කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 91 වැනි වරටත් පැවැත්වෙන “Maurice J. Le Goc පියතුමන් අනුස්මරණ කුසලාන” සාන්තුවරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (03) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.
පළමු වරට තුන් දින තරගයක් ලෙසින් ක්‍රියාත්මක මෙම තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 176ක් ලබා සිටියා.
සාන්ත ජෝසප් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
කෙනත් ලියනගේ (නායක), අභිශේක් ජයවීර, යෙනුල දෙව්තුස, මානස මදුභාශන, රිශ්ම අමරසිංහ, නුශාන් පෙරේරා, දුනික් පෙරේරා, ඩේමියන් ද සිල්වා, සෙනුජ වකුණුගොඩ, අවීශ සමාෂ් සහ නිම්තක ගුණවර්ධන.
සාන්ත පීතර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
ඔවීන් සල්ගාදු (නායක), නේතන් ඩේවිඩ් (කඩුලු රකින්නා), ඩිලන දම්සර, ලශ්මික පෙරේරා, තරින් සෙන්විදු, ඊතන් රන්සිලිගේ, අසදිස ද සිල්වා, ජොෂුවා සෙබස්තියන්, එනෝෂ් පීටර්සන්, ජේසන් ප්‍රනාන්දු සහ තරීන් සංකේත්.
කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව නායක ඔවීන් සල්ගාදු සහ දිලන දම්සර ඉනිම ආරම්භ කළා. නායකයාට මෙම තීරණාත්මක ඉනිම හිතකර වූයේ නැහැ. පන්දු 16ක දී ලකුණු 6ක් ලබා සිටිය දී ඔහුගේ ඉනිම අවසන් වෙනවා. ඒ වෙද්දී ලකුණු පුවරුව දැක් වුණේ කඩුල්ලක් දැවී ලකුණු 8ක් ලෙසයි.
එම අවාසනාවන්ත තත්ත්වය මඟ හරිමින් 2 වැනි කඩුල්ලට ලකුණු 76ක සබඳතාවක් එක් කිරිමට දිලන දම්සර සහ නේතන් ඩේවිඩ් සමත් වෙනවා. ඔහුන් අතුරින් නේතන් ඩේවිඩ් ඉනිමේ 2 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියා.
එම දැවී යෑමෙන් අනතුරු ව ලකුණු පුවරුවට ලකුණක් පමණක් එක් වෙද්දී දිලන දම්සර ද තම ඉනිම හැර යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබා සිටියා.
- ශ්‍රී ලංකා ක්රිකට් සභාපති ධුරය නැවතත් ශම්මි සිල්වා මහතාට
- 91 වැනි සටනට සූදානම් වන සාන්තුවරයෝ
- බෙනඩික්වරුන් රශ්මිකගේ ශතකය උදුරා ගනී
- ප්‍රවීන් රන්හිරු ධර්මපාල විද්‍යාලය පරාජයෙන් ගලවා ගනී!
- ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානයට පුහුණු කිරීමේ වගකීම චාමර සිල්වාට
අනතුරුව සාන්ත පීතර ඉනිමේ 4 වැනි කඩුල්ල සඳහා ලකුණු 46ක සබඳතාවක් එක් කිරීමට අසදිස ද සිල්වා සහ ජොෂුවා සෙබස්තියන් සමත් වෙනවා. ජොෂුවා සෙබස්තියන් පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27කට තම ඉනිම හැර යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
එතැන් සිට යැවුණ පන්දු 7ක් තුළ ලකුණු 3කට තවත් කඩුලු 2ක් දවා ගනිමින් ප්‍රතිවාදීන් අසරණ කිරීමට කොළඹ ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඒ වෙද්දී බම්බලපිටිය ඉනිම කියැවුණේ කඩුලු 6ක් දැවී ලකුණු 134ක් ලෙසයි.
මේ අසීරු අවස්ථාවේ දී අසදිස ද සිල්වා සහ තරීන් සංකේත් එක් වෙමින් 7 වැනි කඩුල්ලට ලකුණු 38ක් එක් කරනවා. දිනයේ දැවී ගිය අවසන් පිතිකරු බවට පත් වෙන්නේ අසදිස ද සිල්වා. ඔහු දැවී යන විට පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 38ක් ලබා සිටියා.
තරගය වර්ෂාව හේතුවෙන් තවත් පන්දුවාර 18ක් ඉතිරි ව තිබිය දී නතර වෙද්දී තරීන් සංකේත් පන්දු 39කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 20ක් ද සහ ලශ්මික පෙරේරා නොදැවී ලකුණක් ද ලබා ගනිමින් පිටියේ රැඳී සිටියා.
කඩුලු දවා ගැනීමේ දී නුශාන් පෙරේරා සහ ඩේමියන් ද සිල්වා කඩුලු ද්විත්වය බැගින් ද, යෙනුල දෙව්තුස සහ මානස මදුභාෂණ කඩුල්ල බැගින් ද බෙදා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 176 (71.4)ඩිලන දම්සර 44, නේතන් ඩේවිඩ් 29, අසදිස ද සිල්වා 38, ජොෂුවා සෙබස්තියන් 27, තරීන් සංකේත් නොදැවී 20, නුශාන් පෙරේරා 2/29, ඩේමියන් ද සිල්වා 2/47
මෙම තරගය හෙට (04) 2 වැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oween Salgado | lbw b Maanasa Madubashana | 6 | 17 | 1 | 0 | 35.29 |
Dilana Damsara | st Kenath Sasmina b Demion De Silva | 44 | 92 | 6 | 1 | 47.83 |
Nathen David | c Senuja Wakunugoda b Demion De Silva | 29 | 94 | 3 | 0 | 30.85 |
Asadisa De Silva | lbw b Nushan Perera | 38 | 101 | 2 | 0 | 37.62 |
Joshua Sebastian | c Aveesha Samash b Nushan Perera | 27 | 74 | 3 | 0 | 36.49 |
Jason Fernando | c Kenath Sasmina b Yenula Dewthusa | 1 | 2 | 0 | 0 | 50.00 |
Enosh Peterson | run out (Kenath Sasmina) | 0 | 3 | 0 | 0 | 0.00 |
Thareen Sanketh | b Maanasa Madubashana | 21 | 42 | 0 | 0 | 50.00 |
Lashmika Perera | c Aveesha Samash b Yenula Dewthusa | 58 | 79 | 9 | 1 | 73.42 |
Ethan Ransilige | b Maanasa Madubashana | 5 | 48 | 0 | 0 | 10.42 |
Tharin Senvidu | not out | 2 | 5 | 0 | 0 | 40.00 |
Extras | 12 (b 5 , lb 1 , nb 1, w 5, pen 0) |
Total | 243/10 (93.3 Overs, RR: 2.6) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Maanasa Madubashana | 20 | 1 | 77 | 3 | 3.85 | |
Yenula Dewthusa | 25.3 | 5 | 58 | 2 | 2.29 | |
Dunick Perera | 3 | 2 | 4 | 0 | 1.33 | |
Nushan Perera | 28 | 13 | 50 | 2 | 1.79 | |
Demion De Silva | 17 | 3 | 48 | 2 | 2.82 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Abishek Jayaweera | c & b Lashmika Perera | 23 | 80 | 2 | 0 | 28.75 |
Aveesha Samash | c Joshua Sebastian b Lashmika Perera | 32 | 72 | 5 | 0 | 44.44 |
Senuja Wakunugoda | c Ethan Ransilige b Joshua Sebastian | 48 | 81 | 3 | 0 | 59.26 |
Nimthaka Gunawardena | b Joshua Sebastian | 6 | 19 | 1 | 0 | 31.58 |
Yenula Dewthusa | c Jason Fernando b Joshua Sebastian | 86 | 136 | 8 | 0 | 63.24 |
Rishma Amarasinghe | c Lashmika Perera b Joshua Sebastian | 27 | 37 | 2 | 0 | 72.97 |
Dunick Perera | not out | 10 | 7 | 0 | 1 | 142.86 |
Maanasa Madubashana | c Nathen David b Lashmika Perera | 1 | 4 | 0 | 0 | 25.00 |
Extras | 7 (b 4 , lb 0 , nb 1, w 2, pen 0) |
Total | 240/7 (72.3 Overs, RR: 3.31) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ethan Ransilige | 9 | 1 | 20 | 0 | 2.22 | |
Joshua Sebastian | 26 | 6 | 80 | 4 | 3.08 | |
Tharin Senvidu | 6 | 0 | 28 | 0 | 4.67 | |
Dilana Damsara | 8 | 2 | 37 | 0 | 4.62 | |
Lashmika Perera | 21.3 | 3 | 64 | 3 | 3.00 | |
Thareen Sanketh | 2 | 0 | 7 | 0 | 3.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oween Salgado | b Maanasa Madubashana | 6 | 11 | 0 | 1 | 54.55 |
Dilana Damsara | c Nushan Perera b Maanasa Madubashana | 4 | 39 | 0 | 0 | 10.26 |
Nathen David | lbw b Maanasa Madubashana | 53 | 84 | 9 | 0 | 63.10 |
Asadisa De Silva | b Maanasa Madubashana | 0 | 3 | 0 | 0 | 0.00 |
Joshua Sebastian | lbw b Nushan Perera | 0 | 3 | 0 | 0 | 0.00 |
Jason Fernando | b Yenula Dewthusa | 45 | 58 | 5 | 0 | 77.59 |
Enosh Peterson | c Senuja Wakunugoda b Nushan Perera | 34 | 77 | 5 | 0 | 44.16 |
Thareen Sanketh | c Senuja Wakunugoda b Yenula Dewthusa | 2 | 6 | 0 | 0 | 33.33 |
Lashmika Perera | c Senuja Wakunugoda b Maanasa Madubashana | 0 | 9 | 0 | 0 | 0.00 |
Ethan Ransilige | c Dunick Perera b Demion De Silva | 20 | 37 | 3 | 0 | 54.05 |
Tharin Senvidu | not out | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 4 (b 0 , lb 0 , nb 0, w 4, pen 0) |
Total | 168/10 (54.4 Overs, RR: 3.07) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Yenula Dewthusa | 13 | 2 | 49 | 2 | 3.77 | |
Maanasa Madubashana | 19 | 1 | 57 | 5 | 3.00 | |
Nushan Perera | 14.4 | 4 | 35 | 2 | 2.43 | |
Demion De Silva | 5 | 0 | 22 | 1 | 4.40 | |
Dunick Perera | 3 | 0 | 5 | 0 | 1.67 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Aveesha Samash | run out (Jason Fernando) | 20 | 17 | 0 | 1 | 117.65 |
Abishek Jayaweera | not out | 31 | 44 | 1 | 0 | 70.45 |
Senuja Wakunugoda | c Nathen David b Joshua Sebastian | 1 | 2 | 0 | 0 | 50.00 |
Yenula Dewthusa | not out | 14 | 15 | 0 | 0 | 93.33 |
Extras | 4 (b 0 , lb 1 , nb 0, w 3, pen 0) |
Total | 70/2 (13 Overs, RR: 5.38) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ethan Ransilige | 2 | 0 | 18 | 0 | 9.00 | |
Joshua Sebastian | 6 | 0 | 26 | 1 | 4.33 | |
Lashmika Perera | 5 | 0 | 25 | 0 | 5.00 |
දෙස්- විදෙස් ප්‍රචලිත මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD1 නාලිකා අංක 126 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<