එංගලන්ත සංචාරයට දසුන් ශානක සහ ධනංජය සිල්වා

908

එළඹෙන මැයි මස 8 වැනිදා අාරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් සංචාරය සඳහා 17 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක්, නව තේරීම් කමිටුව විසින් මේවන විට නම්කර අැත.‍

දක්ෂ පිතිකරුවකු සහ තුන් ඉරියව් ක්‍රිඩකයෙකු වන දසුන් ශානක සහ දක්ෂ පිතිකරුවකු වන ධනංජය ද සිල්වා සංචිතයට අැතුලත් කර අැත. ඔවුන් පෙර පැවති නේවාසික පුහුණුවටද සහභාගී වුවෝ වන අතර පුහුණු සැසියට සහභාගී නොවු ළහිරු තිරිමාන්න ද මෙම සංචිතයට අැතුලත් ය.

 එංගලන්ත ක්‍රිකට් සංචාරයට 20න් 15ක් 

කෙසේ නමුත් එළඹෙන මැයි සහ ජුනි මාසයේ එංගලන්තයේ කාලගුණික තත්වයත් සහ එංගලන්ත තණල්ලේ පන්දුව දෝලනය වන ආකාරයත් සැලකිල්ලට ගනිමින් සංචිතයට වේග පන්දු යවන්නන් සත් දෙනෙකු අැතුළත්ය. දඟ පන්දු යවන්නන් ලෙස රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා සහ වමතින් දඟ පන්දු යැවිය හැකි මිලින්ද සිරිවර්ධනද සංචිතයට අැතුලත්ය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන නිරෝෂන් දික්වැල්ල කඩුළු රැකීමේ විශේෂඥයෙකු සහ පිතිකරුවෙකු ලෙස  සංචිතයට කැදවා අැත.

පසුගිය දිනක පැවති පුහුණු සැසියකදි අනතුරකට භාජනය වු ක්‍රීඩක කෞෂාල් සිල්වා අාරම්භක පිතිකරු ලෙස සංචිතයට නම් කර අැති අතර දිමුත් කරුණාරත්න ද පිටියට කැදවා අැත. තවද මේවන විට සාර්ථකව සුවය ලබා සිටින ක්‍රීඩකයින් දෙපළක් වන ධම්මික ප්‍රසාද් සහ ෂාමින්ද එරංගද සංචිතයට කැදවා අැත.

 අවාසනාවන්ත අනතුරකින් කෞෂාල් සිල්වා රෝහල් ගත කෙරේ 

කෙසේ වෙතත්  තරග 32 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 11 ක් ලබාගත් පළපුරුදු අාරම්භක පිතිකරුවෙකු වන තරංග පරණවිතාන (ලකුණු 953/සාමාන්‍යය 79.41) සංචිතයට අැතුලත් කර නොමැත.

තවද ක්‍රිකට් බළධාරීන් විසින් රග්බි ක්‍රීඩාව නියෝජනය කීර්තිමත් පුද්ගලයෙකු වන චන්ද්‍රෂාන් පෙරේරා සහය පුහුණුකරුවෙකු සහ සන්නිවේදන කළමණාකරුවෙකු ලෙස සංචාරයට නම්කර අැති අතර ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන මැයි මස  4 වැනිදා එංගලන්තය බලා පිටත්ව යනු අැත.

 සංචිතය 

  1. ඇන්ජලෝ මැතිව්ස් (නායක),
  2. ධනංජය සිල්වා
  3. දසුන් ශානක
  4. ධම්මික ප්‍රසාද්
  5. දිල්රුවන් පෙරේරා
  6. දිමුත් කරුණාරත්න
  7. දිනේෂ් චන්දිමාල් (උපනායක),
  8. දුෂ්මන්ත චමීර
  9. කෞෂාල් සිල්වා
  10. කුසල් මෙන්ඩිස්
  11. ලහිරු තිරිමාන්න
  12. මිලින්ද සිරිවර්ධන
  13. නිරෝෂන් දික්වැල්ල
  14. නුවන් ප්‍රදීප්
  15. රංගන හේරත්
  16. ශමින්ද එරංග
  17. සුරංග ලක්මාල්

 

කණ්ඩායමට සහභාගී වන නිළධාරීන් :

  1. චරිත් සේනානායක – කළමනාකරු
  2. ග්‍රහැම් ෆෝඩ් – ප්‍රධාන පුහුණුකරු
  3. ස්ටීවන් කන්ද – භෞතචිකිත්සක
  4. මයිකල් මේන් – පුහුණුකරු
  5. චන්ද්‍රෂාන් පෙරේරා – සහකාර පුහුණුකරු / සන්නිවේදන කළමනාකරු
  6. චම්පක රාමනායක – පන්දු පුහුණුකරු
  7. නුවන් සෙනෙවිරත්න – පන්දු රැකීමේ පුහුණුකරු
  8. ලාල් කමෙල් – සම්භාහන ශිල්පියා
  9. දුලිප් සමරසිංහ- පරිගණක රස පරීක්ෂක