ගෙවුනු දවස: නොවැම්බර් 27 – ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

465
වෙළඳසේවා වොලිබෝල් තරගාවලියේ චැම්පියන්ස් කාණ්ඩයේ පිරිමි ශූරතාවය දිනාගත් බ්‍රැන්ඩික්ස් පොලොන්නරුව කණ්ඩායම ©ThePapare.comවෙළඳසේවා වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් කාණ්ඩයෙන් තරග වදිනා කැන්රිච් ක්‍රීඩකයින් සහ බ්‍රැන්ඩික්ස් ක්‍රීඩකයින් ©ThePapare.comවෙළඳසේවා වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් පිරිමි අංශයේ ශූරතාවය දිනාගත් කැන්රිච් ෆිනැන්ස් කණ්ඩායම ©ThePapare.comවෙළඳසේවා වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් කාණ්ඩයෙන් තරග වදිනා කැෂුවල් ලයින් සහ බ්‍රැන්ඩික්ස් ක්‍රීඩිකාවන් ©ThePapare.comවෙළඳසේවා වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් කාන්තා අංශයේ ශූරතාවය දිනාගත් MAS කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන් ©ThePapare.comSri Lanka Sports NewsSri Lanka Sports NewsSri Lanka Sports News

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර, සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

 වොලිබෝල් 

වෙළඳසේවා වොලිබෝල් තරගාවලිය සාර්ථකව නිමාවට

ශ්‍රී ලංකා වෙළඳ සේවා වොලිබෝල් සම්මේලනය මඟින් සංවිධානය කරන ලද, වෙළඳසේවා වොලිබෝල් තරඟාවලියේ සුපර් ලීග් සහ චැම්පියන්ස් කාණ්ඩයේ අවසන් මහා තරඟ ඊයේ  (27) මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

එහිදී පිරිමි අංශයේ ශූරතාවන් පිළිවෙලින් කැන්රිච් වොලිබෝල් කණ්ඩායම සහ බ්‍රැන්ඩික්ස්-පොළොන්නරුව යන කණ්ඩායම් විසින් දිනා ගනු ලැබූ අතර කාන්තා අංශයේ ශූරතාවන් හිමිකරගත්තේ MAS කැෂුවල් ලයින් සහ MAS ඉන්ටිමේට්ස් යන කණ්ඩායම්ය.

තවද වෙළඳ සේවා චැම්පියන්ස් කාණ්ඩයේ අවසන් තරඟද අද පැවැති අතර එහිදී කාන්තා අංශයෙන් ශූරතාවය දිනාගත්තේ 25-19, 25-23, 25-20ක් ලෙස වෝග්ටෙක්ස් කණ්ඩායම පරාජය කළ MAS ඉන්ටිමේට්ස් කණ්ඩායමයි.

පිරිමි අංශයේ ශුරතාවය දිනාගත්තේ 25-20, 22-25, 25-22, 25-20ක් ලෙසින් කොර්ටෝල්ඩ්ස් ලංකා ආයතනය පරාජය කළ බ්‍රැන්ඩික්ස්-පොළොන්නරුව කණ්ඩායමයි.

සවිස්තර වාර්තාවට: කැෂුවල් ලයින් සහ කැන්රිච්, වෙළඳසේවා සුපර් ලීග් ශූරතාවන් ලබා ගනී


 රග්බි 

ගුවන් හමුදාව සත්කාරකයින් හමුවේ අසරණ වේ

ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ සිව්වැනි සතියේ නිමාව සනිටුහන් කරමින් ඊයේ (27) පැවති CR&FC සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජ අතර අවසන් තරගයෙන් දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට සත්කාරක ක්‍රීඩකයෝ සමත් වූහ. තරගය කොළඹ CR&FC ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

ප්‍රථම අර්ධය: CR&FC 31 : 06 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

සම්පූර්ණ ලකුණු තත්වය: CR&FC 57 : 20 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: තරින්ද රත්වත්තේ (CR&FC)

 ලකුණු වාර්තා කිරීම් 

CR&FC ක්‍රීඩා සමාජය (57)

  • උත්සහක දිනුම් – කවින්දු පෙරේරා 2, තරින්ද රත්වත්තේ 2, දිලංක පෙරේරා, කවින්ඳු ද කොස්තා, ඉෂාන් නූර්, ඔමල්ක ගුණරත්න
  • ප්‍රවර්තන – තරින්ද රත්වත්තේ 6, ප්‍රින්ස් චාමර 1
  • දඬුවම් පහර – තරින්ද රත්වත්තේ 1

ගුවන් හමුදා කණ්ඩායම 20

  • උත්සහක දිනුම් – ඉෂාර මධුෂාන්, රනුක මැදගෙදර
  • ප්‍රවර්තන – චරිත් සෙනවිරත්න 2
  • දඬුවම් පහර – චරිත් සෙනවිරත්න 2

සම්පූර්ණ ලිපිය බලාපොරොත්තු වන්න


 ක්‍රිකට් 

තරගාවලියේ වීරයා කුසල් මෙන්ඩිස්

අතිසාර්ථක සිම්බාබ්වේ සංචාරයේ නිමාව සනිටුහන් කරමින් බ්ලූ-මවුන්ටන් තුන්කොන් එක්දින කුසලානය දෝත දැරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ (27) සමත් විය. බුලවායෝ හිදී පැවති අවසන් තරගයේදී ඔවුන් හමුවේ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6ක පරාජයක් ලැබීය.

සිම්බාබ්වේ – සියල්ලන්ම දැවී ලකුණු 160 (පන්දුවාර 36.3): ටරිසායි මසකන්ඩා 36, ශෝන් විලියම්ස් 35, ක්‍රේග් අර්වයින් 25, අසේල ගුණරත්න 3/10, ජෙෆ්රි වැන්ඩර්සේ 3/ 50, සචිත් පතිරණ 2/26.

ශ්‍රී ලංකා – කඩුලු 4ක් දැවී ලකුණු 166 (පන්දුවාර 37.3): උපුල් තරංග 57*, කුසල් මෙන්ඩිස් 57, අසේල ගුණරත්න 16*, බ්‍රයන් විටෝරි 3/52.

සවිස්තර වාර්තාව: තුන්කොන් එක්දින තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට


ශ්‍රී ලංකා කාන්තාවන්ට සුපුරුදු පරාජය

මෙම මස 24 වැනිදා තායිලන්තයේදී ආරම්භ වූ, ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ, ශ්‍රී ලංකාව සහභාගී වූ ප්‍රථම තරගය ඊයේ (27) බැංකොක් හි ආසියානු තාක්ෂණික ආයතන ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා හසිනි පෙරේරා, ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට  තීරණය කළාය. ඒ අනුව පිටියට පැමිණි යශෝධා මෙන්ඩිස් සහ චමරි අතපත්තු විසින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කල අතර පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට වාර්තා කිරීමට හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 112ක් පමණි.

පාකිස්තානය – 113/2 (18.2): ජවේරියා ඛාන් 56, නායින් අබිදි 28*, සුගන්දිකා කුමාරි 1/17, එශානී ලොකුසූරිය 1/16

ශ්‍රී ලංකාව – 112/8 (20): චමරි අතපත්තු 31 , ඩිලානි මනෝදාරා 24, ප්‍රසාදනී වීරක්කොඩි 21, නහිදා ඛාන් 2/17

සවිස්තර වාර්තාව: ප්‍රථම තරගයත් ශ්‍රී ලංකාව පරාදයි

දිනයක නිමාව

අද දිනයේ පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

 පසුගිය සතියෙන් 

සුපිරි කිරුල වරායට සහ ගුවන් හමුදාවට

පසුගිය 11 වන දා ආරම්භ වූ “මන්චි ජාතික වොලිබෝල් ශූරතාවයේ” සුපර් ලීග් තරඟාවලියේ කූටප්‍රාප්තිය සටහන් කරමින් 26 වැනිදා පැවති අවසන් මහා තරඟ ජයග්‍රහණය කරන්නට, පිරිමි අංශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියත් ,කාන්තා අංශයෙන් ගුවන් හමුදා කණ්ඩායමත් සමත්විය. අවසන් තරඟ ද්විත්වයම පැවතියේ මහරගම තරුණසේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේදීයි.

තරඟ ලකුණු සටහන

  • 25-12, 25-10, 25-19 (ගුවන් හමුදා කාන්තා කණ්ඩායම)
  • 20-25, 25-17, 25-21, 25-19 (වරාය අධිකාරිය)

සම්පූර්ණ ලිපිය: විදුලිය හමුවේ නොසැලුණු වරාය අධිකාරියට ශූරතාවය


සිරිපැරකුම් සහ සරත් ජෙම්ස් ශූරයින් අතරට

රස ලොව රජ කිරුල මන්චි ආයතනය සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය එක්ව සංවිධානය කල “මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ, ආධුනික අංශයේ” අවසන් මහා තරග, 26 වැනිදා මහරගම තරුණසේවා සභා ගෘහස්ත ක්‍රීඩා පිටියේදී පැවති අතර එහිදී, නිව්ස්ටාර් කණ්ඩායම 3:2ක් ලෙස පරාජය කරමින් සරත් ජෙම්ස් ක්‍රීඩා සමාජය පිරිමි අංශයෙන් ශූරතාවය දිනා ගනිද්දී, 3:0ක් ලෙස ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පරාජය කරමින් බෝයගම සිරිපැරකුම් ක්‍රීඩිකාවෝ ශූරතාවය ජයග්‍රහණය කරන ලදී.

  • සිරිපැරකුම් ක්‍රීඩා සමාජය : ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 26-24, 25-18, 25-23 (3:0)
  • සරත් ජෙම්ස් ක්‍රීඩා සමාජය : නිව්ස්ටාර් ක්‍රීඩා සමාජය 25-21, 25-23, 23-25, 22-25, 15-13 (3:2)

සම්පූර්ණ ලිපිය: ආධුනික අංශයේ ශූරතාවයන් සරත් ජෙම්ස්ට සහ සිරිපැරකුම්ට


හතලිහෙන් තිස්දෙකක් තෝරා ගනී

එළඹෙන දෙසැම්බර් 11වන දා සිට 17වන දා දක්වා පැවැත්වෙන රග්බි ඒශියාඩ් තරඟාවලිය සඳහා තෝරාගත් 19න් පහල ශ්‍රී ලංකා සංචිතය, සති දෙකක පුහුණු කාලයකින් පසුව ක්‍රීඩකයින් 32ක් දක්වා අඩුකොට ඇත. ආරම්භයේදී සංචිතයට ක්‍රීඩකයන් 40 දෙනෙකු ඇතුලත් විය.

මේ වන විටත් පැවැත්වෙන ඩයලොග් ලීග් රග්බි තරඟාවලියේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ආබාධ රහිතව තබා ගැනීම පිළිබඳව ද අවධානය යොමු කර ඇත. එබැවින් 19න් පහල සංචිතයේ සිටින ක්‍රීඩකයන් ලීග් තරඟාවලියෙන් ඉවත් කරගැනීමට තීරණය කොට ඇත.

ThePapare.com සමඟින් අදහස් ප්‍රකාශ කළ 19න් පහල සංචිතයේ ප්‍රධාන පුහුණුකරු නිලූෆර් ඊබ්‍රාහිම් විශ්වාසයෙන් යුතුව පවසා සිටියේ,

මේ පාර අපිට ලැබිලා තියෙන්නේ හොඳ සංචිතයක්. ඔවුන් ඉගෙනීමේ කැමැත්තෙන් පසුවෙනවා වගේම සෑම පුහුණු සැසියකදීම වඩාත් දියුණු වෙනවා. මං හිතන්නෙ මේ වතාවෙදි අපට හොඳ අවස්ථාවක් තිබෙනවා හොංකොං කණ්ඩායම පරාජය කරමින් ලබන වසරේ ලෝක කනිෂ්ඨ රග්බි ශූරතාවලිය සඳහා අවස්ථාව ලබා ගැනීමට”.

සම්පූර්ණ සංචිතය: කනිෂ්ඨ රග්බි සංචිතයට ක්‍රීඩකයින් 32ක්