රාජකීයයෝ පල්ලෙකැලේ දී ගිනිකෙළි පෙන්වයි

905
75th bradby

මසකට වැඩි විවේක කාලයක් නිමා කරමින් පාසල් රග්බි වසන්තය 75 වැනි බ්‍රැඩ්බි පලිහේ පළමු අදියරත් සමඟින් අද (01) පල්ලෙකැලේ දී ආරම්භ වූ අතර රාජකීය ප්‍රහාරය හමුවේ ත්‍රිත්ව විද්‍යාලය සිදු වූයේ ලකුණු 34-17ක් ලෙස අමිහිරි පරාජයක් අත්විඳින්නටයි.

පාසල් රග්බි පළමු වටයේ හොඳම සංචිතය මෙන්න

සති 5ක කාලයක් පුරාවට අතිශය උණුසුම් මුහුණුවරක් ගත් ‘Singer’ පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු වටය පසුගිය…

මෙම තරගයත් සමඟින් සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයට ද ආරම්භ වූ අතර දිවයිනේ පැරණිතම රග්බි තරගාවලිය වන කොළඹ රාජකීය විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය අතර බ්‍රැඩ්බි පලිහ සඳහා වන තරගාවලිය මෙවර ක්‍රියාත්මක වන්නේ අඛණ්ඩව 75 වැනි වතාවටයි.

පසුගිය තරගවාරයේ දී ත්‍රිත්ව විද්‍යාලයට දරුණු පරාජයක් අත්කර දෙමින් රාජකීය විද්‍යාලය බ්‍රැඩ්බි පලිහේ අදියර දෙකම දිනා ගත් අතර පලිහ රාජකීය විද්‍යාලයේම රඳවා ගැනීමේ අරමුණින් මෙවර කණ්ඩායම මෙහෙය වීමේ වගකීම භාරව තිබුණේ තුලේයිබ් හසන් හටයි. රෙෂාන් බණ්ඩාරනායක රාජකීය බලයට අභියෝග කිරීමේ අරමුණින් ත්‍රිත්ව සිංහයින් ඔවුන්ගේ භූමියේ දී ම මෙහෙය වන ලදි.

රාජකීය පා පහරින් තරගය ආරම්භ වූ අතර පළමු මිනිත්තු කිහිපයේ කණ්ඩායම් දෙකම එකිනෙකාට ප්‍රබල මුෂ්ටි පහරවල් එල්ල කර ගත්තේ අලංකාර ආක්‍රමණයන් දියත් කරමින්.

3 වැනි මිනිත්තුවේ දී ත්‍රිත්ව විද්‍යාලය තරගයේ පළමු දඬුවම් පහර ලබා ගත් නමුත් එම දිගු දුර ප්‍රහාරය ගෝල කණුවලින් එපිටට ගමන් කළේ නැත. කෙසේ වෙතත් එතැන් සිටම සිය ප්‍රහාරය දියත් කළ රාජකීය ක්‍රීඩකයින් සිය මීටර 22 සීමාවේ පියවර දෙකක් ඉදිරියට පැමිණියත් ත්‍රිත්ව ක්‍රීඩකයින් ඔවුන් පසුපසට ඇද දැමුවේ ඔවුන්ට දැඩි පීඩනයක් එල්ල කරමිනි.

කළිඳු නන්දිල පන්දුව ඉවතට පා පහර දී යැවීමට කළ උත්සාහය අසාර්ථක වූ අතර කෙළින්ම පන්දුව ටෙවින් කරුණානායකගේ දෑතට පත් විය. ක්ෂණයකින් වේගවත් ධාවනයක යෙදුණු ඔහු පස්වැනි මිනිත්තුවේ දී ලකුණු රැස් කළේ පිටිය කොණේන් තරගයේ පළමු වෙඩි මුරය තබමින්. සුබසිංහ හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට හැකියාවක් ලැබුණේ නැත. (රාජකීය 00-05 ත්‍රිත්ව)

ත්‍රිත්ව ප්‍රහාරයෙන් අවදි වූ රාජකීයයෝ මිනිත්තු තුනක් තුළ දෙවරක් ධවල රේඛාව ඉක්මවා ගියේ ත්‍රිත්ව ක්‍රීඩකයින් ගේ අතපසුවීම් ද්විත්වයක් උපයෝගී කර ගනිමින්.

යොවුන් ශ්‍රී ලංකාවට පිලිපීනයෙන් අමතක නොවන ප්‍රහාරයක්

ආසියානු රග්බි පළමු කාණ්ඩයේ තරගාවලියේ ආරම්භක දිනය වූ අද (29) ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසුණේ පිලිපීන කණ්ඩායම…

නැවත තරගය ආරම්භ වීමත් සමඟ ත්‍රිත්ව ක්‍රීඩකයින් පන්දුව ලබා ගත් අතර ගීෂප කුලතුංග රැක ගත් පන්දුව හඹා ගිය මිගාර ඔහුට සිදු කළ බාධා කිරීමෙන් ඔහුට පන්දුව අතහැරුණේ රාජකීය ක්‍රීඩකයින්ට ඔවුන්ගේ උත්සාහක දිනුම් රේඛාව පෙනෙන මානයෙ දී යි.

ක්ෂණයකින් ක්‍රියාත්මක වූ රාජකීය නායක තුලයිබ් හසන් අලංකාර ලෙස ලකුණු රැස් කළේ රාජකීය ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින්. දුලාන් විජේවර්ධනගේ ප්‍රවර්තනය ගෝල කණුවේ වැදී ඉවත ගියේ අවාසනාවන්ත ලෙසයි. ඊට මිනිත්තු දෙකකට පසු ත්‍රිත්ව ක්‍රීඩකයින් නැවත වතාවක් ඔවුන්ගේ අර්ධයේම පන්දුව බිම අත හැරී අතර මෙවර ධවල රේඛාව තරණය කළේ අචිත රධිශාන්. පෙර වැරැද්ද නිවැරදි කරමින් දුලාන් ගුණවර්ධන අලංකාර ලෙස අමතර ලකුණු එකතු කරන්නට සමත් විය. (රාජකීය 12–05 ත්‍රිත්ව)

21 වැනි මිනිත්තුවේ දී රාජකීය කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර දුලාන් ගුණවර්ධනගේ අලංකාර පා පහර නැවතුණේ ලකුණු පුවරුවට තවත් ලකුණු තුනක් එකතු කරමින්. (රාජකීය 15-05 ත්‍රිත්ව)

රාජකීය ක්‍රීඩකයින් සමඟ කරට කර රැඳෙමින් ත්‍රිත්ව ක්‍රීඩකයින් ඔවුන් සමඟ ප්‍රබල සටනක් කළත් සුළු සුළු අතපසුවිම් වලින් ඔවුන්ට ලකුණු රැස් කිරීමේ අවස්ථා ගිලිහි ගියේය.

30 වැනි මිනිත්තුවේ දී අමිත් කුලතුංග රාජකීය ක්‍රීඩක කලිඳු නන්දිල හා ගැටීම නිසා ත්‍රිත්ව ක්‍රීඩකයාට දරුණු ආබාධයක් සිදු වූ අතර ඔහු වහාම පිටියෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගන්නා ලදි.         

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

රාජකීය ක්‍රීඩකයින් ඉතා වේගවත් ලෙස ක්‍රීඩා කළ අතර ඒ නිසාම ත්‍රිත්ව ක්‍රීඩකයෙකුට පන්දුව ලැබුණු වහාම රාජකීය ක්‍රීඩකයින් ඔහුව බිම හෙළීම සුලබ දසුනක් විය. කෙසේ වෙතත් 33 වන මිනිත්තුවේ දී ඔවුන්ට සිය උත්සාහක දිනුම් සීමාව ආසනයේ ම දඬුවම් පහරක් ලැබුණු අතර ඉන් උපරිම ප්‍රයෝජන ගත් දිනේන්ද්‍ර රත්වත්ත ලකුණු රැස් කිරීමට සමත් විය. ලකුණු පරතරය තව දුරටත් අඩු කරමින් මිරංග සුබසිංහ අමතර ලකුණු ගෝල කණු අතරින් පා කර හරින්නට සමත් විය. (රාජකීය 15–12 ත්‍රිත්ව)

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය 15 (2T, 1C, 1P) – 12 (2T, 1C) ත්‍රිත්ව විද්‍යාලය

දෙවන අර්ධයට ගිනිකෙළි වන් ආරම්භයක් ලබා දීමට හර්ෂ සමරසිංහ සමත් වූයේ ත්‍රිත්ව කණ්ඩායමට සුපිරි ලකුණු පහක් එකතු කරමින්. Line Out අවස්ථාවක සිට පන්දුව ලබා ගෙන මීටර 70ක් සමඟ ධාවනයේ යෙදී හර්ෂ සුපිරි වේගවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ තරගයේ පෙරමුණ ගනිමිනි. හර්ෂගේ මහන්සියට සාධාරණයක් කරන්නට මිරංග හට හැකි වූයේ නැත. (රාජකීය 15–17 ත්‍රිත්ව)

පෙර අර්ධයේ පරිදිම ත්‍රිත්ව ප්‍රහාරයට ක්ෂණයකින් ප්‍රහාර එල්ල කල රාජකීයයෝ රෙහාන් ගුණරත්නගේ සුරතින් ලකුණු රැස් කළේ 42 වැනි මිනිත්තුවේ දී. සිය ඉදිරිපෙළ යොදා ගනිමින් ඉදිරියට ගිය ඔවුන් ත්‍රිත්ව ක්‍රීඩකයින් නොසිතූ ලෙස ඔවුන්ගේ පසුපෙළට භාර දී ලකුණු රැස් කළ නමුත් එහි ප්‍රවර්තනය නම් දුලාන් සාර්ථක කර ගත්තේ නැත. (රාජකීය 20 – 17 ත්‍රිත්ව)

46 වැනි මිනිත්තුවේ දී රාජකීය ක්‍රීඩකයෝ නැවතත් දඬුවම් පහරක් ලබා ගත් අතර දුලාන් ගුණවර්ධනගේ අලංකාර පා පහරකින් පන්දුව ගෝල කණුවේ වැදී ඉවත ගියේ අවාසනාවන්ත ලෙස අද දිනයේ දෙවන වතාවටයි.

50 වැනි මිනිත්තුවේ දී දුලාන් ගුණවර්ධන පන්දුවත් සමඟ ත්‍රිත්ව ආරක්ෂක වළල්ලෙන් රිංගා ඉදිරියට ධාවනයේ යෙදුණු අතර පන්දුව උත්සාහක දිනුම් රේඛාව ආසන්නයේ දී ම නිපුන දුලංජන වෙත ලබා දුන්නත් ඔහුට පන්දුව මඟ හැරුණේ අවාසනාවන්ත ලෙසයි.

යොවුන් ශ්‍රී ලංකාවට පිලිපීනයෙන් අමතක නොවන ප්‍රහාරයක්

ආසියානු රග්බි පළමු කාණ්ඩයේ තරගාවලියේ ආරම්භක දිනය වූ අද (29) ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසුණේ පිලිපීන කණ්ඩායම…

Line Out අවස්ථාවක සිට පන්දුව ලබා ගත් රාජකීය ඉදිරිපෙළ පන්දුව උත්සාහක දිනුම් රේඛාව අසලටම රැගෙන ආ අතර ක්ෂණයකින් ක්‍රියාත්මක වූ රාජකීය පසුපෙළ අලංකාර පන්දු හුවමාරු කිරීම් තුනකින් පසු ලකුණු රැස් කළේ ලෙහාන් ගුණරත්නගේ සුරතින්. ත්‍රිත්ව ආරක්ෂක ක්‍රීඩකයින් නිද්‍රාවේ සිටිය දී ඔහු දක්ෂ ලෙස ලකුණු රැස් කළ අතර 60 වැනි මිනිත්තුවේ දී මලීෂ පෙරේරා අමතර ලකුණු ද එකතු කළේ ත්‍රිත්ව කණ්ඩායමට ප්‍රබල ගැටලුවකට ඇද දමමින්. (රාජකීය 27–17 ත්‍රිත්ව)     

රාජකීය ඉදිරිපෙළ Rolling Maul අවස්ථාවකින් පන්දුව ඉදිරියට රැගෙන ගිය අතර ලකුණු රැස් කිරීම පුරුද්දකට ගත් රාජකීය ඉදිරිපෙළ නැවත වරක් ලකුණු රැස් කළේ ත්‍රිත්ව විද්‍යාලය සම්පූර්ණයෙන්ම තරගයෙන් ඉවතට විසි කරමිනි. කෙවින් සමරසේකර මෙවර උත්සාහක දිනුම රැස් කළ අතර මලීෂ පෙරේරා අලංකාර ලෙස අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (රාජකීය 34–17 ත්‍රිත්ව)

අවසන් ලකුණු තත්වය: ත්‍රිත්ව විද්‍යාලය 17 (3T, 1C) – 34 (5T, 1P, 3C) රාජකීය විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – නිපුන යශෝජන (රාජකීය)

  • රාජකීය විද්‍යාලය – ලෙහාන් ගුණරත්න (2T), තුලයිබ් හසන් (1T), කෙවින් සමරසේකර (1T), අචිත රධිශාන් (1T), දුලාන් ගුණවර්ධන (1P, 1C), මලීෂ පෙරේරා (2C)    
  • ත්‍රිත්ව විද්‍යාලය – ටෙවින් කරුණානායක (1T), හර්ෂ සමරසිංහ (1T), දිනේන්ද්‍ර රත්වත්ත (1T), මිරංග සුබසිංහ (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<