පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු විද්‍යාලය අතර 73 වැනි වරටත් පැවැත්වෙන “රන් සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනයේ (28) සියලු ගෞරව දිනා ගැනීමට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වුනා.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී සුමංගල විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මොරටු විද්‍යාලයීය ක්‍රීඩකයන්ට තම පළමු ඉනිමට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 87ක් පමණයි. ඉන් අනතුරු ව පිටියට පිවිසි ශ්‍රී සුමංගල විද්‍යාලය තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 51ක් ලබා සිටියා.
මොරටු විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම
ඉසුරු ප්‍රනාන්දු (නායක) විසල් සිරිවර්ධන, සංජන සෙනෙවිරත්න, ශෙහාර ප්‍රනාන්දු, ඕෂද ජයවික්‍රම (කඩුලු රකින්නා), සඳුන් සුවාරිස්, සිතුම් සිල්වා, සචිත්‍ර ටනුක, මලිත් පෙරේරා, විහඟ නෙත්සර සහ නිෂිත ප්‍රනාන්දු.
ශ්‍රී සුමංගල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම
දුරංක සිල්වා (නායක), අනුශ ද සිල්වා, සංදීප් විජේරත්න, නේක්ෂ ඉද්දමල්ගොඩ, මෙවිඳු කුමාරසිරි, අකිල වෙදමුල්ල, සෙනිර විජේගුණසිංහ, රුසත් ජයවර්ධන, බිහඟ සිල්වා, සදෙව් සේනානායක සහ සදික හේවගේ.
- 12 වැනි ලෝක ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
- රන් කුසලානයට ගැටෙන පානදුර – මොරටුව
- නිකිල් ජයවීර දවසේ වීරයා වෙයි
- 28 වැනි Battle Of The Lions තරගයේ ජය Wycherley ජාත්‍යන්තර පාසලට
- මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය Tier A අවසන් තරගයට!
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මොරටු විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගන්නේ ශෙහාර ප්‍රනාන්දු. ඔහු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබා ගන්නවා. ඊට අමතර ව සිතුම් සිල්වා පන්දු 101කට මුහුණ දෙමින් කිසිදු සීමා ලකුණක් නොමැති ව ලකුණු 20ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී මෙවිඳු කුමාරසිරි ලකුණු 28කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව ආරම්භක පන්දු යවන්නා ලෙසින් කටයුතු කළ සදෙව් සේනානායක ලකුණු 33කට කඩුලු 3ක් දවා ගන්නා අතර රුසිත් ජයවර්ධන ද කඩුල්ලක් දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී සුමංගල විද්‍යාලයීය ඉනිම වෙනුවෙන් නායක දුරංක සිල්වා පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා ගත් අතර දිනය අවසන් වන විට සංදීප් විජේරත්න පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 17ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී සංජන සෙනෙවිරත්න ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත් අතර නිශිත ප්‍රනාන්දු ද කඩුල්ලක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
මොරටු විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 87 (57.0) ශෙහාර ප්‍රනාන්දු 27, සිතුම් සිල්වා 20, සදෙව් සේනානායක 3/33, මෙවිඳු කුමාරසිරි 5/28
ශ්‍රී සුමංගල විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 33 (33.0) සංදීප් විජේරත්න නොදැවී 17, සංජන සෙනෙවිරත්න 2/19
මෙම තරගය (29) 2 වැනි දිනටත් ක්‍රියාත්මකයි.
මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD1 නාලිකා අංක 126 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Isuru Nidarshana | c Sadika Damyuru b Mevindu Kumarasiri | 9 | 26 | 0 | 0 | 34.62 |
Visal Siriwardane | lbw b Mevindu Kumarasiri | 13 | 34 | 3 | 0 | 38.24 |
Adheesha Sanjana Senevirathne | c Sadika Damyuru b Mevindu Kumarasiri | 5 | 11 | 1 | 0 | 45.45 |
Shehara Sandesh | b Rusith Jayawardana | 27 | 76 | 2 | 0 | 35.53 |
Oshada Jayawickrama | c Akila Wedamulla b Sadew Hettiarachchi | 2 | 10 | 0 | 0 | 20.00 |
Sandun Suwaris | c Anuhas De Silva b Sadew Hettiarachchi | 3 | 20 | 0 | 0 | 15.00 |
Sithum Silva | st Akila Wedamulla b Mevindu Kumarasiri | 20 | 101 | 0 | 0 | 19.80 |
Sachithra Tharuka | not out | 5 | 46 | 0 | 0 | 10.87 |
Malith Perera | run out (Akila Wedamulla) | 0 | 3 | 0 | 0 | 0.00 |
Vihanga Nimsara | b Sadew Hettiarachchi | 0 | 12 | 0 | 0 | 0.00 |
Nishitha Fernando | c Sandeep Wijerathne b Mevindu Kumarasiri | 0 | 3 | 0 | 0 | 0.00 |
Extras | 3 (b 1 , lb 1 , nb 0, w 1, pen 0) |
Total | 87/10 (57 Overs, RR: 1.53) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Sadew Hettiarachchi | 15 | 2 | 33 | 3 | 2.20 | |
Senira Lithmin | 5 | 1 | 8 | 0 | 1.60 | |
Mevindu Kumarasiri | 26 | 10 | 28 | 5 | 1.08 | |
Rusith Jayawardana | 11 | 3 | 16 | 1 | 1.45 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Anuhas De Silva | b Nishitha Dulanjana | 9 | 38 | 0 | 0 | 23.68 |
Duranka Silva | c Isuru Nidarshana b Adheesha Sanjana Senevirathne | 15 | 15 | 2 | 0 | 100.00 |
Sandeep Wijerathne | lbw b Isuru Nidarshana | 18 | 97 | 1 | 0 | 18.56 |
Neksha Iddamalgoda | lbw b Adheesha Sanjana Senevirathne | 7 | 47 | 0 | 0 | 14.89 |
Mevindu Kumarasiri | b Nishitha Fernando | 5 | 13 | 0 | 0 | 38.46 |
Rusith Jayawardana | b Isuru Nidarshana | 53 | 123 | 3 | 0 | 43.09 |
Akila Wedamulla | c Sandun Suwaris b Isuru Nidarshana | 0 | 15 | 0 | 0 | 0.00 |
Senira Lithmin | c Sandun Suwaris b Adheesha Sanjana Senevirathne | 9 | 12 | 1 | 0 | 75.00 |
Bihanga Silva | run out (Oshada Jayawickrama) | 16 | 67 | 0 | 0 | 23.88 |
Sadika Damyuru | c Oshada Jayawickrama b Vihanga Nimsara | 6 | 59 | 0 | 0 | 10.17 |
Sadew Hettiarachchi | not out | 0 | 12 | 0 | 0 | 0.00 |
Extras | 6 (b 0 , lb 2 , nb 4, w 0, pen 0) |
Total | 144/10 (82.2 Overs, RR: 1.75) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Malith Perera | 2 | 0 | 13 | 0 | 6.50 | |
Sachithra Tharuka | 1 | 0 | 1 | 0 | 1.00 | |
Adheesha Sanjana Senevirathne | 16 | 2 | 37 | 3 | 2.31 | |
Nishitha Fernando | 26 | 7 | 35 | 2 | 1.35 | |
Vihanga Nimsara | 7 | 2 | 13 | 1 | 1.86 | |
Isuru Nidarshana | 22.2 | 10 | 25 | 3 | 1.13 | |
Sandun Suwaris | 7 | 0 | 14 | 0 | 2.00 | |
Sithum Silva | 1 | 0 | 4 | 0 | 4.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Isuru Nidarshana | c Anuhas De Silva b Bihanga Silva | 25 | 55 | 2 | 0 | 45.45 |
Visal Siriwardane | b Sadew Hettiarachchi | 12 | 38 | 0 | 0 | 31.58 |
Adheesha Sanjana Senevirathne | c Neksha Iddamalgoda b Senira Lithmin | 66 | 123 | 4 | 2 | 53.66 |
Shehara Sandesh | c Bihanga Silva b Sadew Hettiarachchi | 3 | 15 | 0 | 0 | 20.00 |
Oshada Jayawickrama | c Rusith Jayawardana b Bihanga Silva | 9 | 25 | 1 | 0 | 36.00 |
Sandun Suwaris | not out | 50 | 258 | 1 | 0 | 19.38 |
Sithum Silva | c Akila Wedamulla b Rusith Jayawardana | 31 | 124 | 0 | 0 | 25.00 |
Malith Perera | b Mevindu Kumarasiri | 1 | 26 | 0 | 0 | 3.85 |
Sachithra Tharuka | not out | 7 | 65 | 0 | 0 | 10.77 |
Extras | 13 (b 9 , lb 2 , nb 1, w 1, pen 0) |
Total | 217/7 (121 Overs, RR: 1.79) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Sadew Hettiarachchi | 30 | 11 | 61 | 2 | 2.03 | |
Mevindu Kumarasiri | 51 | 18 | 71 | 1 | 1.39 | |
Rusith Jayawardana | 19 | 4 | 41 | 1 | 2.16 | |
Bihanga Silva | 15 | 3 | 22 | 2 | 1.47 | |
Senira Lithmin | 6 | 1 | 11 | 1 | 1.83 |