ගෙවුනු දවස: ඔක්තෝම්බර් 17 – බස්නාහිරට වැඩි ගෞරවය

318
ඉසිපතන ක්‍රීඩක පැතුම් නිස්සංක32වැනි සමස්ත ලංකා පාසල් ක්-රීඩා උළෙලේ 5වැනි දිනයේ ඡායාරූපයක් ©ThePapare.com32වැනි සමස්ත ලංකා පාසල් ක්-රීඩා උළෙලේ විවිධ ඉසව් සඳහා පිදෙන කුසලාන ©ThePapare.com

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

මලල ක්‍රීඩා –

දක්ෂතම ක්‍රීඩකයා චමල්, ක්‍රීඩිකාව හෂිනි

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා මහෝත්සවය වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ඉකුත් 13 වනදා උත්වසවාකාරයෙන් මහනුවර බෝගම්බර දී ආරම්භ වුනු අතර දින 5ක් පුරා පැවති තරගාවලිය ඊයේ (17) සන්ද්‍යාවේදී විචිත්‍රවත් සමාප්ති උළෙල‍ෙකින් පසුව අවසන් විය.

සමස්ත බාලක ශූරතාවය දිනා ගනු ලැබූවේ බස්නාහිර පලාත නියෝජනය කල මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයයි. ඔවුන් ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 100ක්.

මෙය ඔවුන් විසින් ලබා ගත් 07 වන බාලක ශූරතාවය යි.

සමස්ත බාලිකා ශූරතාවය දිනාගනු ලැබුයේ ලකුණු 231ක් ලබාගත් මධ්‍යම පලාත නියෝජනය කල වලල ඒ. රත්නායක විද්‍යාලයයි. ඔවුන් බාලිකා ශූරතාවය දිනාගත් 17 වන අවස්තාව මෙයයි.

සමස්ත තරගාවලියේම දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙසින් අභිසෙස් ලැබුවේ වයඹ පලාත නියෝජනය කල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ හෂිනි ප්‍රබෝධා ය. ඇය අවුරුදු 19න් පහල බාලිකා තුන් පිම්ම ඉසව්වෙන් මීටර් 12.66ක වාර්තා කරමින් නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත් විය.

සමස්ත තරගාවලියේම දක්ෂතම ක්‍රීඩකයා ලෙස අභිසෙස් ලැබුවේ 19න් පහල බාලක තුන් පිම්ම ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහි කල මීරිගම ඩී. එස්. සේනානායක විද්‍යාලයේ චමල් කුමාරසිරි ය.

සම්පූර්ණ ලිපිය: සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ වැඩි ගෞරවය බස්නාහිර පළාතට

ක්‍රිකට් –

පැතුම්ගෙන් ඉසිපතනයට ශතකයක්

වයස අවුරුදු 19න් පහල සිංගර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (17) පැවති තරග වලදී සාපේක්ෂව වැඩි දක්ෂතා ප්‍රකට කරන්නට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත් වූ අතර වේල්ස් කුමර – කොළඹ ආනන්ද විද්‍යාල අතර තරගය දෙපිළටම සමබර අන්දමින් ගලාගෙන යයි. තරග දෙකම හෙට දෙවන දිනයටත් ක්‍රියාත්මකයි.

ඉසිපතන විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 208 (පන්දුවාර 53.2): පැතුම් නිස්සංක 101, හේෂාන් ප්‍රනාන්දු 74, කවීෂ ජයතිලක 5/26, රෙශාන් කවිශ්ක 2/46, මහේෂ් තීක්ෂණ 2/56.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 72 (පන්දුවාර 36.2): සන්ජුල බණ්ඩාර 2/10.
වේල්ස් කුමර විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 198 (පන්දුවාර 53.2): ඩිලංක මදුරංක 67, විශ්ව චතුරංග 26, සුපුන් වරාගොඩ 4/20, අචිල ඉරංග 4/19.

ආනන්ද විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 74 (පන්දුවාර 22): සහන් සුරවීර 31, දුෂාන් හෙට්ටිගේ 26*, කෞෂාල් නානායක්කාර 2/16.

සම්පූර්ණ ලිපිය: නිස්සංක ශතකයෙන් ඉසිපතනය පෙරමුණ ගනියි

දිනයක නිමාව

අද දිනයේ පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට