Home Sinhala ජෝසප්වරුන්ගෙන් සටන්කාමී ආරම්භයක්

ජෝසප්වරුන්ගෙන් සටන්කාමී ආරම්භයක්

91st Battle of the Saints

37
91st Battle of the Saints

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 91 වැනි වරටත් පැවැත්වෙන “Maurice J. Le Goc පියතුමන් අනුස්මරණ කුසලාන” සාන්තුවරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (04) 2 වැනි දිනයට නිමා වුනා.

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත පීතර විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 243ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සාන්ත ජෝසප් විද්‍යාලය මේ වෙද්දී කඩුලු 3ක් දැවී ලකුණු 150ක් ලබා ගනිමින් තරගකාරී ලකුණු පුවරුවක් නිර්මාණය කර තිබෙනවා. පළමු ඉනිමේ වැඩි වාසි ලබා ගැනීමට ඔවුන්ට තවත් අවශ්‍ය ලකුණු 93ක් පමණක් වන අතර ඒ සඳහා තවත් කඩුලු 7ක් ඔවුන් සතුයි.

තරගයේ දෙවැනි දිනය ආරම්භ වෙන්නේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 176ක් ලබා සිටියදීයි.

අද ඔවුන් එම ඉනිම ලකුණු 243ක් දක්වා රැගෙන ගියා. එහි දී දිනයේ කැපී පෙණෙන සාන්ත පීතර පිතිකරුවා බවට පත් වීමට ලශ්මික පෙරේරා සමත් වුනා. ඔහු පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තා.

ඔහු අවසන් පිතිකරු තරින් සෙන්විදු සමඟ එක් වෙමින් 10 වැනි කඩුල්ලට ලකුණු 37ක් එක් කිරීමට ද සමත් වෙනවා. තරින් සෙන්විදු ඉනිම නිමා වෙන විට පන්දු 10කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 2ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී මානස මදුභාෂණ ලකුණු 77කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව ඩේමියන් ද සිල්වා, නුශාන් පෙරේරා සහ යෙනුල දෙව්තුස කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලයීය පිතිකරුවෝ ආරම්භයේ සිට ම ප්‍රතිවාදීන් පාලනය කරමින් පන්දුවට පහර දුන්නා. එහි දී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක සබඳතාවක් එක් කිරීමට අභිශේක් ජයවීර සහ අවීශ සමාෂ් සමත් වුනා.

ඔවුන් අතුරින් පළමු වෙනි කඩුල්ලට දැවී යන්නේ අභිශේක ජයවීර. ඔහු ඒ වෙද්දී පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ලබා සිටියා.  ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව තවත් ලකුණු 3ක් පමණක් ඉනිමට එක් වෙද්දී අවීශ සමාෂ් ද තම ඉනිම ලකුණු 32කට හැර යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් තම ඉනිමට එක්කර ගෙන තිබුණා.

අනතුරු ව නිම්තක ගුණවර්ධන තම ඉනිම ලකුණු 6ක සීමා කර ගත් අතර එය සාන්ත ජෝසප් ඉනිමේ දිනයේ දැවී ගිය අවසන් කඩුල්ලයි.

තරගය 2 වැනි දිනයට නතර කරන විට සෙනුජ වකුණුගොඩ පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 38ක් ලබා ගනිමින් ද සහ යෙනුල දෙව්තුස පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 44ක් ද ලබා ගෙන පිටියේ නොදැවී රැඳී සිටියා. ඔවුන් දෙදෙනා මේ වන විට සිව් වැනි කඩුල්ල සඳහා නොදැවී ලකුණු 79ක් එක් කර තිබෙනවා.

කඩුලු දවා ගැනීමේ දී ලශ්මික පෙරේරා කඩුලු 2ක් සහ ජොෂුවා සෙබස්තියන් කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 243 (93.3)ඩිලන දම්සර 44, නේතන් ඩේවිඩ් 29, අසදිස ද සිල්වා 38, ජොෂුවා සෙබස්තියන් 27, තරීන් සංකේත් 21, ලශ්මික පෙරේරා 58, මානස මදුභාෂණ 3/77, යෙනුල දෙව්තුස 2/58, නුශාන් පෙරේරා 2/50, ඩේමියන් ද සිල්වා 2/48
  • සාන්ත ජෝසප් විද්‍යාලය – පළමු ඉනිමකඩුලු 3ක් දැවී 150 (57.0)අභිශේක් ජයවීර 23, අවීශ සමාෂ් 32, සෙනුජ වකුණුගොඩ නොදැවී 38, යෙනුල දෙව්තුස නොදැවී 44, ලශ්මික පෙරේරා 2/31

මෙම තරගය හෙට (05) 3 වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

Result

Match drawn

St. Joseph’s College
240/7 (72.3) & 70/2 (13)

St. Peter’s College
243/10 (93.3) & 168/10 (54.4)

Batsmen R B 4s 6s SR
Oween Salgado lbw b Maanasa Madubashana 6 17 1 0 35.29
Dilana Damsara st Kenath Sasmina b Demion De Silva 44 92 6 1 47.83
Nathen David c Senuja Wakunugoda b Demion De Silva 29 94 3 0 30.85
Asadisa De Silva lbw b Nushan Perera 38 101 2 0 37.62
Joshua Sebastian c Aveesha Samash b Nushan Perera 27 74 3 0 36.49
Jason Fernando c Kenath Sasmina b Yenula Dewthusa 1 2 0 0 50.00
Enosh Peterson run out (Kenath Sasmina) 0 3 0 0 0.00
Thareen Sanketh b Maanasa Madubashana 21 42 0 0 50.00
Lashmika Perera c Aveesha Samash b Yenula Dewthusa 58 79 9 1 73.42
Ethan Ransilige b Maanasa Madubashana 5 48 0 0 10.42
Tharin Senvidu not out 2 5 0 0 40.00


Extras 12 (b 5 , lb 1 , nb 1, w 5, pen 0)
Total 243/10 (93.3 Overs, RR: 2.6)
Bowling O M R W Econ
Maanasa Madubashana 20 1 77 3 3.85
Yenula Dewthusa 25.3 5 58 2 2.29
Dunick Perera 3 2 4 0 1.33
Nushan Perera 28 13 50 2 1.79
Demion De Silva 17 3 48 2 2.82
Batsmen R B 4s 6s SR
Abishek Jayaweera c & b Lashmika Perera 23 80 2 0 28.75
Aveesha Samash c Joshua Sebastian b Lashmika Perera 32 72 5 0 44.44
Senuja Wakunugoda c Ethan Ransilige b Joshua Sebastian 48 81 3 0 59.26
Nimthaka Gunawardena b Joshua Sebastian 6 19 1 0 31.58
Yenula Dewthusa c Jason Fernando b Joshua Sebastian 86 136 8 0 63.24
Rishma Amarasinghe c Lashmika Perera b Joshua Sebastian 27 37 2 0 72.97
Dunick Perera not out 10 7 0 1 142.86
Maanasa Madubashana c Nathen David b Lashmika Perera 1 4 0 0 25.00


Extras 7 (b 4 , lb 0 , nb 1, w 2, pen 0)
Total 240/7 (72.3 Overs, RR: 3.31)
Bowling O M R W Econ
Ethan Ransilige 9 1 20 0 2.22
Joshua Sebastian 26 6 80 4 3.08
Tharin Senvidu 6 0 28 0 4.67
Dilana Damsara 8 2 37 0 4.62
Lashmika Perera 21.3 3 64 3 3.00
Thareen Sanketh 2 0 7 0 3.50
Batsmen R B 4s 6s SR
Oween Salgado b Maanasa Madubashana 6 11 0 1 54.55
Dilana Damsara c Nushan Perera b Maanasa Madubashana 4 39 0 0 10.26
Nathen David lbw b Maanasa Madubashana 53 84 9 0 63.10
Asadisa De Silva b Maanasa Madubashana 0 3 0 0 0.00
Joshua Sebastian lbw b Nushan Perera 0 3 0 0 0.00
Jason Fernando b Yenula Dewthusa 45 58 5 0 77.59
Enosh Peterson c Senuja Wakunugoda b Nushan Perera 34 77 5 0 44.16
Thareen Sanketh c Senuja Wakunugoda b Yenula Dewthusa 2 6 0 0 33.33
Lashmika Perera c Senuja Wakunugoda b Maanasa Madubashana 0 9 0 0 0.00
Ethan Ransilige c Dunick Perera b Demion De Silva 20 37 3 0 54.05
Tharin Senvidu not out 0 1 0 0 0.00


Extras 4 (b 0 , lb 0 , nb 0, w 4, pen 0)
Total 168/10 (54.4 Overs, RR: 3.07)
Bowling O M R W Econ
Yenula Dewthusa 13 2 49 2 3.77
Maanasa Madubashana 19 1 57 5 3.00
Nushan Perera 14.4 4 35 2 2.43
Demion De Silva 5 0 22 1 4.40
Dunick Perera 3 0 5 0 1.67


Batsmen R B 4s 6s SR
Aveesha Samash run out (Jason Fernando) 20 17 0 1 117.65
Abishek Jayaweera not out 31 44 1 0 70.45
Senuja Wakunugoda c Nathen David b Joshua Sebastian 1 2 0 0 50.00
Yenula Dewthusa not out 14 15 0 0 93.33


Extras 4 (b 0 , lb 1 , nb 0, w 3, pen 0)
Total 70/2 (13 Overs, RR: 5.38)
Bowling O M R W Econ
Ethan Ransilige 2 0 18 0 9.00
Joshua Sebastian 6 0 26 1 4.33
Lashmika Perera 5 0 25 0 5.00



දෙස්- විදෙස් ප්‍රචලිත මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD1 නාලිකා අංක 126 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<