සංවර්ධන කණ්ඩායමට තවත් පරාජයක්

353

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ දෙවන තරගයෙනුත් පරාජය උරුම කර ගන්නට ශ්‍රී ලංකා සංවර්ධන ක්‍රිකට් කණ්ඩායමට සිදුවිය. ප්‍රිටෝරියා හී පැවති මේ තරගයේදී ශ්‍රී ලංකා සංවර්ධන ක්‍රීඩකයන් කඩුලු 6කින් පරාජය වුයේ දකුණු අප්‍රිකා විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම හමුවෙයි.

පසුගිය ලිපි: දුර්වල සංචාරයට ලැජ්ජාසහගත අවසානයක්

මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. ඔවුන්ගේ පළමු කඩුලු 5 ලකුණු 89ක් වෙද්දී බිඳ දමන්නට දකුණු අප්‍රිකා විශ්ව විද්‍යාල පන්දු යවන්නන්ට හැකි විය. රුමේෂ් බුද්ධික සහ අනුක් ප්‍රනාන්දු එක්ව 6වන කඩුල්ලට ලකුණු 72ක් එක් කරන්නට සමත් විය.

ලකුණු 36ක් රැස් කළ සංජය චතුරංග ගෙන්ද ඉනිමේ අවසන් භාගයේදී වටිනා දායකත්වයක් හිමි වුවත් ශ්‍රී ලංකා සංවර්ධන ක්‍රීඩකයන් හට නියමිත පන්දුවාර 50 තුල කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 240ක් පමණි. පන්දු යැවීමේදී කීත් ඩූජෝන් සහ තෝමස් කර්බර් අතරේ කඩුලු 2 බැගින් බෙදී යන ලදී.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල දකුණු අප්‍රිකා විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යන්නට සමත් විය. නොදැවී ලකුණු 111ක් රැස් කළ සුබයර් හම්සා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මුදුන් මුල බවට පත් විය. විහාන් ලුබේ ද ලකුණු 47ක් රැස් කරන ලදී.

මේ තරගාවලියේ පළමු තරගයෙන්ද ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමට අත්වුනේ පරාජයයි.

ලකුණු පුවරුව –

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම – 240/7 (50) අනුක් ප්‍රනාන්දු 53, රුමේෂ් බුද්ධික – 48, සංජය චතුරංග – 36*, තෝමස් කර්බර් – 2/27, කීත් ඩූජෝන් –2/29

දකුණු අප්‍රිකා විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායම – 241/4 (47.5)සුබයර් හම්සා – 111*, විහාන් ලුබේ – 47, ජැනමන් මාලන් – 41, අමිල අපොන්සෝ – 2/44

දකුණු අප්‍රිකා විශ්ව විද්‍යාල ක්‍රීඩා කණ්ඩායමට කඩුලු 6ක ජයක්

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට