කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
ක්‍රිකට් –
ඉසිපතනය හමුවේ තර්ස්ටන් ජය ගනී

මීට දින කිහිපයකට පෙර විද්‍යාල දෙක අතර පැවති 54 වැනි සහෝදරයින්ගේ ටෙස්ට් ක්‍රිකට් සටනේ දී ජයග්‍රහණය ආසන්නයට පැමිණිය ද කාලය ඊට හරස් වීම නිසා බලාපොරොත්තු කඩ කර ගත් තර්ස්ටන් විද්‍යාලය අද දිනයේ දී තම අරමුණ සාක්ෂාත් කර ගැනීමට සමත් විය. ඒ ප්‍රතිවාදී ඉසිපතන විද්‍යාලයට එරෙහිව ලකුණු 164ක වාර්තාගත ජයක් ලබා ගනිමිනි.
කොළඹ තර්ස්ටන් විද්‍යාලය – කඩුලු 7ක් දැවී ලකුණු 367 (පන්දුවාර 50): චරණ නානායක්කාර 83, ඉමේෂ් විරංග 80, යෙශාන් වික්‍රමාරච්චි 78, කසුන් අබේරත්න 40, නවෝද් සමරකෝන් 23, ලහිරු ඩිල්ශාන් 4/66, මධුශික සඳරුවන් 2/48.
කොළඹ ඉසිපතන විද්‍යාලය – කඩුලු 9ක් දැවී ලකුණු 203 (පන්දුවාර 50): සංජුල අබේවික්‍රම 72, පැතුම් නිස්සංක 35, නෙරංජන් වික්‍රමාරච්චි 28*, සවන් ප්‍රභාෂ් 3/26, චරණ නානායක්කාර 2/44.
සම්පූර්ණ තරග වාර්තාව: එක්දින සටනින් තර්ස්ටන් විද්‍යාලයට වාර්තා ගත ජයග්‍රහණයක්
සුලෝහිත සටන ජය පරාජයෙන් තොරයි

කොළඹ නාලන්ද විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 144 (පන්දුවාර 51.5): සුහඟ විජේවර්ධන 37, මධුශාන් හසරංග 31, අවිශ්ක පෙරේරා 26, කසුන් සඳරුවන් 19, කවිශ්ක අන්ජුල 3/37, චාමිකර ගුණසේකර 2/23, සුපුන් වරාගොඩ 2/26.
කොළඹ ආනන්ද විද්‍යාලය – කඩුලු 8ක් දැවී ලකුණු 190 (පන්දුවාර 47): ශම්මු අශාන් 67, දුශාන් හෙට්ටිගේ 37, කමේෂ් නිර්මාල් 27, කවිශ්ක අන්ජුල 25, කළණ පෙරේරා 3/35, අසේල් කුලතුංග 3/47, මාලිංග අමරසිංහ 2/47.
කොළඹ නාලන්ද විද්‍යාලය (දෙවන ඉනිම) – කඩුලු 5ක් දැවී ලකුණු 280 (පන්දුවාර 86): ලක්ෂිත රසාංජන 113*, කසුන් සඳරුවන් 50*, දසුන් සෙනවිරත්න 39, කවිශ්ක අන්ජුල 2/28, ශම්මු අශාන් 1/36.
සවිස්තර තරග වාර්තාව: රසාංජනගේ ශතකය නිසා සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරයි
ජයග්‍රහණය රාජකීයයන්ට

තරගය ආරම්භයේ සිටම රාජකීයයන් පෙරමුණේ පසු වූ අතර ප්‍රථම අර්ධය නිමාව දුටුවේ 17-03ක් ලෙස රාජකීයයන් ඉදිරියෙන් තබමිනි. කෙසේ වෙතත් තරගයේ සම්පූර්ණ කාලය නිමා වන විට සාන්ත පීතර විදුහල 10ක් දක්වා ලකුණු පුවරුව ඉහල දමා ගත් නමුත් ඒ වන විටත් ජයග්‍රහණය රාජකීයයන් සතු වී තිබුණි.
- ප්‍රථම අර්ධය: රාජකීය විද්‍යාලය 17 – 03 සාන්ත පීතර විද්‍යාලය
- අවසන් ලකුණු: රාජකීය විද්‍යාලය 17 – 10 සාන්ත පීතර විද්‍යාලය
- ThePapare.com තරගයේ වීරයා: ජනිදු ඩිල්ෂාන් (රාජකීය විදුහල)





















