6 වැනි ලෝක කුසලාන කැරම් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එහි දී රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 2ක් බැගින් දිනා ගනිමින් සමස්ත තරගාවලියේ අනුශූරයන් බවට පත් වීමට මෙවර සමත් වුනා.
ඇමෙරිකාවේ San Francisco හි දී පැවැති මෙම තරගාවලිය සඳහා සත්කාරක ඇමෙරිකාව සමඟ ඉන්දියාව, කැනඩාව, ප්‍රංශය, ඉතාලිය, කොරියාව, මැලේසියාව, නෙදර්ලන්තය, නවසීලන්තය, පාකිස්තානය, පෝලන්තය, සිරියාව, සිංගප්පූරුව, ස්විස්ටර්ලන්තය, එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව යන රටවල් සහභාගී වූවා.
ගිය වර ශූරයන් වූ ශ්‍රී ලංකාවට මෙවර තරගාවලියේ අඩියක් පිටු පසට තැබීමට සිදු වූ අතර ඒ අනුව ඔවුන්ගේ කිරුළ ගිය වර අනුශූරයන් වූ ඉන්දියාව දිනා ගැනීමට සමත් වෙනවා.
මෙවර සුපුරුදු ලෙසින් ඉන්දීය කාන්තා කණ්ඩායම ශූරියන් වූ අතර පෙර තරගාවලියේ දී සේ ම මෙවර ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අනුශූරතාවෙන් සෑහීමකට පත් වීමට සිදු වූවා.
තරගාවලියේ කණ්ඩායම් ඉසව්වේ දී ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් ද්විත්වය ම අවසන් පූර්ව වටයේ දී මාලදිවයින් කණ්ඩායමට එරෙහි ව ජයග්‍රහණය කරමින් අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ගත්තා.
කෙසේ වෙතත් තරගාවලියේ පැවැති කාන්තා සහ පිරිමි යුගල ඉසව් ද්විත්වයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි වූයේ ලෝකඩ පදක්කමයි.
- Lanka T10 තරගාවලිය පල්ලෙකැලේට
- ශ්‍රී ලංකා පාපන්දුවේ වගකීම Abdulla Almutairiට හිමි වෙයි
- ශ්‍රී ලංකාවේ අපරාජිත ගමන නිමයි, සිංගප්පූරුව වසර දහයකට පසු කිරුළ දිනයි
- පිරිමි විවෘත ඒකල ශුරතාව සවිනකට; කාන්තා ශූරතාවය පන්චාලිට
- ජාතික කැරම් කණ්ඩායමට අග්‍රාමාත්‍යවරියගෙන් සුබ පැතුම්
ඒ අනුව පැවැති පිරිමි යුගල ඉසව්වේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සහීඩ් හිල්මි සමඟ එකතු වු අනාස් අහමඩ් ප්‍රතිවාදීන් වූ සත්කාරක ඇමෙරිකානු කණ්ඩායම තරග වට 2-0කින් පරාජය කරමින් මෙම පදක්කමට හිමිකම් කිව්වා.
තරගයේ ලකුණු පුවරුව 25-4ක් සහ 25-0ක් ලෙසින් ක්‍රියාත්මක වුනා.
කාන්තා යුගල ඉසව්වේ දි තරුෂි හිමහංසිකා සහ හිරුෂි මල්ෂානි තරග බිමට එක් වෙමින් ඔවුන් ද ඇමෙරිකානුවන් පරාජය කරමින් මෙම පදක්කම දිනා ගැනීම කැපී පෙණුනා. ඔවුන් අතර පැවැති පළමු වටයේ තරගය 23-12ක් නිමා කරමින් හොඳ ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූව ද 2 වැනි වටයේ තරගයේ දී 25-4ක් ලෙසින් තරගය නිමා කිරීමට ඇමෙරිකානුවන් සමත් වූවා. ඒ අනුව පැවැති තීරණාත්මක වටයේ තරගයේ දී 11/10ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගය 2-1ක් ලෙසින් ජයග්‍රහණය කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්තා.
පිරිමි කැරම් කණ්ඩායම
මොහොමඩ් ෂහීඩ්, දිනේෂ් නිශාන්ත ප්‍රනාන්දු, අනාස් අහමඩ් සහ කවීන් නිම්නෙත් පීරිස්.
කාන්තා කැරම් කණ්ඩායම
ජෝසප් රෝෂිතා වඩුගේ, හිරුෂි මල්ෂානි පීරිස්, තරුෂි හිමහන්සිකා වීරසේකර සහ තස්මිලා කාවින්දි.
කණ්ඩායම් කළමණාකරු – රනිල් අබේසිංහ මහතා
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්,රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<