ශා. ඇලෝසියස් විදුහලට පහසු ජයක්

367
Singer Schools u17 cricket

අන්තර් පාසල් පළමු කාණ්ඩයේ එක්දින තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තරග මේ දිනවල ක්‍රියාත්මකයි. එම තරගාවලියට අදාලව ඊයේ (10) පැවති තරගයකින් කොළඹ වෙස්ලි විද්‍යාලය පරදවා කඩුලු 6ක පහසු ජයක් වාර්තා කරන්නට ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත් විය.

පසුගිය ලිපි: මලියදේව විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

කොළඹ වෙස්ලි විදුහල් ක්‍රීඩාංගනයේ දි කාසියේ වාසිය දිනා ගත් ශා. ඇලෝසියස් නායකයා තෝරා ගත්තේ පළමුවෙන් පන්දු යැවීමයි. එම තීරණයට ඉහලින්ම සාධාරණය ඉටු කළ ඔහුගේ කණ්ඩායම් සගයන් වෙස්ලි ඉනිම පන්දුවාර 34ක් නිම වීමටත් පෙර ලකුණු 104කට සීමා කරන්නට සමත් විය.

වෙස්ලි ඉනිම සුනු විසුනු කල කවීක ඩිල්ශාන් කඩුලු 5ක් දවාගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 6ක් පමණක් ලබා දෙමිනුයි. හරීන් බුද්ධිකද කඩුලු 2ක් බිඳ හෙලන්නට සමත් විය.

ඡායාරූප ඇල්බමය

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශාන්ත ඇලෝසියස් කණ්ඩායමට ලකුණු 105ක ජයග්‍රාහී ඉලක්කය සපුරා ගන්නට වැය වූයේ පන්දුවාර 18.4ක් පමණයි. ඒ අතරතුර ඔවුන්ගේද කඩුලු 4ක් බිඳ වැටුනත් සටනකින් තොර පහසු ඉලක්කය සපුරා ගැනීමට එය කිසිදු බාධාවක් බවට පත් නොවීය.

ලකුණු පුවරුව

වෙස්ලි විද්‍යාලය : සියල්ලන් දැවී – 104 (33.3) චමල් නිමේෂ් – 32, තිමිර ජයසේකර – 16 කවීක ඩිල්ශාන් – 5/06, හරීන් බුද්ධික – 2/20

ශා.ඇලෝසියස් විද්‍යාලය : 107/4 (18.4) රවිඳු සංජන – 18, ඉම්සාෆ් ඉක්බාල් – 17, ෂෙනාල් දංගල්ල – 2/24, කාවින්ද දිසානායක – 2/1

ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාල වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට