මයිකල් ගුණරත්න කුසලානය රාජකීය විද්‍යාලයට

60th Michael Gunarathne Trophy Encounter 2024

4
60th Micheal Gunaratne Trophy encounter

කොළඹ රාජකීය විද්‍යාලය සහ සාන්ත තොමස් විද්‍යාලය අතර 60 වැනි වරට ක්‍රියාත්මක වූ මයිකල් ගුණරත්න කුසලාන රග්බි තරගයෙන් තියුණු ජයක් ලබා ගැනීමට රාජකීයයන් ඊයේ (14) සමත් වුනා.

රාජකීය විද්‍යාලයේ සත්කාරකත්වයෙන් පැවැත්වුණු මෙම තරගයේ තෙවැනි මිනිත්තුවේ දී ම රාජකීයයන් විසින් උත්සාහක දිනුමක් වාර්තා කරමින් සහ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළා.

මින් මොහොතකට පසුව තෝමසුවන් තමන්ගේ පළමු ලකුණු 03 දඬුවම් පහරක් මගින් ලබා ගැනීමට සමත් වූ අතර, රාජකීයයන් තවත් උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමින් ලකුණු තත්වය 12-03ක් මට්ටමට රැගෙන ඒමට සමත් වුනා.

කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය අවසන් වීමට පෙර තෝමසුවන් ද උත්සාහක දිනුම් ද්විත්වයක් මෙන්ම, එහි ප්‍රවර්තනයන් ද සාර්ථක කර ගැනීමට සමත් වුනේ ලකුණු තත්වය 12 – 17ක් ලෙස වෙනස් කරමිනුයි.

කෙසේ නමුත් තරගයේ දෙවැනි අර්ධයේ දී තරග සත්කාරක රාජකීයයින් විසින් තවත් උත්සාහක දිනුම් දෙකක් සාර්ථක කර ගැනීමට සමත් වූ සේම ඒවායේ ප්‍රවර්තනයන් ද සාර්ථක කර ගැනීමට සමත් වුනා.

නමුත් මෙම කාලය පුරාවට තෝමසුවන් විසින් සාර්ථක කර ගැනීමට සමත් වුනේ එක් දඬුවම් පහරක් පමණයි.

ඒ අනුව තරගයේ පළමු අර්ධයේ දී ලකුණු 05ක පෙරමුණක් ලබා ගැනීමට සමත් වී සිටි සාන්ත තෝමස් ක්‍රීඩකයින් දෙවැනි අර්ධය නිමා වන විට රාජකීයයන්ට වඩා ලකුණු 06ක් පිටුපසින් පසු වුනා.

රාජකීය විද්‍යාලය 26 (4T, 3C) – සාන්ත තෝමස් විද්‍යාලය 20 (2T, 2C, 2P)

  • තරගයේ වීරයා – ඉඩ්‍රිස් ෆාරූක් (රාජකීය විද්‍යාලය)

දේශීය පාසල් රග්බි පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<