ශ්රී ලංකාවේ දක්ෂ කඩුළු රකින්නෙකු වන කෞෂාල් සිල්වාගේ හිසට සිදුවු අනතුරක් හේතුවෙන් මීට සුළු මොහොතකට ප්රථම කොළඹ නවලෝක රෝහලට අැතුලත් කරනු ලැබීය.
ඔහු මෙලෙස අනතුරට පත්වුයේ ශ්රී ලංකාව ඉදිරියේදි සහභාගි වීමට නියමිතව අැති එංගලන්ත සංචාරය සඳහා වන නේවාසික පුහුණු වීමක් අතරතුර සිදුවු අනතුරක් හේතුවෙනි. 20 දෙනෙකුගෙන් සමන්විත වු එම සංචිතයට කෞෂාල් සිල්වා ද අැතුලත් අතර ශ්රී ලංකා ගුවන් හමුදාවේ සහය අැතිව ඔහු මහනුවර සිට කොළඹට රැගෙන ඒමට හැකිවිය.
ThePapare.com අප සියළු දෙනා ඔහුට ඉක්මන් සුවය ප්රාර්ථනා කරන අතර නවතම තොරතුරු සඳහා අප සමඟම රැදි සිටින්න.
තවත් ප්රවෘත්ති සඳහා මෙතනින් පිවිසෙන්න