න් පහළ බාලිකා මීටර් 400
පළමු ස්ථානය | ඊ. පී. කේ. මධුෂානි | ශ්‍රී ලංකා යුද හමුදාව | 1:02.02 |
දෙවන ස්ථානය | ඒ. පී. එම්. එස්. කේ. අභයරත්න | කෑගල්ල ඩි.ඒ.ඒ. | 1:03:08 |
තෙවන ස්ථානය | ඩබ්. ඒ. එස්. දිල්රුක්ෂි | ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 1:06.23 |
අවුරුදු 18න් පහළ බාලක මීටර් 400
පළමු ස්ථානය | එස්. එච්. එන්. සංකල්ප | මහින්ද විද්‍යාලය ගාල්ල | 53.72 |
දෙවන ස්ථානය | ෂෙහාන් කාරියවසම් | සාන්ත ජෝශප් විද්‍යාලය කොළඹ | 55.50 |
තෙවන ස්ථානය | අකිල ප්‍රවීන් | මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය මීගමුව | 56.14 |
තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල පිටුවට