අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කාණ්ඩයේ එක්දින තරගාවලියේ, අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තරග මේ දිනවල පැවැත්වෙයි. ඊට අදාලව අද දිනයේ පැවති තරග වලදී කොළඹ ආනන්ද, D. S. සේනානායක සහ බම්බලපිටිය ශා. පීතර යන විදුහල් ජය වාර්තා කරන ලදී.
පසුගිය ලිපි: ශා. ඇලෝසියස් විදුහලට පහසු ජයක්
කැලණිය ගුරුකුල – කොළඹ ආනන්ද විදුහල් අතර තරගය
තරගයේ කාසියේ වාසිය දිනාගත් ගුරුකුල නායකයා තෝරාගත්තේ පන්දු යැවීමයි. ප්‍රබල ආනන්ද කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල ලකුණු 187කට සීමා කරන්නට ගුරුකුල පන්දු යවන්නන්ට හැකි විය. අසෙල් සිගේරා ලකුණු 45ක් සමගින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙද්දී, සචින්තන චමිත් සහ උෂාන් මලිත් කඩුලු 3බැගින් දවා ගන්නා ලදී.
කෙසේ වෙතත් මෙම පහසු ඉලක්කය හඹා යාම වැලක්වීමට කඩුලු 4ක් දවාගත් සනත් දසනායක ප්රමුඛ ආනන්ද විද්‍යාලීය පන්දු යවන්නන් සමත් විය. පන්දුවෙන්ද දස්කම් දැක්වූ අසෙල් සිගේරා ලකුණු 16කට කඩුලු 2ක් දවා ගන්නා ලදී. මේ අනුව ගුරුකුල විද්‍යාලයට සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 98ක් පමණි.
ලකුණු පුවරුව :
ආනන්ද විද්‍යාලය – සියල්ලන් දැවී – 187 (50) : අසෙල් සිගේරා – 45, දුශාන් හෙට්ටිගේ -32, සචින්ත චමිත් – 3/24, උෂාන් මලිත් – 3/38
ගුරුකුල විද්‍යාලය – සියල්ලන් දැවී – 98 (28) : ලසිඳු අරෝෂ – 37, සනත් දසනායක – 4/13, අසෙල් සිගේරා – 2/16, ශමාල් හිරුශාන් – 2/24
කොළඹ ආනන්ද විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට ලකුණු 89 ක ජයක්.
බම්බලපිටිය ශා. පීතර සහ මොරටුව වේල්ස් කුමර විදුහල් අතර තරගය.
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේ දි පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් වේල්ස් කුමර ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 50 තුළ රැස් කළ ලකුණු සංඛ්‍යාව 214කි. ශමිඳු විරාජ් සහ රවිඳු ලෝචන අර්ධ ශතක රැස් කිරීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශාන්ත පීතර ක්‍රීඩකයන් තරගය ජයගත්තේ සචින් සිල්වාගේ විශිෂ්ට පිතිකරණයේ සහය ඇතිවයි. ඔවුන් කඩුලු 3ක් සහ පන්දු 9ක් ඉතිරිව තිබියදී තම නියමිත ඉලක්කය සපුරා ගන්නට සමත්කම් දක්වන ලදී.
ලකුණු පුවරුව :
වේල්ස් කුමර විද්‍යාලය – 214/8 (50): ශමිඳු විරාජ් – 70, රවිඳු ලෝචන – 54, ප්‍රින්ස් ප්‍රනාන්දු – 38, සචින් සිල්වා – 2/27, සන්තුෂ් ගුණතිලක – 1/31
ශා. පීතර විද්‍යාලය – 218/7 (48.3) : සචින් සිල්වා – 82, දිනිත් සංජුල – 38, රවීන් පීරිස් – 3/26, රවිඳු ජනිත් – 2/32
බම්බලපිටිය ශා. පීතර විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට කඩුලු 3 ක ජයක්.
රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කොළඹ ඩී එස්. සේනානායක විද්‍යාලය අතර තරගය.
කොළඹ බ්ලූම් ෆීල්ඩ් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ දේවපතිරාජ කණ්ඩායමයි. ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දුන්නත් සාර්ථක ඉලක්කයක් ගොඩනගන්නට අසමත් විය. දේවපතිරාජ කණ්ඩායමේ සියලු පිතිකරුවන්, පන්දුවාර 40ක් තුළ ලකුණු 146කට දැවී යන ලදී. මුදිත ලක්ෂාන් සහ යසිත් සමරදිවාකර කඩුලු 3බැගින් දවා ගනිමින් දේවපතිරාජ ඉනිම විනාශ කිරීමේ පෙරමුණ ගන්නට සමත් විය.
පිත්තෙන්ද දස්කම් දක්වූ මුදිත ලක්ෂාන් අර්ධ ශතකයක් ලබාගෙන නොදැවී තම කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන යද්දී, විහාන් ගුණසේකරද නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස තවත් අර්ධ ශතකයකින් කණ්ඩායම සවිමත් කරන ලදී. මේ අනුව ඩී. එස්. සේනානායක ක්‍රීඩකයන් කඩුලු 7ක පහසු ජයක් තහවුරු කර ගැනීමට සමත් විය.
ලකුණු පුවරුව :
දේවපතිරාජ විද්‍යාලය – සියල්ලන් දැවී – 146 (40) : තිසර දිල්ශාන් – 29, රවීන් යසස් – 29, මුදිත ලක්ෂාන් – 3/06, යසිත් සමරදිවාකර – 3/18, පසිඳු ආදිත්‍ය – 2/36
ඩී. එස්. සේනානායක විද්‍යාලය – 150/3 (39): මුදිත ලක්ෂාන් – 51*, විහාන් ගුණසේකර – 54*, චාමිකර ජයශාන් – 24, මලිත් මධුශංක – 2/32
කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට කඩුලු 7 ක ජයක්.
තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට