කොළඹ සාන්ත පීතර සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාල අතර 90 වැනි වරට පැවැත්වීමට නියමිත සාන්තුවරයන්ගේ සටන එළඹෙන මාර්තු 22 සහ 23 යන දිනයන් හි කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
“මොරිස් ජේ. ලෙගෝ පියතුමන් අනුස්මරණ කුසලානය” සඳහා දෙවිදුහල් අතර පැවැත්වෙන මෙම මහා ක්‍රිකට් තරගයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඩයලොග් ආසිආටා සමාගම ඉදිරිපත් වී ඇති අතර, ThePapare TV තරගයේ සජීව විකාශය ඔබ වෙත රැගෙන ඒමට සූදානම්.
මෙතෙක් පැවැත්වුණු මහා තරග 89න්, තරග 12ක් ජයග්‍රහණය කිරීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වී ඇති අතර, සාන්ත පීතර විද්‍යාලය තරග 10ක් ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා. එමෙන්ම දිවයින පුරා පැවැත්වෙන අනෙක් මහා ක්‍රිකට් තරගවලට වඩා තරමක් විශේෂ ස්වභාවයක් ගනිමින් ක්‍රියාත්මක වන මෙම තරගයේ තීරණයක් සහිතව අවසන් කිරීමේ අවශ්‍යතාව මත පළමු ඉනිම් ද්විත්වය පන්දුවාර 60කට සීමා කර තිබීමත් විශේෂත්වයක්.
මෙවර මහා තරගය සඳහා සාන්ත ජෝසප් විද්‍යාලයට ලහිරු අමරසේකර විසින් නායකත්වය ලබා දීමට නියමිත අතර, සාන්ත පීතර විද්‍යාලය මෙහෙයවීමේ වගකීම හිමි වී තිබෙන්නේ විශේන් හැළඹගේ හටයි.
සාන්ත ජෝසප් විද්‍යාලය අවසන් වරට මහා තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුනේ 2008 වසරේ දී වන අතර, අවසන් වරට 2016 වසරේ දී මහා තරගය ජයග්‍රහණය කළ සාන්ත පීතර ක්‍රීඩකයින් මේ දක්වා මොරිස් ජේ. ලෙගෝ පියතුමන් අනුස්මරණ කුසලානය තමන් සන්තකයේ තබා ගැනීමට සමත් වී තිබෙනවා.
- බංග්ලාදේශය සමඟ පළමු එක්දින ගැටුමේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
- MUSCLE MAX SRI LANKA TOP 10 අවසන් මහා තරගය මැයි මස දී
- පූර්ණ කල්හාරගෙන් ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් කැපී පෙනෙන දස්කම්
- මලියදේව දළ ඇතුන්ට එක්දින ශූරතාව
- රන්මිණි සටනේ වැඩි කුසලාන සීවලී ක්‍රීඩකයන්ට
එමෙන්ම මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ පළමු සීමිත පන්දුවාර මහා ක්‍රිකට් තරගය ලෙස 1975 වසරේ දී ආරම්භ වූ දෙවිදුහල් අතර එක්දින ගැටුමේ 50 වැනි තරගය එළඹෙන අප්‍රේල් මස 06 වැනි දා සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ම පැවැත්වීමට නියමිත අතර, එය ද Dialog අනුග්‍රාහකත්වය යටතේ ThePapare වෙතින් නැරඹීමේ හැකියාව ඔබට උදා වනු ඇති.
පීටර් ඒ.පිල්ලේ පියතුමන් අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මෙම සීමිත පන්දුවාර තරග ඉතිහාසයේ තරග 25ක් ජයග්‍රහණය කිරීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වී ඇති අතර, සාන්ත පීතර විද්‍යාලය ජයග්‍රහණ 21ක් හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට විශිෂ්ට ක්‍රීඩකයින් රැසක් දායාද කළ මෙම දෙවිදුහල් අතර මෙවර පැවැත්වෙන මහා ක්‍රිකට් තරග මඟින් ද අනාගත ක්‍රිකට් තරු රැසක් හඳුනා ගත හැකි බව සැකයකින් තොරව සඳහන් කළ හැකි.
එම අනාගත ක්‍රිකට් තරු දක්වන දක්ෂතා පිළිබඳ තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<