කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර 90 වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ආරම්භක දිනයේ (2) දී සුලෝහිත සංග්‍රාම ශතක සමාජයට එක් වීමට නාලන්දා විද්‍යාලයේ දකුණත් ආරම්භක පිතිකරු අවිශ්ක පෙරේරා සමත් විය.
අවිශ්ක පෙරේරා මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ ලකුණු අතර සිටිමින් නාලන්දීන්ගේ විශ්වාසවන්ත පිතිකරුවෙක් සිටි අතර ඔහු මෙම ඉනිමේ දී පන්දු 132කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සමඟින් ලකුණු 120ක් ලබා ගත්තේ ය. මෙය ඔහුගේ මෙවර පාසල් තරග වාරයේ තෙවැනි ශතකයයි.
90 වැනි සුලෝහිත සංග්‍රාමයට කලින් මේ ටික දැනගෙන ඉන්න
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් දෙකක් වන කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය…
කාසියේ වාසිය දිනා ගත් නාලන්දා නායක ලක්ෂිත මනසිංහ පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය යැයි පැවසෙන කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස සිංහල ක්‍රීඩා සමාජ පිටියේ තමන් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන බැව් ප්‍රතිවාදී නායක කමේෂ් නිර්මාල් වෙත දැනුම් දෙමින් පිටියට පිවිසියේය. ඒ අනුව ඔවුන් තම පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 269ක් ලබා ගනිමින් සෑහීමකට පත් වෙමින් ඉනිම අත්හිට වූහ. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ආනන්ද ක්‍රීඩකයෝ පළමු දිනයට තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 52ක් ලබා ඉතා අසරණ තත්ත්වයේ පසු වූහ.
නාලන්දා ඉනිම ගෞරවනීය ලෙසින් ආරම්භ කිරීමට ආරම්භක පිතිකරුවන් වූ දිල්හාර පොල්ගම්පොළ සහ අවිශ්ක පෙරේරා සමත් වීම කැපී පෙණුනි. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ලකුණු සබඳතාව 83කි. දිල්හාර පොල්ගම්පොළ පන්දු 61කට මුහුණ දී හතරේ පහර දෙකක් සමඟින් ලකුණු 22ක් ලබා සිටිය දී දැවී යෑමෙන් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණි.
ඉන් අනතුරුව දෙවැනි කඩුල්ලේ දී ද ආනන්ද ක්‍රීඩකයන්ට කිසිදු ඉස්පාසුවක් ලබා නොදීමට නාලන්දා පිතිකරුවන් වූ අවිශ්ක පෙරේරා සහ රනිඳු ද සිල්වා (17) සමත් වූහ. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට සබඳතාව ලකුණු 67කි.
සංතුශ් සහ කනිෂ්කගේ වාර්තාගත ඉනිම් ඩාර්ලි පාර ක්‍රීඩකයන් වෙහෙසට පත් කරයි
කොළඹ පී. සරා ඕවල් පිටියේ දී දෙදිනක් පුරා පැවති 85 වැනි සාන්තුවරයන්ගේ සටන ජය පරාජයෙන් …
ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසින් අවිශ්ක පෙරේරා දැවී යන විට නාලන්දා ඉනිම ලකුණු 177ක් විය. අනතුරුව ඔහුගෙන් ගිලිහුණ පිතිකරණය තමන් සන්තක කර ගැනීමට චමිඳු විජේසිංහ සහ රවින් ද සිල්වා සමත් වූහ. ඔවුන් දෙදෙනා එක්ව නාලන්දා ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 230ක් දක්වා රැගෙන ආහ. චමිඳු විජේසිංහ පන්දු 60කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තේ ය. රවීන් ද සිල්වා ලබාගත් ලකුණු සංඛ්‍යාව 36කි. ඔහු ඒ සඳහා පන්දු 67කට මුහුණ දුන් අතර හතරේ පහර 3ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේ ය.
තරගය කඩුලු 7ක් දැවී නතර කරන විට නායක ලක්ෂිත මනසිංහ (16), මහීම වීරකෝන් (15) සහ මෝක්ෂ සංකල්ප (6*) ද නාලන්දා ඉනිමේ ලකුණු පුවරුව ගොඩ නැගීමට දායක වී සිටිය හ.
Photos: Ananda College vs Nalanda College | 90th Battle of the Maroons – Day 1
කඩුලු ලබා ගැනීමේ දී චාමික ගුණසේකර සහ සවිරු බණ්ඩාර කඩුලු 2 බැගින් දවා ගත් අතර දසුන් සෙනෙවිරත්න, ජනිඳු ජයවර්ධන සහ සුදීප අඟුළුගහ කඩුල්ල බැගින් දවා ගත්හ.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ආනන්ද විද්‍යාලය වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් කිරීමට කිසිදු පිතිකරුවෙක්ට ඉඩක් නොතැබීමට නාලන්දා පන්දු යවන්නෝ සමත් වූහ. ඒ අතුරින් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වීමට දකුණතින් වේගපන්දු යවන දිනෙත් සමරවීර සමත් විය. ඔහු දිනය අවසන් වෙන විට පන්දු වාර 6ක් යවමින් නොඉඳුල් පන්දු වාරයක් ද සමඟින් ලකුණු 22කට කඩුලු 3ක් දවා ගත්තේ ය. ඊට අමතරව චමිඳු විජේසිංහට අනෙක් කඩුල්ල හිමි විය.
ටෙස්ට් වගේ වෙයි ද ODI?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින්…
ආනන්ද ඉනිමේ පළමු කඩුල්ල ඉනිමේ දෙවැනි පන්දු වාරයේ දී දවා ගැනීමට දිනෙත් සමරවීර සමත් වූයේ දසුන් සෙනෙවිරත්න (0) ගේ කඩුල්ල බිඳ දමමිනි. ඒ වෙද්දී ආනන්ද ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 6ක් ලෙසිනි.
ඉන් අනතුරුව පිටියට පිවිසි නායක කමේෂ් නිර්මාල් (5) ද ඉනිමේ ස්ථාවර වීමට ප්‍රථම නැවත ක්‍රීඩා විවේකාගාරය වෙත හරවා යැවීමට දිනෙත් සමරවීර සමත් වූයේ පෙර පරිදි ම වූ පන්දුවකිනි. ඉන් නොනැවතුන දිනෙත් ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසින් කනිෂ්ක රන්තිලක (9) ගේ ඉනිම ද අවසන් කළේය.
ආරම්භක පිතිකරු සුදීප අඟුළුගහ පන්දු 23කට මුහුණ දී හතරේ පහර දෙකක් සමඟින් ලකුණු 14ක් ලබා සිටිය දී දවා ගැනීමට චමිඳු විජේසිංහ සමත් විය. තරගය පළමු දිනයට නතර කරන විට මෝදිත රණතුංග (8) සහ දමින්ද රෙෂාන් (16) නොදැවී පිටියේ රැඳී සිටිය හ.
නාලන්දා විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 269 (72.1) දිල්හාර පොල්ගම්පොළ 22, අවිශ්ක පෙරේරා 120, චමිඳු විජේසිංහ 27, රවින් ද සිල්වා 36, චාමික ගුණසේකර 2/46, සවිරු බණ්ඩාර 2/66
ආනන්ද විද්‍යාලය; පළමු ඉනිම (පළමු දිනයට අවසන් වෙන විට) කඩුලු 4ක් දැවී 52 (15) දමින්ද රෙෂාන් නොදැවී 16, දිනෙත් සමරවීර 3/22
හෙට (3) තරගයේ දෙවැනි දිනයයි. තරගයේ සජීව විකාශනය සඳහා එකතුවන්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Avishka Perera | b Saviru Bandara | 120 | 134 | 17 | 0 | 89.55 |
Thanushka Dilhara Polgampola | lbw b Saviru Bandara | 22 | 61 | 2 | 0 | 36.07 |
Ranindu C de Silva | c Kalana Sulakkana Wijesiri b Sudeepa Agulugaha | 16 | 57 | 2 | 0 | 28.07 |
Lakshitha Rasanjana Manasinghe | b Chamika Deemantha Gunasekara | 16 | 37 | 2 | 0 | 43.24 |
Chamindu Wijesinghe | c Adeesha Perera b Chamika Deemantha Gunasekara | 27 | 61 | 3 | 0 | 44.26 |
Raveen De Silva | c Sudeepa Agulugaha b Janindu Jayaweera | 36 | 67 | 3 | 1 | 53.73 |
Mahima Weerakoon | c Kamesh Nirmal b Dasun Tharaka | 15 | 13 | 3 | 0 | 115.38 |
Moksha Sankalpa | not out | 6 | 6 | 1 | 0 | 100.00 |
Extras | 11 (b 0 , lb 9 , nb 1, w 1, pen 0) |
Total | 269/7 (72.1 Overs, RR: 3.73) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Adeesha Perera | 8 | 1 | 24 | 0 | 3.00 | |
Dasun Tharaka | 9 | 2 | 31 | 1 | 3.44 | |
Chamika Deemantha Gunasekara | 16 | 3 | 46 | 2 | 2.88 | |
Saviru Bandara | 19 | 3 | 66 | 2 | 3.47 | |
J Jayawardene | 14.1 | 1 | 74 | 1 | 5.25 | |
Sudeepa Agulugaha | 6 | 1 | 19 | 1 | 3.17 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sudeepa Agulugaha | c Thanushka Dilhara Polgampola b Chamindu Wijesinghe | 14 | 23 | 2 | 0 | 60.87 |
Dasun Tharaka | b Dineth Samaraweera | 0 | 7 | 0 | 0 | 0.00 |
Kamesh Nirmal | b Dineth Samaraweera | 5 | 7 | 1 | 0 | 71.43 |
Kanishka Rantilakage | c Raveen De Silva b Dineth Samaraweera | 8 | 6 | 2 | 0 | 133.33 |
Moditha Ranathunga | lbw b Dineth Samaraweera | 64 | 108 | 8 | 0 | 59.26 |
Daminda Reshan | c Lakshitha Rasanjana Manasinghe b Chamindu Wijesinghe | 17 | 32 | 3 | 0 | 53.12 |
Kalana Sulakkana Wijesiri | c Lakshitha Rasanjana Manasinghe b Chamindu Wijesinghe | 39 | 42 | 6 | 0 | 92.86 |
J Jayawardene | not out | 63 | 103 | 8 | 0 | 61.17 |
Adeesha Perera | c Thanushka Dilhara Polgampola b Chamindu Wijesinghe | 3 | 10 | 0 | 0 | 30.00 |
Chamika Deemantha Gunasekara | b Raveen De Silva | 10 | 25 | 1 | 0 | 40.00 |
Saviru Bandara | b Raveen De Silva | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 9 (b 0 , lb 4 , nb 4, w 1, pen 0) |
Total | 232/10 (60.2 Overs, RR: 3.85) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Chamindu Wijesinghe | 15 | 2 | 58 | 3 | 3.87 | |
Dineth Samaraweera | 18 | 1 | 63 | 4 | 3.50 | |
Lakshitha Rasanjana Manasinghe | 8 | 1 | 31 | 1 | 3.88 | |
Kaveesh Madurapperuma | 6 | 0 | 32 | 0 | 5.33 | |
Mahima Weerakoon | 8 | 1 | 17 | 0 | 2.12 | |
Jithesh Wasala | 2 | 0 | 11 | 0 | 5.50 | |
Raveen De Silva | 3.2 | 0 | 16 | 2 | 5.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Thanushka Dilhara Polgampola | c Kamesh Nirmal b Adeesha Perera | 16 | 28 | 3 | 0 | 57.14 |
Avishka Perera | run out () | 20 | 21 | 4 | 0 | 95.24 |
Lakshitha Rasanjana Manasinghe | b Gishan Vishwajith Edirisinghe | 87 | 103 | 9 | 1 | 84.47 |
Chamindu Wijesinghe | run out () | 64 | 63 | 10 | 0 | 101.59 |
Moksha Sankalpa | run out () | 20 | 33 | 3 | 0 | 60.61 |
Raveen De Silva | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 9 (b 3 , lb 6 , nb 0, w 0, pen 0) |
Total | 216/5 (41.2 Overs, RR: 5.23) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Chamika Deemantha Gunasekara | 9.2 | 1 | 23 | 1 | 2.50 | |
Dasun Tharaka | 4 | 0 | 27 | 0 | 6.75 | |
Saviru Bandara | 14 | 0 | 64 | 0 | 4.57 | |
Adeesha Perera | 6 | 1 | 19 | 1 | 3.17 | |
J Jayawardene | 5 | 0 | 17 | 0 | 3.40 | |
Sudeepa Agulugaha | 3 | 0 | 30 | 0 | 10.00 |