ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරන අනතර් පළාත් වයස අවුරුදු 19 පහල ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ කිහිපයක් පසුගිය 28, 29  දිනයන් හි පැවැත්වූ අතර එක් තරඟයක් 29 සහ 30 දෙදින තුළ ක්‍රියාත්මක විය.

දකුණ හා බස්නාහිර බලය පතුරුවයි – දෙවන සතිය

බස්නාහිර පළාත් උතුර හා උතුර පළාත් කණ්ඩායම් අතර තරඟය තර්ස්ටන් පිටියේදී,

කාසියේ වාසිය දිනාගත් උතුරු පළාත් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට බස්නාහිර කණ්ඩායමට ඇරයුම් කරන ලදි. ඒ අනුව බස්නාහිර පළාත් කණ්ඩායම තම පළමු ඉණිමට පන්දුවාර 56 ක් තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 306 ලබාගත් අතර එහිදී ජෙහාන් ඩැනියල් ලකුණු  104, නිපුන් හග්ගල ලකුණු 73, කවිෂ්ක අන්ජුල ලකුණු 49ක් සහ පන්දු යැවීමේදී වී.ජතුශාන් ලකුණු 72 ට කඩුළු 4ක්, හා ජී.රතිෂන් 62/3 ලෙස දක්ෂතා පෙන්වන ලදි.

උතුරු පළාත් පළමු ඉණිම සියළු දෙනා දැවී ලකුණු 146 (58.4) කි. එම්. නිතුශන් 55, එස්. කොමිදරන් 23, පන්දු යැවීමේදී හිමත් ජයවීර 57/5 ලබා ගන්නා ලදි.

උතුරු කණ්ඩායම පළමු ඉණිමට ගත් ලකුණු ප්‍රමාණය අවම නිසා යළිත් ඔවුන්ට තම දෙවන ඉණිම ක්‍රියාත්මක කිරීමට විය. එහිදී ඔවුන් පන්දුවාර 86.3 කදී සියලු දෙනා දැවී ලකුණු 253 ක් ලබාගත් අතර ජෙනී ෆෙලෙමින් ලකුණු 76, අයන සිරිවර්ධන 65ක්, පන්දු යැවීමේදි හිමත් ජයවීර ලකුණු 91 කඩුලු 4ක් දවා ගන්නා ලදි.

අනතුරුව තම දෙවන ඉණිමට බස්නාහිර පළාත් උතුර කණ්ඩායම පන්දුවාර 7 කදී, කඩුලු 5 ක් දැවී ලකුණු 51ක් ලබා ගත් අතර පන්දු යැවීමේදී කේ. කපිල්රාජ් 28/4 දක්ෂතා දක්වන ලදි.

ඒ අනුව එම තරඟයේ පළමු ඉණිමේ ජය බස්නාහිර උතුරු පළාත් කණ්ඩායමට හිමි විය.

19 පහළ පළාත් ක්‍රිකට් තරඟාවලියේ නිමා වු දින දෙකක තතුවිත්ති – ප්‍රථම සතිය

ඌව පළාත හා වයඹ පළාත කණ්ඩායම් අතර තරඟය වෙළෙඳ සේවා පිටියේදී,

වයඹ කණ්ඩායම පළමු ඉණිමට පන්දුවාර 61 යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී ලකුණු 253 ක් ලබා ගත් අතර වනිත වන්නිනායක ලකුණු 73, නිපුන් ධනංජය ලකුණු  67ක් ද පන්දු යැවීමේදී අවිදු තීක්ෂණ 96/4 ලබා ගන්නා ලදි.

ඌව පළමු ඉණිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 167 (54.3) ක් ලබාගත් අතර එහිදි  ගයාන් ප්‍රීතිමල් ලකුණු 48ක්ද පන්දු යැවීමේදි නවීන් බණ්ඩාර 25/3 ලබාගන්නා ලදි.

වයඹ පළාත් කණ්ඩායම දෙවන ඉණිමට පන්දුවාර 35 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 182 ක් ලබා සිටින විට ඉණිම අත්හිටුවිය.එහිදි කේෂාන් වන්නිආරච්චි ලකුණු 56, හෙෂාන් ධනුෂ්ක 53 ක්ද, පන්දු යැවීමේදී 55/3 ක් ලෙස පමේෂ දිල්සර දක්ෂතා දක්වන ලදි.

අනතුරුව පිටියට පැමිණි ඌව පළාත් කණ්ඩායම පන්දුවාර 56 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 190 ක් ලබා ගන්නා ලදි. අවිදු තීක්ෂණ ලකුණු 57 ක් ලබා ගත් අතර පන්දු යැවෘමේදි දමිත සිල්වා

ලකුණු 52/3 ක් ලෙස දක්ෂතා දක්වන ලදි. ඒ අනුව එම තරඟයේ පළමු ඉණිමේ ජයග්‍රහණය වයඹ පළාත් කණ්ඩායමට හිමි විය.

මධ්‍යම පළාත හා බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම් අතර තරඟය සරේ පිටියේදී,

කාසියේ වාසිය දිනාගත් මධ්‍යම පළාත් කණ්ඩායම පන්දුවට ප්‍රථමයෙන් පහරදුන් අතර පළමු ඉණිමට සියලු දෙනා දැවී  ලකුණු 140 (55.1) ලබා ගැනීමට ඔවුන් සමත්විය. ගිහාන් විතාරණ ලකුණු 28ක්ද, පන්දු යැවීමේදි සවිදු පීරිස් 12/2 ක් ලෙස දක්ෂතා දැක්වන ලදි.

අනතුරුව පිටියට පැමිණි බස්නාහිර දකුණ කණ්ඩායම තම පළමු ඉණිමට කඩුලු 7 ක් දැවී ලකුණු 300 (59.3) ලබා සිටියදී ඉණිම අත්හිටුවීමට තීරණය කරන ලදි. අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 160, කමිල් මිශාර 61ක්ද පන්දු යැවීමේදි තිසරු ඩිල්ශාන් 96/4ක් ලෙස දක්ෂතා දක්වන ලදි.

අනතුරුව මධ්‍යම පළාත් කණ්ඩායම තම දෙවන ඉණිමට සියලු දෙනා දැවී ලකුණු 195 (52.2) ලබා ගත් අතර එස්. ෂැනොගීත් ලකුණු 70, දේශාන් ගුණසිංහ ලකුණු 46 ක්ද, පන්දු යැවීමේදී ඉනොෂ් ගිෂාන් 36/5 ලෙස දක්ෂතා දැක්විය.

අනතුරුව පිටියට පැමිණි බස්නාහිර දකුණ කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 37 (6.1)ක් ලබා ගත් අතර විශ්ව චතුරංග ලකුණු 21ක්ද පන්දු යැවීමේදි තිසරැ ඩිල්ශාන්  ලකුණු 9කට කඩුළු 2ක් ද දවා ගන්නා ලදි.

ඒ අනුව බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම පළමු ඉණිමේ ජයග්‍රහණය ලබා ගන්නා ලදි.

 සියළුම තරඟවල ඡායාරූප අැල්බම සඳහා පිවිසෙන්න

දකුණු පළාත හා නැගෙනහිර පළාත කණ්ඩායම් අතර තරඟය මුවර්ස් පිටියේදී,

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු පළාත් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 214 (52.4)ක් වාර්තා කිරීමට සමත්විය. චතුර මිලාන් ලකුණු 63, කවිදු නිර්මාල් නොදැවී 47ක්ද, පන්දු යැවීමේදී නවීන් ගුණවර්ධන 89/4 ක් ලෙස දක්ෂතා දක්වන ලදි.

අනතුරුව පළමු ඉණිමට නැගෙනහිර පළාත් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 127 (51.1) ක් ලබා ගන්නා ලදි. ලසිත කෘස්පුල්ලේ ලකුණු 46, පන්දු යැවීමේදී ප්‍රශාන් කුමාර 22/2 ද ලකුණු පුවරුව මත සටහන් කරන ලදි.

තම දෙවන ඉණිම සඳහා දකුණු පළාත් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 197 (34.4)ක් ලබා සිටියදී ඉණිම අත්හිටුවීමට තීරණය කල අතර එහිදී කවීෂ දිල්රංග ලකුණු 42ක්ද, පන්දු යැවීමේදී නවීන් ගුණවර්ධන 75/3ක්ද වාර්තා කළේය.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 285 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි නැගෙනහිර පළාත් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 118 (27.4)කි. සසිදු දිවංකර 39, දිලුම් සුධීර 65/4 ක් ලෙස දක්ෂතා දක්වන ලදි. ඒ අනුව එම තරඟය ලකුණු 166 කින් ජයග්‍රහණය කිරීමට දකුණු පළාත් කණ්ඩායම සමත් විය.

මීළඟ තරඟ මැයි මස 2 සහ 3 යන දිනයන් හි පැවැත්වීමට නියමිත අතර එහිදී කණ්ඩායම් පහත පරිදි තරඟ වැදේ.

  • බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම හා ඌව පළාත් කණ්ඩායම අතර තරඟය කෝල්ට්ස් පිටියේදී.
  • උතුරු පළාත් කණ්ඩායම හා වයඹ පළාත් කණ්ඩායම අතර තරඟය මුවර්ස් පිටියේදී.
  • උතුරු මැද පළාත් කණ්ඩායම හා නැගෙනහිර පළාත් කණ්ඩායම අතර තරඟය වෙළෙඳ සේවා පිටියේදී.
  • මධ්‍යම පළාත් කණ්ඩායම හා දකුණු පළාත් කණ්ඩායම අතර තරඟය නිදහස් වෙළෙඳ කලාප පිටියේදී.
Points Table after three rounds

Points Table after three rounds