රාජකීය ඉණිමක් දියත් කරමින් පසිඳුගෙන් අර්ධ ශතකයක්

694
U19 Schools Cricket

සිංගර් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ දෙකක් අද (15) ආරම්භ වූ අතර, එම තරඟ දෙක අතුරෙන් රාජකීය විද්‍යාලයේ පළමු ඉණිම වෙනුවෙන් පසිඳු සූරියබණ්ඩාර ඉසිපතන විද්‍යාලයට එදිරිව අර්ධ ශතකයක් සමඟින් ලකුණු 79ක් ලබා ගැනීමට සමත් විය.

පසුගිය ලිපි: ජයග්‍රහණය සාන්ත තෝමස් හා බෙනඩික්ට් විද්‍යාවලට

කොළඹ රාජකීය විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය අතර තරඟය

රාජකීය විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී කාසියේ වාසිය ජයග්‍රහණය කල ප්‍රතිවාදී ඉසිපතන කණ්ඩායම, පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදී.

ඒ ඇරයුමින් පිටියට පිවිසි සත්කාරක රාජකීය විද්‍යාලය, තම පළමු ඉණිම සඳහා ලකුණු 310ක් ලබා ගැනීමට සමත් වූ අතර එහිදී රාජකීය ලකුණු පුවරුව රාජකීය ඉණිමකින් වර්ණවත් කිරීමට පසිඳු සූරියබණ්ඩාර සමත් වූ අතර ඔහු එම ඉණිම තුල වැඩිම ලකුණු ලාභියා වෙමින් ඉසිපතන විද්‍යාලයේ පන්දු යවන්නන්ට එදිරිව ලකුණු 79ක් ලබා ගන්නා ලදී. ඔහුට හොඳ සහයෝගයක් ලබා දුන් රොනුක ජයවර්ධන ලකුණු 49ක් ලබා ගත් අතර, ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් රිත්මික නිමේෂ් ලකුණු 15ක් තුල කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

රාජකීය විද්‍යාලය පළමු ඉණිම – 310/09 dec (70.2): පසිඳු සූරියබණ්ඩාර 79, රොනුක ජයවර්ධන 49, හේලිත විතානගේ 40, ගනිත් සංදීප 25, රිත්මික නිමේෂ් 2/15, නිරංජන වන්නිආරච්චි 2/35.

ඉසිපතන විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසන් වන විට) – 48/02 (11): හර්ෂ රත්නායක 20*, හිමේශ් රාමනායක 2/12.


කොළඹ නාලන්ද විද්‍යාලය හා කඳාන ද මැසනොඩ් විද්‍යාලය අතර තරඟය

නාලන්ද ක්‍රීඩා පිටියේදී අද උදෑසන ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල ද මැසනොඩ් විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

ද මැසනොඩ් විද්‍යාලයේ ආරාධනය පරිදී නාලන්ද විද්‍යාලය තම පළමු ඉණිම ආරම්භ කල අතර නාලන්ද විද්‍යාලය වෙනුවෙන් සෑම මොහොතකම පාහේ ලකුණු අතර සිටින සුහඟ විජේවර්ධන ලකුණු 40ක් ලබා ගන්නා ලදි. එමෙන්ම කසුන් සඳරුවන් ද, සුහඟ විජේවර්ධන සමඟින් නාලන්ද පළමු ඉණිම ගොඩනංවන ලදි. මිතිල ගීත් ද මැසනොඩ් විද්‍යාලය වෙනුවෙන් ලකුණු 26ක් තුළ කඩුලු 4ක් දවාගනිමින් දස්කම් දක්වන ලදි.

නාලන්ද විද්‍යාලය පළමු ඉණිම – 229/10 (65): සුහඟ විජේවර්ධන 40, කසුන් සඳරුවන් 40, ලක්ෂිත රසාංජන 29, මිතිල ගීත් 4/26

ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉණිම  (පළමු දිනය අවසානයේ දී) – 42/02 (13): සංදීප දේශාන් 23

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට