වයස අවුරුදු 23න් පහල අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනය වන ඊයේ දිනයේ (06) තරග 8ක් කොළඹ සහ තදාසන්න නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්විනි.
එහිදි පොලිස් ක්‍රීඩා සමාජය, මීගමුව ක්‍රිකට් සමාජය, හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය, නාවික හමුදා ක්‍රීඩා සමාජය, නොන්ඩෙස්ක්‍රිප්ට් ක්‍රීඩා සමාජය, සිංහල ක්‍රීඩා සමාජය, මුවර්ස් ක්‍රීඩා සමාජය සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.
පසුගිය ලිපි: මනෙල්කාර් සහ විනු, සැරසන්ස් ජයග්‍රහණය දක්වා රැගෙන යයි
හලාවත මේරියන්ස් සහ බදුරලිය ක්‍රීඩා සමාජය
කටුනායක FTZ ක්‍රීඩාංගණයේදි පැවැති මෙම තරගයෙන් ජයග්‍රහණය කිරීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සමත් විය. එහිදි දක්ෂ තුන් ඉරියව් වේග පන්දු යවන ක්‍රීඩක තක්ෂිල ද සිල්වා විසින් දක්ෂ ලෙස ලකුණු 75 හලාවත මේරියස් ජයග්‍රහණය වෙනුවෙන් රැස් කරන ලදි.
හලාවත මේරියන්ස් – 234/11 (48.1) තක්ෂිල ද සිල්වා 75, රිසිත් උපමාල් 46, කසුන් විදුර 32, චන්දුල වීරරත්න 3/19, අාකාෂ් සෙනවිරත්න 3/43.
බදුරලිය ක්‍රිකට් සමාජය – 226/11 (49.3) හරිත් සමරසිංහ 76 *, මධුශංක රවිචන්ද්‍රකුමාර් 30, තක්ෂිල ද සිල්වා 3/58, ලහිරු සමරකෝන් 2/36.
කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය
දක්ෂ රාජකීය විද්‍යාලීය ක්‍රීඩක උමේෂ් සූරියබණ්ඩාර විසින් නොදැවී ලකුණු 83ක දක්ෂතාවයක් විදහා දක්වමින් ජයග්‍රහණය කරා යෑමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය. තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදි පැවැත්විනි.
කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය – 243/11 (45.5): රන්දීර රණසිංහ 80, ප්‍රභාෂ් කැප්පෙටිපොල 40, ටි. ද සිල්වා 4/40, යු. විජේවික්‍රම 2/59.
පොලිස් ක්‍රීඩා සමාජය – 244/8 (49.3): උමේෂ් සූරියබණ්ඩාර 83*, නිමංක රත්නායක 33, රන්දිර රණසිංහ 2/44, අරවින්ද බණ්ඩාර 2/44.
පසුගිය ලිපි: හිමාෂගේ ශතකය රාගම ක්‍රීඩකයෝ අසරණ කරයි
මූවර්ස් ක්‍රීඩා සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය
සහිරා විද්‍යාලීය දක්ෂ දකුණත් පන්දු යවන ඉර්ෂාඩ් උමාර් විසින් CCC කණ්ඩායමේ කඩුළු 5ක් ලකුණු 23කදි දවාලමින් මූවර්ස් ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණයට දායක විය. තරගය කොළඹ බ්‍රේයික්බෘක් පිටියේදි පැවැත් විය.
මූවර්ස් ක්‍රීඩා සමාජය – 121/11 (34.5): මිංහජ් ජලීල් 20, ශනුක දුලාජ් 19, උස්මාන් අයිසැක් 4/28, රවීන් සයෙර් 2/22.
CCC – 92/11 (18.5): මලින්ද මධුරංග 33, ලහිරු ජයකොඩි 22, ඉර්ෂාඩ් උමර් 5/23, ශනුක දුලාජ් 3/24.
බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය
දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් ශාන්ත බෙනඩික්ට් විද්‍යාලීය ආදි සිසුවෙකු වන මධුර මදුසංක විසින් පන්දු 81කදි දක්ෂ ලෙස ලකුණු 51 ලබා ගනිමින් නාවික හමුදා කණ්ඩායම ජයග්‍රණය කරා රැගෙන යන ලදි.
බ්ලූම්ෆීල්ඩ් සමාජය – 171/11 (45.5): තරින්දු කරුණාරත්න 39, තුලින ඩිල්ෂාන් 34, කෝසල බණ්ඩාර 3/16, දිනුශ්ක මාලන් 2/29, ලහිරු ඩිල්ෂාන් 2/39.
නාවික හමුදා ක්‍රීඩා සමාජය – 176/6 (46.3): මදුර මදුසංක 51, කුසල් එදිරිසූරිය 35, ඩැරන් ඊබට් 2/31
තවත් ක්‍රිකට් පුවත් සදහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට
නොන්ඩිස්ක්‍රිප්ට් ක්‍රීඩා සමාජය සහ දෙමළ සංගම් ක්‍රීඩා සමාජය
තරගය ජයග්‍රහණය කිරීමට නොන්ඩිස්ක්‍රිප්ට් ක්‍රීඩා සමාජය සමත් විය. තරගයේ දක්ෂ පන්දු යැවීමක නිරත වු හිටපු ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රීඩක ලහිරු කුමාර ලකුණු 46කදි කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය.
නොන්ඩිස්ක්‍රිප්ට් ක්‍රීඩා සමාජය – 212/11 (48): නිමේෂ ගුරුසිංහ 64, නිසල් ෆ්‍රැන්සිස්කෝ 35, අරවින්ද අකුරුගොඩ 31, හේරත් මධුවන්ත 2/16, දේවින්ද් පත්මනාදන් 2/41, ප්‍රමෝද් ලියනගමගේ 2/42
දෙමළ සංගම් ක්‍රීඩා සමාජය – 138/11 (25.5): චාමික කරුණාරත්න 58, ලහිරු කුමාර 5/46, ලසිත් ඇඹුල්දෙනිය 2/33.
සිංහල ක්‍රීඩා සමාජය සහ ගාල්ල ක්‍රීඩා සමාජය
ගාල්ල ක්‍රිකට් සමාජය කඩුළු 6කින් පරදවා ජය වාර්තා කිරීමට සිංහල ක්‍රීඩා සමාජය සමත් විය. තරගය SSC ක්‍රීඩා පිටියේදි පැවැත් විය.
ගාල්ල ක්‍රිකට් සමාජය – 138/11 (46.2): පවන් ඩයස් 62, අධීෂ පුංචිහේවගේ 3/33, අක්තබ් කාඩර් 3/35, බිනුර ෆර්නැන්ඩෝ 2/19.
සිංහල ක්‍රීඩා සමාජය – 141/4 (33.2): ක්‍රිශාන් සංජුල 45, රමේෂ් මෙන්ඩිස් 40*. දනංජය ලක්ෂාන් 2/22.
කොල්ට්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය
තරගය කෝල්ට් ක්‍රීඩා පිටියේදි පැවති අතර කඩුළු 7කින් ජයග්‍රහණය වාර්තා කිරීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සමත් විය.
රාගම ක්‍රිකට් සමාජය – 124/11 (30.3): සහන් නානායක්කාර 26, අමිල අපොන්සු 21, අලී ඛාන් 3/18, අකිල දනංජය 3/21, චරිත් ලක්වින් 2/19.
කොල්ට්ස් ක්‍රීඩා සමාජය: 127/3 (24.1): පසිදු ඉසිර 52, සාලින්ද උෂාන් 33, ටනීෂ වීරකොන් 1/31.
මීගමුව ක්‍රිකට් සමාජය සහ පානදුර ක්‍රිකට් සමාජය
හිටපු ඩි. එස්. විද්‍යාලීය ක්‍රිඩක සහ ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායමේ ආරම්භක ක්‍රීඩක අකීල් ඉන්හම් නොදැවී මීගමුව ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලකුණු 104ක් ලබා ගන්නේ පන්දු 147ක් භාවිතා කරමිනි. තරගය කදිරනහිදි පැවති අතර පානදුර සමාජය ලකුණු 37කින් පරාජය කිරීමට මීගමුව සමාජය සමත් විය.
මීගමුව ක්‍රිකට් සමාජය: 265/3 (50): අකීල් ඉන්හම් 104*, උවීන් බණ්ඩාර 61, කෙවින් බණ්ඩාර 56, ශිහාන් දිලාශ්‍රී 30, රන්ඩෙල් සෙනෙවිරත්න 1/48.
පානදුර ක්‍රිකට් සමාජය – 228/9 (50): චාමික සංසක 51, කමිල් මිෂාර 51*, මොහොමඩ් ශිල්මි 33, සේවින්ද සිල්වා 2/39.
තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට