තර්ස්ටන් විද්‍යාලයට දැවැන්ත ජයක්

350
අවුරුදු 17න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් අර්ධ අවසන් පූර්ව තරඟයක් අද (20) කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර කොළඹ සාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. මෙම තරඟයෙන් තර්ස්ටන් විද්‍යාලය ලකුණු 128ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය. පසුගිය ලිපි: ආනන්දය, ඩී.එස් අභිබවයි මෙම තරඟය වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ කාණ්ඩයේ 3වන අර්ධ අවසන් පූර්ව තරඟය ලෙස පැවැත්විණි. කාසියේ වාසිය දිනාගත් තර්ස්ටන් විද්‍යාලීය A කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. තර්ස්ටන් විද්‍යාලයේ ලකුණු පුවරුව සවිමත් කිරීමට, මුල සිටම ඉවසිල්ලෙන් පන්දුවට පහරදුන් යෙශාන් වික්‍රමාරච්චි ලකුණු 84ක් ලබාගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණයට සිය දායකත්වය දක්වන ලදි. තර්ස්ටන් විද්‍යාලය ලකුණු 258ක් වැනි ඉහළ ලකුණකට යාමට එම විශිෂ්ට ඉණිම ඉතාමත් වැදගත් වූ අතර, ඔහු වටා ගොඩනැගුණු සබඳතාවන් කිහිපයක්ම ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා ඉවහල් විය. යෙශාන් සමඟ එක්වූ ඉමේෂ් විරංග ද, ලකුණු 37කින් තම විද්‍යාලයේ ලකුණු පුවරුව සවිමත් කරන ලදි. මෙහිදී තර්ස්ටන් පිතිකරුවන්ට දැනෙන ලෙස අභියෝගාත්මක පන්දුවාර කිහිපයක්ම නිශන්ජය ඇතුළු මලියදේව පන්දු යවන්නන් විසින් එල්ල කලද එම පන්දුවලට තර්ස්ටන් පිතිකරණය නොසැලී මුහුණදෙන ලදි. තර්ස්ටන් විද්‍යාලීය A කණ්ඩායම - 258-10 (49.4) යෙශාන් වික්‍රමාරච්චි 84, ඉමේෂ් විරංග 37, නිශන්ජය හෙට්ටිආරච්චි 2/42, සහන් රණතුංග 2/43, සංජීවන් ප්‍රියදර්ශන 2/54 ලකුණු 259ක් වැනි අභියෝගාත්මක ලකුණු ප්‍රමාණයක් හඹායාමට පිටියට පිවිසි මලියදේව පිතිකරුවන් මුල සිටම මවිතයට පත්කරමින් තර්ස්ටන් ක්‍රීඩක නිපුන් ලක්ෂාන් දක්ෂ ලෙස පන්දු යැවීමට සමත් විය. මලියදේව විද්‍යාලයේ දක්ෂ පිතිකරුවන්, ඉතා ඉක්මනින් දවාලීමට නිපුන් සමත් වූ අතර මලියදේව විද්‍යාලයේ ලකුණු 100ක කඩඉම පසුකර යාම සඳහා පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වූ සහන් රණතුංග, කැපි පෙනෙන චරිතයක් විය. අවසානයේ දී තර්ස්ටන් විද්‍යාලය ඉතාමත් පහසුවෙන් තරගයේ වාසිය තමන් දෙසට හරවා ගනිමින් තරගයේ පාලනය සියතට ලබාගැනීමට සමත් විය. මෙහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම මලියදේව විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වීම කැපී පෙණිනි. මලියදේව විද්‍යාලීය A කණ්ඩායම -130-10 (32) සහන් රණතුංග 39, සංජීවන් ප්‍රියදර්ශන 23, නිපුන් ලක්ෂාන් 5/18, බිමර රණතුංග 2/41 අවසානයේ දී තර්ස්ටන් විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය ලකුණු 128කින් පරාජයට පත්කරමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් විය. හෙට (21) පැවැත්වෙන මෙම අංශයේ අවසන් හා 4වන අර්ධ අවසන් පූර්ව තරඟය, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර වත්තල ලයිසියම් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත. තවත් පුවත් සඳහා පිවිසෙන්න - මුල්පිටුවට

අවුරුදු 17න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් අර්ධ අවසන් පූර්ව තරඟයක් අද (20) කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර කොළඹ සාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. මෙම තරඟයෙන් තර්ස්ටන් විද්‍යාලය ලකුණු 128ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

පසුගිය ලිපි: ආනන්දය, ඩී.එස් අභිබවයි

මෙම තරඟය වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ කාණ්ඩයේ 3වන අර්ධ අවසන් පූර්ව තරඟය ලෙස පැවැත්විණි. කාසියේ වාසිය දිනාගත් තර්ස්ටන් විද්‍යාලීය A කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. තර්ස්ටන් විද්‍යාලයේ ලකුණු පුවරුව සවිමත් කිරීමට, මුල සිටම ඉවසිල්ලෙන් පන්දුවට පහරදුන් යෙශාන් වික්‍රමාරච්චි ලකුණු 84ක් ලබාගනිමින්  කණ්ඩායමේ ජයග්‍රහණයට සිය දායකත්වය දක්වන ලදි.

තර්ස්ටන් විද්‍යාලය ලකුණු 258ක් වැනි ඉහළ ලකුණකට යාමට එම විශිෂ්ට ඉණිම ඉතාමත් වැදගත් වූ අතර, ඔහු වටා ගොඩනැගුණු සබඳතාවන් කිහිපයක්ම ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා ඉවහල් විය. යෙශාන් සමඟ එක්වූ ඉමේෂ් විරංග ද, ලකුණු 37කින් තම විද්‍යාලයේ ලකුණු පුවරුව සවිමත් කරන ලදි. මෙහිදී තර්ස්ටන් පිතිකරුවන්ට දැනෙන ලෙස අභියෝගාත්මක පන්දුවාර කිහිපයක්ම නිශන්ජය ඇතුළු මලියදේව පන්දු යවන්නන් විසින් එල්ල කලද එම පන්දුවලට තර්ස්ටන් පිතිකරණය නොසැලී මුහුණදෙන ලදි.

තර්ස්ටන් විද්‍යාලීය A කණ්ඩායම – 258-10 (49.4) යෙශාන් වික්‍රමාරච්චි 84, ඉමේෂ් විරංග 37, නිශන්ජය හෙට්ටිආරච්චි 2/42, සහන් රණතුංග 2/43, සංජීවන් ප්‍රියදර්ශන 2/54

ලකුණු 259ක් වැනි අභියෝගාත්මක ලකුණු ප්‍රමාණයක් හඹායාමට පිටියට පිවිසි මලියදේව පිතිකරුවන් මුල සිටම මවිතයට පත්කරමින් තර්ස්ටන් ක්‍රීඩක නිපුන් ලක්ෂාන් දක්ෂ ලෙස පන්දු යැවීමට සමත් විය. මලියදේව විද්‍යාලයේ දක්ෂ පිතිකරුවන්, ඉතා ඉක්මනින් දවාලීමට නිපුන් සමත් වූ අතර මලියදේව විද්‍යාලයේ ලකුණු 100ක කඩඉම පසුකර යාම සඳහා පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වූ සහන් රණතුංග, කැපි පෙනෙන චරිතයක් විය. අවසානයේ දී තර්ස්ටන් විද්‍යාලය ඉතාමත් පහසුවෙන් තරගයේ වාසිය තමන් දෙසට හරවා ගනිමින් තරගයේ පාලනය සියතට ලබාගැනීමට සමත් විය. මෙහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම මලියදේව විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වීම කැපී පෙණිනි.

මලියදේව විද්‍යාලීය A කණ්ඩායම -130-10 (32) සහන් රණතුංග 39, සංජීවන් ප්‍රියදර්ශන 23, නිපුන් ලක්ෂාන් 5/18, බිමර රණතුංග 2/41

අවසානයේ දී තර්ස්ටන් විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය ලකුණු 128කින් පරාජයට පත්කරමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

හෙට (21) පැවැත්වෙන මෙම අංශයේ අවසන් හා 4වන අර්ධ අවසන් පූර්ව තරඟය, මොරටුව සාන්ත සෙබස්තියන්  විද්‍යාලය හා සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර වත්තල ලයිසියම් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට