තරග වාර්තා 4ක් සමග නිමාවු ජාතික තරගාවලිය

460

94th National Athletics

94වැනි ජාතික මලල ක්‍රීඩා උලෙළේ තෙවැනි සහ අවසන් දිනය ඊයේ (10) නිමාවට පත් විය. තරගය ජුලි මස 08 වැනිදා සිට 10වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදි පැවැත්වු අතර දේශීය ක්‍රීඩකයින් හට ඔලිම්පික් වරම් දිනා ගැනීමට තිබුනු අවසන් තරගාවලිය වන්නේද මෙයයි.

තරගාවලිය නිමාවන විට වාර්තා කල වාර්තා ගණන 04ට සීමා විය. එම වාර්තා 4න් 3ක් ඊයේ දිනයේදි පිහිටු වන ලැබීය. ප්‍රථම වාර්තාව දෙවන දිනයේදි දසප්‍රයාම ඉසව්ව නියේජනය කල අජිත් කුමාර විසින් වාර්තා කල වාර්තාව වන අතර මිටිය විසි කිරීමේ ඉසව්වේ කාන්තා අංශය නියේජනය කල ඒ. ඒ. මධුවන්ති විසින් පිහිට වු වාර්තාව (මීටර 44.14), රිටි පැනීම ඉසව්ව නියේජනය කල ඉෂාර සඳරුවන් විසින් වාර්තා කල වාර්තාව (මීටර් 05) සහ අවසන් වාර්තාව වන්නේ කාන්තා සත්ප්‍රයාම ඉසව්ව නියේජනය කල වී. එල්. සුගන්දි  විසින් වාර්තා කල වාර්තාවන් (ලකුණු 4404) ඊයේ දිනයේදි වාර්තා කරන ද වාර්තාවන්ය.

තරගාවලියේ ඡායාරූප ඇල්බම සදහා පිවිසෙන්න

තරගයේ තෙවැනි දිනයේදි කාගේත් අවධානය යොමු වුයේ උස පැනීමේ ක්‍රීඩක මංජුල කුමාර වෙතටයි. මන්දයත් ඔහුට නැවත වතාවක් ඔලිම්පික් සඳහා අවස්තාවක් විවර කරදීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය කටයුතු කලේ ඔහු තරගාවලියේ අවස්තා කිහිපයකදීම ඔලිම්පික් පරිසාධන මට්ටමට ලඟා වු හෙයිනි. නමුත් ඊයේ දිනයේදී ද නියමිත සීමාව වන මීටර් 2.29 අසලට ලඟා වීමට ඔහුට නොහැකි විය. ඔහු විසින් වාර්තා කිරීමට සමත් වුයේ මීටර 2.25ක දක්ෂතාවකි. එහෙයින් අගෝස්තු මස පැවැත්වෙන රියෝ ඔලිම්පික් තරගාවලියට යෑමට ඔහුට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි විය.

තවද ඔලිම්පික් බලාපොරොත්තු තබා සිටින ක්‍රීඩකයෙකු වන විනෝද් සුරංජය මීටර 100 ඉසව්ව නියෝජනය කරමින් ඊයේ තරග වැදුනු අතර තත්පර 21.20 ක කාලයක් වාර්තා කරමින් එම ඉසව්වේ ප්‍ර‍ථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. හිමාෂ ඒෂාන්, කේ. කේ. සෙනෙවිරත්න යන ක්‍රීඩකියින් පිලිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගැනීමට සමත් විය.

තවත් රියේ ඔලිම්පික් බලාපොරොත්තුවක් වු නිමාලි ලියනාරච්චි මීටර 800 කාන්තා ඉසව්ව නියෝජනය කරමින් තරග වැදුනු අතර විනාඩි 2 තත්පර 4 කදි තරගය නිමා කර ප්‍ර‍ථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. නමුත් ඇයට ඔලිම්පික් පරිසාදන මට්ටම (විනාඩි 2 තත්පර 01.50) කරා ලගා වීමට නොහැකි විය.

තරගාවලියේ අවසානයේ  සහතික පත් ප්‍ර‍දානයට එක් වු සුගත් තිලකරත්න මහතා ප්‍ර‍කාශ කර සිටියේ

“මෙම ක්‍රීඩාංගණය (දියගම) හා සුගතදාස ක්‍රීඩාංගණය සතුව පැවැති ඉලෙක්ට්‍රොනික කාලගණන පද්ධතිය අක්‍රිය වෙලා තිබුණා. පසුගිය කාලෙ නොයෙකුත් ප්‍රශ්න තිබුණත්, මේ තත්ත්වයන් මැඬ පවත්වාගැනීමට උත්සාහ කළා. නමුත් අවසන් අවස්ථාවේදී මේ කටයුතු යථා තත්ත්වයට පත්කරගන්න බැරි වුණා. එනිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ දක්‍ෂතා ඉදිරිපත් කිරීමේදී යම් අපහසුතාවක් වුණා. ඉදිරියේදී මේ කටයුතු වළක්වා ගන්න අපිට අනිවාර්යයෙන් සිදුවෙනවා.”

තවත් මලල ක්‍රීඩා පුවත් සදහා පිවිසෙන්න

තවද ඔහු ප්‍ර‍කාශ කර සිටියේ දක්ෂ ක්‍රීඩකයින්ගේ අඩුපාඩුවක් නොමැති බවත්. තිබෙන අඩුපාඩුකම් නිසා ඔවුන්ට ඉදිරියට අපහසු වී ඇති බවත් ඉදිරියේදි එම ගැටළු රාජ්‍ය මට්ටමින් මගහැර දෙනේනම් ක්‍රීඩිකාවන්ගේ දක්ෂා තවත් ඉදිරියට ගෙනා ආ හැකි බවයි.

සහතික පත්‍ර‍ ප්‍ර‍දානයේදි අභියෝගතා ශූරතා දිනාගත් අයවලුන් මෙසේය,

  1. ඩන්කන් වයිට් අභියෝගතා කුසලානය – යුධ හමුදා ක්‍රීඩක එස්. එම්. අරවින්ද චතුරංග (ලකුණු 1012 – මීටර 400 කඩුළු මතින් දිව යෑම – තත්පර 52.3)
  2. සි. සි. දිසානායක අභියෝගතා කුසලානය – යුධ හමුදා ක්‍රීඩක ආර්. පි. ඩබ්. ලක්ෂාන් දයාරත්න (ලකුණු 1036 – හෙල්ල විසිකිරීම – මීටර 75.98)
  3. එන්. එම්. වසගම් අභියෝගතා කුසලානය – ගුවන් හමුදා ක්‍රීඩක ඩබ්. පි. මංජුල කුමාර (ලකුණු 1126 – උස පැනීම – මීටර 2.24)
  4. හොර්ලික්ස් අභියෝගතා කුසලානය – යුධ හමුදා ක්‍රීඩක ආර්. පි. ඒ. ඩි. පි. රුවන් කුමාර (ලකුණු 1023 – මීටර 400 – තත්පර 47.2)
  5. ඇන්තනි අබේසිංහ අභියෝගතා කුසලානය – ගුවන් හමුදා ක්‍රීඩක ඩබ්. පි. මංජුල කුමාර (ලකුණු 1126 – උස පැනීම – මීටර 2.24)
  6. චන්දි කණ්නන්ගර අනුස්මරණ කුසලානය – ගුවන් හමුදා ක්‍රීඩිකා ඩබ්. කේ. එල්. ඒ. නිමාලි (ලකුණු 1022 – මීටර 400 – තත්පර 54.6)
  7. ග්‍රේයිලයින් කණ්ඩායම් අභියෝගතා කුසලානය – ගුවන් හමුදා ක්‍රීඩිකා ඩබ්. කේ. එල්. ඒ. නිමාලි (ලකුණු 1022 – මීටර 400 – තත්පර 54.6).
  8. හක්සිලි වින්ටොජෙනෝ අභියෝගතා කුසලානය –  යුධ හමුදා ක්‍රීඩිකා යු. කේ. එන්. රත්නායක (ලකුණු 1070 – මීටර 3000 – විනාඩි 10 තත්පර 10.3)
  9. ග්ලුකොලීන් අභියෝගතා කුසලානය – යුධ හමුදා ක්‍රීඩිකා ඊ. කේ. මධුෂානි (ලකුණු 988 – 400 කඩුළු මතින් දිව යැම – විනාඩි 1 තත්පර 01)
  10. HNB අභියෝගතා කුසලානය – යුධ හමුදා ක්‍රීඩිකා එස්. එල්. එස්. සිල්වා (ලකුණු 996 – දුර පැනීම – මීටර 6.04)
  11. සැලොන්පස් අභියෝගතා කුසලානය – යුධ හමුදා ක්‍රීඩිකා එච්. එල්. එන්. ඩි. ලේකම්ගේ (ලකුණු 986 – හෙල්ල විසි කිරීම – මීටර 56.06)
  12. ආණ්ඩුකාර කුසලානය – යුධ හමුදා ක්‍රීඩක එච්. ජි. එම්. අයි. ජි. ඉදුනිල් හේරත් (ලකුණු 1015 – මීටර 800 – තත්පර 50.4)
  13. කොළඹ ආපනශාලා කමිටු අභියෝගතා කුසලානය – යුධ හමුදා ක්‍රීඩක යු. කේ. එන්. රත්නායක (ලකුණු 1070 – මීටර 3000 – විනාඩි 10 තත්පර 01)
  14. විලින්ටන් බාර්ට්ලීට් අභියෝගතා කුසලානය – ගුවන් හමුදා ක්‍රීඩක ඩබ්. පි. මංජුල කුමාර (ලකුණු 1126 – උස පැනීම – මීටර 2.24)
  15. SLT අභියෝගතා කුසලානය සහ එන්. වීරවනාදන් අනුස්මරණ ශුරතා කුසලානය – ගුවන් හමුදා ක්‍රීඩක ඩබ්. පි. මංජුල කුමාර (ලකුණු 1126 – උස පැනීම – මීටර 2.24)

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල් පිටුවට