කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
මහනුවරට සහ නාවික හමුදාවට ජය
ඩයලොග් ලීග් රග්බි තරඟාවලියේ 09 වැනි සතියේ තරඟ දෙකක් ඊයේ වැලිසර සහ ලොන්ග්ඩන් පෙදෙසේදී පැවති අතර එම තරඟවලදී CR & FC කණ්ඩායම පරාජය කරමින් මහනුවර කණ්ඩායමත්, ගුවන් හමුදාව පරාජය කරමින් නාවික හමුදාවත් ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් විය.
CR & FC සහ මහනුවර අතර තරඟය
- ප්‍රථම අර්ධය – CR & FC ක්‍රීඩා සමාජය 08 – 24 මහනුවර ක්‍රීඩා සමාජය
- අවසන් ලකුණු තත්වය – CR & FC ක්‍රීඩා සමාජය 27 – 32 මහනුවර ක්‍රීඩා සමාජය
- ThePapare.com තරඟයේ වීරයා – ධනුශ්ක රංජන් (මහනුවර ක්‍රීඩා සමාජය)
සම්පූර්ණ තරඟ වාර්තාව: CR හමුවේ ජයග්‍රහණය ප්‍රභල මහනුවරට
නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර තරඟය
- පළමු අර්ධය – නාවික හමුදා ක්‍රීඩා සමාජය 17 – 11 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
- අවසන් ලකුණු තත්ත්වය – නාවික හමුදා ක්‍රීඩා සමාජය 29 – 21 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
- ThePapare.com තරගයේ වීරයා – චානක චන්දිමාල් (නාවික හමුදා ෆ්ලයි හාෆ් ක්‍රීඩක)
සම්පූර්ණ තරඟ වාර්තාව: ගුවන් භටයන්ට ප්‍රබල සටනක් දී නාවිකයන් ජය ගනියි
සොලිඩ් අසරණ කරමින් ජය කොළඹට
කොළඹ පාපන්දු සමාජය විසින් සොලිඩ් ක්‍රීඩා සමාජය ගෝල 3-0ක් ලෙස අසරණ කරමින් ඩයලොග් චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ ඊයේ (07) කැළණිය පාපන්දු සංකීර්ණයේ පැවති තරඟය ජයග්‍රහණය කලේ වසරේ ප්‍රථම තරඟ ජයග්‍රහණය තමන් සතුකර ගනිමිනි.
ප්‍රථම අර්ධය – කොළඹ ක්‍රීඩා සමාජය 01 – 00 සොලිඩ් ක්‍රීඩා සමාජය
දෙවන අර්ධය – කොළඹ ක්‍රීඩා සමාජය 3 – 0 සොලිඩ් ක්‍රීඩා සමාජය
ThePapare.com තරඟයේ විරයා – අහමඩ් ශස්නි
ගෝල ලබාගත් ක්‍රීඩකයන්
- කොළඹ ක්‍රීඩා සමාජය : ඩේවිඩ් ඔසාජි 32′, අහමඩ් ශස්නි 69′, නිරාන් කනිෂ්ක 89′
- සොලිඩ් ක්‍රීඩා සමාජය : ශානක ප්‍රබෝද් 42′ දීපාල් කුලරත්න 67′
සම්පූර්ණ තරඟ වාර්තාව: කොළඹ ක්‍රීඩකයින්ගෙන් සොලිඩ් කණ්ඩායමට දරුණු ප්‍රහාරයක්
මලින්දගෙන් සුපිරි පන්දු යැවීමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ පැවැත්වෙන උණුසුම් තරග 6ක දෙවැනි දිනය ඊයේ (07) නිමාවට පත්විය. ඒ අතුරින් හලාවත ක්‍රිකට් සමාජය වෙනුවෙන් මලින්ද පුෂ්පකුමාර දැක්වූ සුපිරි පන්දු යැවීම සහ කොළඹ ක්‍රිකට් සමාජය වෙනුවෙන් ලසිත් අබේරත්න දියත් කල සුපිරි පිතිකරණය දිනයේ සුවිශේෂී සිදුවීම් බවට පත්විය.
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 193 (පන්දුවාර 54.1) අශේන් සිල්වා 61, ශෙහාන් ජයසූරිය 45, ජෙෆ්රි වැන්ඩර්සේ 5/61, රෝහිත් දමෝදරන් 33.
සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 179 (පන්දුවාර 65.3) රමේෂ් මෙන්ඩිස් 53*, දසුන් ශානක 48, මලින්ද පුෂ්පකුමාර 7/52.
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 251 (පන්දුවාර 59) සචිත්ර සේරසිංහ 73, ශෙහාන් ජයසූරිය 50, තික්ෂිල ද සිල්වා 60*, ජෙෆ්රි වැන්ඩර්සේ 2/72.
ගාලු ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 218 (පන්දුවාර 78.2) නිලුශාන් නෝනිස් 62, දමිත හුණුකුඹුර 55, දිලේශ් ගුණරත්න 3/53
බදුරලිය ක්‍රීඩා සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 306 (පන්දුවාර 111) අලංකාර අසංක 85, නදීර නාවෙල 67, සහන් විජේරත්න 56, සජීව වීරකෝන් 5/96.
සංක්ෂිප්ත තරඟ වාර්තාව: ප්‍රබල SSC කණ්ඩායම හලාවත දඟ පන්දුව ඉදිරියේ මෙල්ල වෙයි
ගයාන් සිරිසෝමගෙන් කඩුලු 7ක්
සතියක පමණ විවේකයෙන් අනතුරුව නැවතත් උණුසුම් වූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරඟ හතරක දෙවන දිනය ඊයේ (07) ක්‍රියාත්මක විය. මෙම තරගාවලියේ පෙරලිකාර සමාජයන් දෙකක් වන පානදුර ක්‍රීඩා සමාජය හා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය අතර තරඟය හෙට (08) දිනයේ දී තීරණාත්මක තරගයක් වනු බවට ඊයේ (07) ඉඟි පහල විය.
පානදුර ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 306 (පන්දුවාර ): හසන්ත ප්‍රනාන්දු 84, සංජය චතුරංග 51, නිසල් රන්දික 44
වරාය අධිකාරි ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 210 (පන්දුවාර 69.1): ඉශාන් රංගන 75, චාමිකර එදිරිසිංහ 40, ගයාන් සිරිසෝම 7/95
පානදුර ක්‍රීඩා සමාජ දෙවන ඉණිම (දෙවන දිනය අවසානයේ දී) – කඩුලු 3ක් දැවී ලකුණු 63 (පන්දුවාර 23): නිසල් රන්දික 27
සංක්ෂිප්ත තරඟ වාර්තාව: පානදුර සහ වරාය අතර ගැටුම තියුණු වන ලකුණු
තිළණගෙන් ශතකයක්
තිලිණ පෙරේරාගේ දක්ෂ පිතිකරණය හා සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ලකුණු 62ක ජයග්‍රහණය පාසල් ක්‍රිකට් පිටියේ ඊයේ (07) දිනය වර්ණවත් කල අතර පාසල් පිටියේ දක්ෂ තරු කිහිපයක්ම සිය පාසල වෙනුවෙන් දස්කම් දක්වන ලදි.
රාජකීය විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 190 (පන්දුවාර 56.3): තෙවිදු සේනාරත්න 33, කවිදු මදුරංසිංහ 32, පසිදු සූරියබණ්ඩාර 30 , ගයාන් දිසානායක 26, සඳරැවන් ධර්මරත්න 4/57, විරාජිත් ජයසිංහ 3/35
සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 241 (පන්දුවාර 74.2): සුනෙර ජයසිංහ 86 , තීක්ෂ ගුණසිංහ 60, ජනිදු හිම්සර 36, හිමේශ් රාමනායක 5/31, මනුල පෙරේරා 3/51
රාජකීය විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 5ක් දැවී ලකුණු 237 (පන්දුවාර 56): පසිදු සූරියබණ්ඩාර 70, කවිදු මදරසිංහ 54, හේලිත විතානගේ 48, තෙවිදු සේනාරත්න 42*, විරාජිත් ජයසිංහ 2/33, සඳරුවන් ධර්මරත්න 2/61
සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 182 (පන්දුවාර 61.3): සාලිත් ප්‍රනාන්දු 77, රන්මිත් ජයසේන 45, සුපුන් වරාගොඩ 3/28 , දිලීප ජයලත් 3/50
ආනන්ද විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 209 dec (පන්දුවාර 58.1): කවිදු ගිම්හාන 73, කවිශ්ක අංජුල 52, මොහොමඩ් අමීන් 4/58, රවිදු සිල්වා 2/46
සාන්ත පීතර විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 4ක් දැවී ලකුණු 194 (පන්දුවාර 69): සන්තුශ් ගුණතිලක 60, අනිශ්ක පෙරේරා 35, සුලක්ශන පෙරේරා 34