විසඳුමක් නැති රන් සටනට ඉසුරුගෙන් ශතකයක්

72nd Battle of the Gold

176

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර 72 වැනි වරටත් පැවැති රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව නිමා වූවා. ඒ අනුව මෙම සටන් ඉතිහාසයේ විසඳුමකින් තොරව නිමා වූ 57 වැනි තරගය ලෙසින් මෙය වාර්තා අතරට එක් වූවා. 

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී සුමංගල විද්‍යාලය තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 282ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් මොරටු විද්‍යාලය තම පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 227ක්. තරගය නතර කරන විට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී සුමංගල විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 157ක් ලබා සිටියා.    

72nd Battle of the Gold, මොරටුව, 29-30 මාර්තු 2024 

  • කාසියේ වාසිය – මොරටු විද්‍යාලය 
  •  ක්‍රීඩාංගණය – ද සොයිසා ක්‍රීඩාංගණය, මොරටුව.  

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී සුමංගල විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 282ක් ලබා සිටි අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මොරටු විද්‍යාලය පළමු දිනයට තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 23ක් ලබා සිටියා.  

ඉන් අනතුරුව දෙවැනි දිනයේ පිටියට පිවිසි ඔවුන් තම පළමු ඉනිමට ලකුණු 227ක් ලබා ගත්තා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ඉසුරු නිදර්ශන යි. ඔහු පන්දු 124කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් හයේ පහර 2ක් සමඟින් ලකුණු 107ක් ලබා ගත්තා.  

ඊට අමතර ව ආරම්භක පිතිකරු විහඟ නිම්සර පන්දු 210කට සහභාගී වෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 61ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා අතර 6 වැනි කඩුල්ලට ලකුණු 90ක සබඳතාවක් එක් කරනවා.  

කඩුලු දවා ගැනීමේ දී ආරම්භක පන්දු යැවූ විශ්ව ලහිරු ලකුණු 63කට කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙනවා. ඊට අමතර ව මෙවිඳු කුමාරසිරි සහ රසික ඩිල්ශාන් කඩුලු 2ක් බැගින් දවා ගත්තා.  

ලකුණු  55ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී සුමංගල විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 157ක් ලබා ගත්තා.  

එම ඉනිම වෙනුවෙන් රිසිත් ජයවර්ධන පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 58ක් ද සහ දුරංක සිල්වා පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 55ක් ද ලබා ගත්තා.  

ඔවුන් දෙදෙනා 2 වැනි කඩුල්ලට ලකුණු 115ක සබඳතාවක් එක් කිරීමට සමත් වුනා.  

කඩුලු ලබා ගැනීමේ දී හිමාෂ් තරුෂ්ක ලකුණු 12කට කඩුලු 2ක් දවා ගත් අතර සදනෙත් යහපත් සහ සංජන සෙනෙවිරත්න කඩුල්ල බැගින් බෙදා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී සුමංගල විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 282 (82.3) ක්‍රිශාන් එරංග 63, දුරංක සිල්වා 32, විශ්ව ලහිරු 52, කවිඳු ගයාත්‍ර 84, නේක්ෂ ඉද්දමල්ගොඩ 23, නිශිත දුලාංජන, 2/53, සංජන සෙනෙවිරත්න 2/73 

මොරටු විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 227 (77.3) විහඟ නිම්සර 61, ඉසුරු නිදර්ශන 107, විශ්ව ලහිරු 5/63, රසික ඩිල්ශාන් 2/69, මෙවිඳු කුමාරසිරි 2/48  

ශ්‍රී සුමංගල විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 157 (33.0) දුරංක සිල්වා 55, රුසිත් ජයවර්ධන 58, හිමාෂ් තරුශ්ක 2/12 

තරගය විසඳුමක් නෑ. 

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – රසික ඩිල්ශාන් (ශ්‍රී සුමංගල විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – විශ්ව ලහිරු (ශ්‍රී සුමංගල විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – ඉසුරු නිදර්ශන (මොරටු විද්‍යාලය)
  • තරගයේ වීරයා – විශ්ව ලහිරු (ශ්‍රී සුමංගල විද්‍යාලය)

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරතු සේ ම දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<