92 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ තෙවැනි දිනය අද (03) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී සාර්ථකව නිමාවට පත් වුනා.
අද දිනය තුළ නව ජාතික වාර්තාවක් සම වූ අතරම, තවත් තරග වාර්තා කිහිපයක් ම බිඳ වැටීමත් විශේෂත්වයක්.
වයස අවුරුදු 18න් පහළ පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කළ කඳාන සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ඔමෙල් සිල්වා විසින් සිය ඉසව්ව තත්පර 47.10කින් නිමා කරමින් වසර 22ක් පැරණි වයස අවුරුදු 18න් පහළ ජාතික වාර්තාවක් සම කිරීමට සමත් වුනා. මීට පෙර 2002 වර්ෂයේ දී මනෝජ් පුෂ්පකුමාර විසින් පිහිටවනු ලැබූ මෙම ජාතික වාර්තාව සම කරමින් මෙන්ම නව තරග වාර්තාවක් ද පිහිටුවීමට ඔමෙල් සමත් වන අතරේ, සදෙව් රාජකරුණා ද මීට පෙර මෙම ඉසව්ව සඳහා පැවති තරග වාර්තාව අබිබවා යමින් තත්පර 47.71කින් තරගය නිමා කරමින් දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.
මේ අතර පිරිමි 16න් පහළ මීටර් 400 ඉසව්ව තත්පර 49.76කින් නිමා කළ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ W.N.විශාල් ද නව තරග වාර්තාවක් සටහන් කළා.
වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය ම නියෝජනය කළ 16න් පහළ පිරිමි 100×4 කණ්ඩායම ද තත්පර 44.18ක් සමඟ නව තරග වාර්තාවක් වෙත පිය නැමීම විශේෂත්වයක්.
මීට අමතරව කාන්තා 18න් පහළ 100×4 ඉසව්ව නියෝජනය කළ වත්තල ලයිසියම් කණ්ඩායම තත්පර 49.02ක් සමඟින් තවත් තරග වාර්තාවක් කරා යොමු වුනා.
එමෙන්ම කාන්තා 20න් පහළ මීටර් 100×4 ඉසව්ව නියෝජනය කරමින් තත්පර 48.49ක කාලයක් වාර්තා කළ කොළඹ ගේට්වේ විද්‍යාලය ද, 20න් පහළ පිරිමි 400×4 නියෝජනය කරමින් තත්පර 41.45ක කාලයක් වාර්තා කළ කොළඹ ආනන්ද විද්‍යාලය ද නව තරග වාර්තා සටහන් කළා.
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
- වසර 37ක් පැරණි කාන්තා උස පැනීමේ ලෝක වාර්තාව අලුත් වෙයි!
- කාලිංග සහ අරුණ අතරේ තියුණු සටනක්
- අරුණ ඔලිම්පික් වරම් ලබයි!
- තරුෂි සහ නදීශා ඔලිම්පික් වරම් ලබයි
මීට අමතරව අද දිනයේ ක්‍රියාත්මක වූ අවසන් තරග ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේයි.
කාන්තා
- 16න් පහළ යගුලිය විසිකිරීම – S.M.S.C.සමරකෝන් (මීගමුව ආවේ මරියා විද්‍යාලය)
- 20න් පහළ හෙල්ල විසිකිරීම – B.S.දිව්‍යාංජලී (ගාල්ල සංඝමිත්තා විද්‍යාලය)
- 18න් පහළ දුර පැනීම – M.D.නෙහාරා (පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය)
- 20න් පහළ උස පැනීම – D.T.K.ජයරත්න (කුරුණෑගල ජනාධිපති විද්‍යාලය)
- 16න් පහළ තුන් පිම්ම -W.D.D.සිරිරතන (මහනුවර හේමමාලි බාලික විද්‍යාලය)
- 18න් පහළ කාන්තා හෙල්ල විසිකිරීම – A.K.U.වීරසිංහ (මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය)
- 16න් පහළ මීටර් 400 – K.ජයවර්ධන (වත්තල ලයිසියම් විද්‍යාලය)
- 18න් පහළ මීටර් 400 – S.P.W.දෙව්මිණී
- 20න් පහළ මීටර් 400 – J.විජේතුංග (වත්තල ලයිසියම් විද්‍යාලය)
- 16න් පහළ 100×4 – ගම්පහ සිරි කුරුස විද්‍යාලය
පිරිමි
- 20න් පහළ යගුලිය විසිකිරීම – T.D.S.I.රත්නසිරි (බලංගොඩ ආනන්ද මෛත්‍රීය විද්‍යාලය)
- 20න් පහළ උස පැනීම – G.L.අර්තවිදු (කොළඹ ආනන්ද විද්‍යාලය)
- 16න් පහළ තුන් පිම්ම – A.මිහිරංග (නුගේගොඩ ලයිසියම් විද්‍යාලය)
- 18න් පහළ රිටි පැනීම – P.A.D.S.දිල්නද (බෝපිටිය ලොයාලා විද්‍යාලය)
- 18න් පහළ යගුලිය විසිකිරීම – H.U.ජයසිංහ (වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය)
- 20න් පහළ මීටර් 400 – M.රොශේන් (මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය)
- 18න් පහළ මීටර් 100×4 – වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය
ශූරතාවලියේ සිව්වැනි දිනය හෙට (03) ක්‍රියාත්මක වීමට නියමිතයි. එමෙන්ම මෙවර තරගාවලියේ සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානමින් සිටිනවා. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<