සංචාරක කොදෙව් A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන පළමු නිල නොවන එක්දින තරඟය අද ආරම්භ වූයේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදීයි. කාසියේ වාසිය ජයග්‍රහණය කල කොදෙව් A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.
පසුගිය ලිපි: කොදෙව්වන් පරාජය කරමින් තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට
කයිල් හෝප් හා චැඩ්වික් වෝල්ටන් පළමු කඩුල්ල සඳහා ලකුණු 40ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වූ අතර එම සබඳතාවය නිමා කරමින් 4 පහර 2ක් හා එක් 6 පහරක් ලබාගෙන සිටියදී කසුන් රාජිත විසින් වෝල්ටන්ගේ කඩුල්ල දවාගන්නා ලදී.
අසාද් ෆුඩාඩින් 4 පහර 2ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 14ක් ලබාගනිද්දී, දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපෝන්සුගේ පන්දුවකට දෙවන කඩුල්ල ලෙස දැවී යන ලදී. ඒ වන විට කොදෙව් ලකුණු පුවරුව ලකුණු 63ක් ලෙස දැක්විය.
ඇන්ඩෘ ෆෙලෙචර් නොදැවී ලකුණු 7*ක් හා කයිල් හෝප් නොදැවී ලකුණු 28*ක් ලබාගෙන සිටින අතරතුර, උදෑසන 10.45ට පමණ වර්ෂාවෙන් තරඟයට බාධා එල්ල වීම නිසා තරඟය හෙටට කල් දැමීමට විනිසුරුවරුන් ඇතුළු තරඟ තීරකවරුන් තීරණය කරන ලදි.
කොදෙව් A කණ්ඩායම – 69/02 (12.5): කයිල් හෝප් 28*, චැඩ්වික් වෝල්ටන් 16, අමිල අපෝන්සු 1/13, කසුන් රාජිත 1/22
වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය නැවතත් හෙට (25) උදෑසන 9.45 ට ආරම්භ වීමට නියමිතව ඇත.
තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට