ශී‍්‍ර ලංකා කණ්ඩායම දකුණු ආසියානු තරගාවලිය පුරා දැක් වූ දක්ෂතා ඉතා පැහැදිලිව ම විශිෂ්ට මට්ටමේ පැවති අතර, ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ වේගවත්ම කී‍්‍රඩකයින් අතරින් පිළිවෙලින් මීටර් 100 සහ 200 තරග ඉසව්වන් ජයග්‍රහණය කළ විනෝජ් සුරන්ජන් සහ හිමාෂ ඉෂාන් ඒ අතරින් වඩාත් කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කළහ.
2016 සාග් කී‍්‍රඩා තරගාවලියේ 6 වෙනි දිනයේ දී, අන් කී‍්‍රඩකයින්ට රිදී සහ ලෝකඩ පද්දකම් උරුම කර දෙමින් සුරන්ජන් මීටර් 200 තරග ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කලේය.
තම මීටර් 200 විජයග්රාහනයෙන් අනතුරුව, ThePapare.com සමඟ ඔහු මෙතෙක් ආ තම ගමන් මඟ පිළිබඳව මෙසේ දොඩමළු විය.
’‘මම අධ්‍යාපනය ආරම්භ කලේ බලපිටිය රාවත මහා විද්‍යාලයෙන්. ඇත්තමට මම පටන්ගත්තේ කි‍්‍රකට් කී‍්‍රඩා කරන්න, චමිල ද සිල්වා සර් තමයි මාව මලල කී‍්‍රඩා සඳහා යොමුකරේ. ඊට පස්සෙ මම මගේ උසස් පෙළ අධ්‍යාපනය සඳහා අම්බලන්ගොඩ ශී‍්‍ර දේවානන්ද විද්‍යාලයට ඇතුළත් උනා. එම පාසලේ ඉන්නකොට තමයි මම ජාතික සහ තරුණ සංචිතයට තේරුණේ. ඒ වෙද්දි ගුරුසිංහ සර් සහ මජීඞ් සර් තමයි මට පුහුණුවීම් සිදු කරේ. ඔවුන්ගේ මගපෙන්වීම යටතේ මම ජාතික කණිෂ්ට ශූරතාවලියට තේරුණා. ඒ කාලේ දී මට චමින්ද සර් ව මුණ ගැහුණා. ඔහු තමයි මට ජාත්‍යන්තර තලයට යා හැකි මට්ටමේ පුහුණුවීමක් ලබා දුන්නේ. ’’
සුරන්ජන් ගේ පිබිදීමේ ආරම්භය සිදුවුණේ දැනට වසර දෙකකට පමණ පෙර දී ය. පසුගිය වසරේ පැවති 41 වන ජාතික කී‍්‍රඩා උළලේ දී නොසිතූ විරූ මහා පෙරළියක් සිදුකළ සුරන්ජන්, තම කී‍්‍රඩා දිවියේ උපරිම දක්ශතාවය වන තප්පර 10.45 කින් තරගය නිමාකලේ, 17 වියැති හිමාෂ ඒෂාන් තබා තිබූ වාර්තාව බිඳ දමමින් 41 වන ජාතික කී‍්‍රඩා උළලේ වේගවත්වම කී‍්‍රඩකයා බවට පත්වෙමිනි. එසේම ඔහු තප්පර 21. 02 කින් මීටර් 200 තරගය අවසන් කරමින් ඔහු නව තරග වාර්ථාවක් තබන්නට සමත්විය. ඔහු තප්පර 10.47 කින් තරගය නිමා කරමින් 1998 වසරේ දී චින්තක ද සොයිසා විසින් තබා තිබූ මීටර් 100 වාර්ථාව ද බිඳ දැමීමට සමත් විය.
චමින්ද පෙරේරා පුහුණුකරු යටතේ දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස කිරුළු පලන් හිමාෂ ඒෂාන් සමඟ එක් ව පුහුණුවීම් වල නිරතව සිටි සුරන්ජය, දකුණු ආසියානු තරගාවලියට සහභාගි වන විටත්, දෙසැම්බර් මාසයේ පැවති සාග් පරීක්ෂණ තරගවල දී තප්පර 21.04 කින් දැක් වූ සුවිශේෂී කාල වාර්ථාව හේතුවෙන්, ඒ වනවිටත් සාග් මීටර් 200 තරගයේ පදක්කම් බලාපොරොත්තුව බවට පත් ව තිබුණි.
‘‘පහුගිය වසර පුරාම මම මේ තරගාවලිය සඳහා පුහුණුවීම්වල යෙදුනා. අපි ඇත්තටම මේ තරගය ඉලක්ක කරගෙන පුහුණුවීම් පටන් ගත්තේ ගිය අවුරුද්දෙ. ඇත්තටම තරගාවලිය මට ඒ තරම් අභියෝගයක් විදියට දැනුණේ නැහැ, සුදුසුකම් ලැබීමේ තරගවලින් පස්සෙ, මට දැණුනා මම දිනයි කියලා’’
සුරන්ජන් තරගාවලියට සහභාගී වන්නේ ම, තරගයේ රන් පදක්කම තම මව්බිමට රැගෙන ආ හැකිය යන දැඩි විශ්වාසයෙනි. එමනිසාම ඔහු තම තරග කාලය පිළිබඳව සහ තරග කාලය උපරිමයට ගෙන ඒම සඳහා වැඩි අවධානයක් යොමුකර තිබුණි. තප්පර 21 එකේ කාල බාධකය බිඳ දැමීමට නොහැකිවීම ගැන ඔහු යම් පසුතැවීමකට පත් වූ නමුත්, මීටර් 200 ඉසව්වේ අවසන් තරගයේ දී ඔහු සුවිශේෂී දක්ෂතාවයක් දක්වමින් තප්පර 21.00 ක තරග කාලයකින් තරගය නිමා කලේය.
‘‘ පුහුණුකරුටයි මටයි, ලොකු ඉලක්කයක් තිබුණා දකුණු ආසියානු තරගාවලිය අතරතුර ඔලිම්පික් සුදුසුකම් ලබාගන්න හැකි මට්ටමේ තරග කාලයක් වාර්ථා කරන්න. ඉන්දියාවේ තිබුණු තත්ත්වයත් එක්ක මම බලාපොරොත්තු උන කාලය වාර්ථා කරන්න මට බැරි උනා. මම ගොඩක් පසුතැවෙනවා මම බලාපොරොත්තු වුනු කාලය මට වාර්ථා කරන්න බැරිවීම ගැන.’’
ජාත්‍යන්තර මට්ටමේ තරගවලට සහභාගී වීම සඳහා අවශ්‍ය වන මූල්‍ය දායකත්වය ලබාගැනීමට ප්‍රධානම හේතුව තමන් ශී‍්‍ර ලංකා යුධ හමුදාවේ සේවයේ නියුතු වී සිටීම බව ඔහු පවසා සිටියේය.
සාග් තරගාවලියේ දී ඔහු බලාපොරොත්තු වූ ඔලිම්පික් පරිසාධන සීමාවට ළගා වීමට නොහැකි වූ නමුත්, එම අරමුණ වෙත ළගාවීමට ඔහුට තවත් මාස දෙක තුනක් ඉතිරි වී තිබේ. එය එතරම් පහසු කාර්යයක් නොවන නමුත්, ඒ ඉලක්කය ජයගැනීමට නම් ඔහු කෙසේ හෝ ඔහුගේ ඉහළම තරග කාලය වන තප්පර 21.00 න් තවත් තප්පර බාගයක් හෝ අඩුකරගත යුතුයි.
‘‘දැනට මට තියන ලොකුම අරමුණ තමයි කොහොමහරි ඉදිරි මාස කීපය ඇතුළත, මේ අවුරුද්ද අවසානයේ රියෝ ද ජැනෙයිරෝ වල තියන ඔලිම්පික් වලට සුදුසුකම් ලබා ගන්න එක.’’
ThePapare.Com වෙබ් අඩවියේ අප සියළුදෙනාම ඔහුට ඔලිම්පික් සිහිනය සැබෑකරගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.