ගෙවුනු දවස ජනවාරි 30 – තරග පාවාදීමක් ගැන විමර්ශණ

845

කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.

ක්‍රිකට් –

වේල්ස් කුමරුවන්ට අසාධ්‍යයි

Sri Lanka Sports News last day summary 30th Januaryවර්ෂාවෙන් එල්ල වන බාධා හමුවේ නොසැලී පැවැත්වෙන සිංගර් අන්තර් පාසල් පළමු පෙල ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් ඊයේ (30) ආරම්භ විය. දිනය තුල කැපීපෙනෙන දස්කම් දැක්වීමට වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ එරංග මදුෂාන් සමත් වූ අතර , ඔහු ලකුණු 59ක් ලබා ගැනීමට සමත් විය.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 191 (පන්දුවාර 66.5): එරංග මදුෂාන් 59, අවිශ්ක තරිදු 33, රුක්ෂාන් රොද්‍රිගෝ 22, අසේල කුලතුංග 4/34, ලක්ෂිත රසාංජන 2/38, දසුන් සෙනෙවිරත්න 2/30

කොළඹ නාලන්ද විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – එක් කඩුල්ලක් දැවී ලකුණු 27 (පන්දුවාර 9):

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 9ක් දැවී ලකුණු 94 (පන්දුවාර 58.2): අවිදු ප්‍රනාන්දු 27, විමුක්ති කුලතුංග 4/31, තානුක දාබරේ 3/17

සවිස්තර වාර්තාව: සාන්ත අන්තෝනි විද්‍යාලයට එරංගගෙන් අර්ධ ශතකයක්


කඩුලු 10ක පරාජයක් යුධ හමදාවට

Sri Lanka Sports News last day summary 30th Januaryශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධාන ශක්තියෙන් පැවැත්වෙන දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තම තරගාවලිය වන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් තරග 3ක් ඊයේ (30) ක්‍රියාත්මක විය. එහිදී යුධ හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 10කින් පරාජය කළ SSC කණ්ඩායම තරගාවලි ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ වැජඹෙන්නට සමත්ව සිටියි.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 228 (පන්දුවාර 67.3): දිල්හාන් ද සොයිසා 74, සීක්කුගේ ප්‍රසන්න 40, දුශාන් විමුක්ති 31, කසුන් මධුශංක 3/29, දසුන් ශානක 2/41, සචිත්‍ර සේනානායක 4/43.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 323 (පන්දුවාර 81.5): දසුන් ශානක 91, චරිත් අසලංක 50, රමේෂ් මෙන්ඩිස් 31*, කවිඳු කුලසේකර 30, මිනෝද් භානුක 28, සචිත්‍ර සේනානායක 31*, සීක්කුගේ ප්‍රසන්න 3/84, දුශාන් විමුක්ති 2/35, කේ. වයි. එන්. මෙන්ඩිස් 2/58, නුවන් ලියනපතිරණ 2/76.

යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 106 (පන්දුවාර 37.3): සීක්කුගේ ප්‍රසන්න 38, කසුන් ද සිල්වා 23, විමුක්ති පෙරේරා 4/16, දසුන් ශානක 3/21, තරිඳු රත්නායක 2/24.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 200 (පන්දුවාර 49): අනුක් ප්‍රනාන්දු 43, ලහිරු උදාර 40, තිමිර ජයසිංහ 34, හෂාන් උපේන්ද්‍ර 30, ලහිරු ගමගේ 4/52, උස්මාන් ඉශාක් 2/51, වනිඳු හසරංග 2/33.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 293 (පන්දුවාර 78.2): රොන් චන්ද්‍රගුප්ත 108, වනිඳු හසරංග 59, රොෂාන් අනුරුද්ධ 29, රවීන් සේයර් 25, තරිඳු කෞෂාල් 4/71, ලසිත් ඇඹුල්දෙණිය 4/110.

NCC (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 332 (පන්දුවාර 85.3): ඇන්ජෙලෝ පෙරේරා 108, ජෙහාන් මුබාරක් 46, තිමිර ජයසිංහ 42, ෆර්වීස් මහරූෆ් 30, තරිඳු කෞෂාල් 22, අනුක් ප්‍රනාන්දු 22, උස්මාන් ඉශාක් 3/47, අශාන් ප්‍රියන්ජන් 2/42, ශාලුක සිල්වා 2/64.

කොළඹ ක්‍රිකට් සමාජය – එක් කඩුල්ලක් දැවී ලකුණු 60 (පන්දුවාර 25.1): රොන් චන්ද්‍රගුප්ත 26*, මාධව වර්ණපුර 20*.

සවිස්තර වාර්තාව: SSC පිළට දින තුනෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක්


තරග පාවාදීමක්?

Match-fixing allegations rock Sri Lanka Domestic Cricket translatedප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය නියෝජනය කරමින් කළුතර භෞතික සංස්කෘතික සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය අතර පැවති තරගයක් අතරතුරදී සිදුවූවා යැයි කියන තරග පාවාදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට පරීක්ෂණ ආරම්භ කොට තිබේ. ඒ වර්ෂාවෙන් බාධා වූ තරගයේ අවසන් දිනයේ පන්දුවාර 59ක් තුලදී කඩුලු 24කට ලකුණු 603ක් රැස්කර තිබීමෙන් අනතුරුවයි.

සවිස්තර වාර්තාව: ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් පිටියේ තරග පාවාදීමේ චෝදනාවක්

දිනයක අවසානය