කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ක්‍රිකට්
ආනන්ද – රිච්මන්ඩ් අවසන් තරගයට
සිංගර් කුසලානය උදෙසා පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරඟ 07 වැනිදා ආරම්භ වූ අතර, එම තරඟ දෙකෙන් කොළඹ ආනන්ද විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම ජයග්‍රහණය කර, අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.
සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 211 (පන්දුවාර 71.3): ශිවාන් පෙරේරා 68, රන්මිත් ජයසේන 43, මනෙල්කාර් ද සිල්වා 26, සන්තුෂ් ගුණතිලක 20, අසේල් සිගේරා 3/36, ශම්මු අශාන් 2/17, චාමික ගුණසේකර 2/35
ආනන්ද විද්‍යාලය පළමු ඉනිම – ලකුණු 223 / 09 dec (පන්දුවාර 72.5): කමේෂ් නිර්මාල් 52, අසේල සිගේරා 43, සුපුන් වරාගොඩ 33, ලහිරු හිරන්‍ය 26, සහන් සුරවීර 24, කලණ විජේසිරි 20, සන්තුෂ් ගුණතිලක 4/47, මනෙල්කාර් ද සිල්වා 3/67
තර්ස්ටන් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 289 (පන්දුවාර 97): නිපුන් ලක්ෂාන් 77, පවන් ප්‍රභාෂ් 73*, යෙශාන් වික්‍රමාරච්චි 47, ප්‍රගීෂ මෙන්ඩිස් 22, අවිඳු තීක්ෂණ 5/78, සඳුන් මෙන්ඩිස් 4/72.
රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම – ලකුණු 292/9 dec (පන්දුවාර 81.3): ආධිත්‍යය සිරිවර්ධන 112, තවීෂ අභිෂේක් 42, ධනංජය ලක්ෂාන් 32, සඳුන් මෙන්ඩිස් 29, කසුන් තාරක 25, තුශාල් ආධිත්‍යය 4/111, නවීන් ගුණවර්ධන 3/63
සම්පූර්ණ ලිපිය: රිච්මන්ඩ් හා ආනන්ද අවසන් මහා තරගයට
නිපුන් රංසිකගෙන් කඩුලු 3ක්
ශ්‍රී ලංකා යොවුන් පිළේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය අරඹමින් ඊයේ (08) හෝබාර්ට් ටෙස්ට් තරගයේ ප්‍රථම දිනය ක්‍රියාත්මක විය. තරගයේ මුල් පැය ඇතුළත ශ්‍රී ලංකා පිළ යම් තරමක් ඉදිරියට පැමිණීමට සමත් වූවත් ඕස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරුවන්ගේ සාර්ථකත්වයත් සමග තරගයේ පාලනය ශ්‍රී ලංකා පිළෙන් ගිලිහී ගියේය.
ඕස්ට්‍රේලියානු යොවුන් පිළ – කඩුලු 6ක් දැවී ලකුණු 309 (පන්දුවාර 79.3): ජැක් එඩ්වඩ්ස් 106, ජොනතන් මර්ලෝ 100*, ජේසන් සංගා 41, රයන් හැක්නි 17, පරාම් උප්පාල් 15, නිපුන් රංසික 3/46, ජෙහාන් ඩැනියෙල් 1/34.
ශ්‍රී ලංකා යොවුන් පිළ – එක් කඩුල්ලක් දැවී ලකුණු 38 (පන්දුවාර 8): ලසිත් කෲස්පුල්ලේ 14, හසිත බෝයගොඩ 8*, විශ්ව චතුරංග 7*, රයන් හැඩ්ලි 1/12.
සම්පූර්ණ ලිපිය: රංසිකගේ සාර්ථකත්වයට ඕස්ට්‍රේලියානු මැදපෙළ වැට බඳියි
සාන්ත ජෝසප් විද්‍යාලයට දැවැන්ත ජයක්
සිංගර් පාසල් රග්බි ලීගයේ ප්‍රථම අදියරේ අවසන් තරග ත්‍රිත්ව ඊයේ පැවැත්විය. එම තරග අතරින් රාජකීය විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් විය.
රාජකීය විද්‍යාලය ඊයේ ඔවුන්ගේ ක්‍රීඩා පිටියේ දී තරග වැඳුණේ සාන්ත අන්තෝනි විද්‍යාලය සමඟිනි. එම තරගයෙන් 48-35ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට රාජකීයයෝ සමත් වූහ.
පැවති දෙවන තරගය ධර්මරාජ විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය අතර පැවතියේ නිත්තවෙල ක්‍රීඩාංගණයේ දීයි. එම තරගය නිමාව දුටුවේ 35-24ක් ලෙස ධර්මරාජයට ජය හිමිවෙමිනි.
සාන්ත ජෝසප් විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තරගය නිමා වූයේ 72-10ක් ලෙසයි. තරගය වැලිසර දී පැවැත්විය.
සම්පූර්ණ වාර්තාව බලාපොරොත්තු වන්න
ජයග්‍රහණය කොළඹ සමාජයට
සිටි ලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ කොළඹ සිටි ලීග් ක්‍රීඩා පිටියේ දී පැවති අතර එම තරගයෙන් ජාවා ලේන් ක්‍රීඩකයින් පරාජය කරමින් කොළඹ ක්‍රීඩා සමාජය ජයග්‍රහණය වාර්තා කළේ 04-03ක් ලෙස දඬුවම් පහර අවස්ථාවකිනි.
.
- ප්‍රථම අර්ධය: ජාවා ලේන් 01 -00 කොළඹ පාපන්දු සමාජය
- දෙවන අර්ධය: ජාවා ලේන් 01 -01 කොළඹ පාපන්දු සමාජය
- අවසන් ලකුණු තත්වය: ජාවා ලේන් 01 (03) -01 (04) කොළඹ පාපන්දු සමාජය
- ThePapare.com තරගයේ වීරයා: සර්වාන් ජොහාර්
සම්පූර්ණ වාර්තාව: ජාවා ලේන් අඩපණ කළ සර්වාන් කොළඹට ජය ගෙනෙයි
අනිත්තාගේ වාර්තාව අලුත් වේ
ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මෙම වර්ෂය තීරණාත්මක වසරක් වී තිබෙන්නේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මලල ක්‍රීඩා තරගාවලීන් හේතුවෙනි. එහෙයින් පැවැත්වීමට නියමිත මලල ක්‍රීඩා තරග ඉලක්ක කර ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ මූලික වටයේ තරග ඊයේ (08) සහ අද (09) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
.
සම්පූර්ණ වාර්තාව: වාර්තා අලුත් වෙමින් ප්‍රථම දිනය නිමා වෙයි