ගෙවුනු දවස: දෙසැම්බර් 27 – ශ්‍රී ලංකා බලාපොරොත්තු ඈතට?

470
Sri Lanka Sports News

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 ක්‍රිකට් 

ධනංජය තනි සටනක

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඊයේ (27) නිමාවට පත්විය. අද දිනයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ අසාර්ථක පිතිකරණ විලාසය නිසාම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් තරගය පිලිබඳ තබා තිබූ සුබවාදී බලාපොරොත්තු සෑහෙන තරම් දුරස් වී ගියේය.

දකුණු අප්‍රිකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 286 (පන්දුවාර 98.5) ජේ. පී. ඩුමිනි 63, ස්ටීවන් කුක් 59, ඩීන් එල්ගාර් 45, ෆැෆ් ඩු ප්ලෙසිස් 37, ක්වින්ටන් ඩි කොක් 37, හෂීම් අම්ලා 20, සුරංග ලක්මාල් 5/63, රංගන හේරත් 2/48, නුවන් ප්‍රදීප් 2/66.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 181 (පන්දුවාර 57) ධනංජය සිල්වා 43*, ඇන්ජෙලෝ මැතිව්ස් 39, දිනේෂ් චන්දිමාල් 28, රංගන හේරත් 24, දුෂ්මන්ත චමීර 7*, වර්නන් ෆිලැන්ඩර් 3/35, කයිල් ඇබට් 2/49, කේශව් මහරාජ් 1/30, කගිසෝ රබාඩා 1/63.

සම්පූර්ණ ලිපිය: මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දී ධනංජය සිල්වා තනිවම සටනක


රසිකගෙන් අර්ධ ශතකයක්

“ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්” ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් පනාගොඩ යුධ හමුදා ක්‍රීඩා පිටියේදී ලංකන් ක්‍රිකට් සමාජය හා කළුතර භෞතික සංස්කෘතික සමාජය අතර 26 වැනිදා ආරම්භ විය. එම තරගයේ දෙවැනි දිනය ඊයේ නිමාවට පත්විය.

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 428 (පන්දුවාර 109.3): මදුරංග සොයිසා 127, චරිත් ප්‍රනාන්දු 104, ලක්ෂාන් රොද්‍රිගෝ 68, රජීව වීරසිංහ 24, තරිදු සිල්වා 3/108, ෆහාඩ් බාබර් 2/49, රසික ප්‍රනාන්දු 2/56

කළුතර භෞතික සංස්කෘතික සමාජය පළමු ඉණිම (දෙවන දිනය අවසානයේ දී) – කඩුලු 5ක් දැවී ලකුණු 107 (පන්දුවාර 37): රසික ප්‍රනාන්දු නොදැවී 53, දමිදු අශාන් 28, නවීන් කවිකාර 3/45

කළුතර භෞතික සංස්කෘතික සමාජය ලංකන් ක්‍රිකට් සමාජයේ පළමු ඉණිමට වඩා ලකුණු 321ක් පසුපසින් පසුවෙයි.

සම්පූර්ණ ලිපිය: රසිකගෙන් තුන් ඉරියව් දස්කම්


ලුම්බිණියට ඉණිමක ජයක්

ඊයේ (27) පැවැති සිංගර් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තරග දෙක අතුරෙන්, ලුම්බිණි විද්‍යාලය පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

මහින්ද විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 173 (පන්දුවාර 87.1): කවිදු එදිරිවීර 68, කේ. කේ. කෙවින් 27, රුවින් පීරිස් 3/15, විමුක්ති කුලතුංග 3/56, කනිෂ්ක මදුවන්ත 2/27

ලුම්බිණි විද්‍යාලය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 191 (පන්දුවාර 65.2): කණිෂ්ක මදුවන්ත 48, රවිදු සංජීව 29, තානුක දාබරේ 29, කවීන් පීරිස් 20, කවිදු එදිවීර 3/75, ප්‍රනීත් හංසික 2/19

මහින්ද විද්‍යාලය දෙවන ඉණිම – එක් කඩුල්ලක් දැවී ලකුණු 58 (පන්දුවාර 23): නවෝද් පරණවිතාන නොදැවී 33, රිශාන් කාවින්ද 23

සම්පූර්ණ ලිපිය: හරීන් බුද්ධිල සර්වේසස් විද්‍යාලයේ කඩුලු 7ක් සොරාගනියි

දිනයක නිමාව