මයිලෝ කුසලාන නෙට්බෝල් ශූරතාවලිය

172

මයිලෝ කුසලාන 2015 පාසල් දැල්පන්දු ශූරතාවලියේ අවසන් වටයෙහි තරග ජූලි මස 25 26 සහ 27 යන දිනවල මාතලේ අළුවිහාර ක්රීඩාංගනයේ පැවැත්වීමට නියමිතය. 24 වන වතාවට පැවැත්වෙන මෙම තරගාවලිය සදහා පාසල් 120ක් සමගින් කණ්ඩායම් 400ක් සහභාගී වේ. එමෙන්ම මේ සදහා දිවයින පුරා ස්ථාන 14ක මූලික වටයේ තරග මේ වන විට පවත්වා අවසන්ය.

මෙය ශ්රී ලංකා පාසල් දැල්පන්දු සංගමයේ සභාපති වන සදමාලි අවරප්පොල විසින් තුම්මුල්ලෙහි දී පැවති මාධ්‍ය සාකච්ඡාවෙහි දී සදහන් කෙරිණි.

24වන වතාවට නෙස්ලේ ලංකා සමාගමෙහි අනුග්රාහක දායකත්වය යටතේ පවත්වන මෙම තරගාවලිය A සහ B යන කාණ්ඩ දෙක යටතේ වයස අවුරුදු 13 14 16 සහ 18 යන වයස් කාණ්ඩ යටතේ පැවැත්වීමට නියමිතය.

ශ්රී ලංකා පාසල් දැල්පන්දු සම්මේලනයේ ප්රධාන අභිලාෂය වී ඇත්තේ නගරයෙන් පිට පාසල් වලට ද මෙම ක්රීඩාව පතුරවා ඔවුන් මේ සදහා පෙළඹවීමය.

පසුගිය බ්රහස්පතින්දා දින තුම්මුල්ලෙහි පැවති මාධ්‍ය සාකච්ඡාවෙහි දී අදහස් දැක්වූ සදමාලි අවරප්පෙරුම පවසා සිටියේ ‘‘මගේ අදහස අනුව මේ ක්රීඩාව සදහා සහභාගී වන සියලුම තරගකරුවන් හට සාදාරණීකරණය අනුව දිනීමේ හැකියාවක් ඇත” යනුවෙනි.

වයස අවුරුදු 13න් පහළ කාණ්ඩය යටතේ 2003 සහ 2004 වර්ෂයන්හි උපත ලැබූ අයට ද වයස අවුරැදු 14න් පහළ කාණ්ඩය යටතේ 2002 වර්ෂයේ උපත ලැබූ අයට ද වයස අවුරුදු 16න් පහළ කාණ්ඩය යටතේ 2000 සහ 2001 වර්ෂයන්හි උපත ලැබූ ක්රීඩක ක්රීඩිකාවන් හට සහභාගී විය හැකි අතර ‍ජේෂ්ඨතම කණ්ඩායම වන වයස අවුරුදු 18න් පහළ කාණ්ඩය සදහා 1998 සහ 1999 වර්ෂයන් හි උපත ලැබූ අයට සහභාගී විය හැකිය.

පසුගිය වර්ෂයේ දී කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කණ්‍යාරාමය අනුපූර්ව 6වන වතාවට වයස අවුරුදු 14 සහ 16 වයස් කණ්ඩායම් හි ජයග්රහනය දිනා ගත් අතර වයස අවුරුදු 18න් පහළ කණ්ඩායමෙහි තෙවන ස්ථානය දිනා ගැනීමට ද හැකි විය.