ජේම්ස් කාර්ට්මන් පියතුමන් අනුස්මරණය කරමින් ප්‍රදානය කරනු ලබන ශූරතා කුසලානය (James Cartman Trophy) වෙනුවෙන් කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර පැවැති වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (01) කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී විසඳුමකින් තොරව අවසන් වුනා.
තරග ඉතිහාසයේ මෙලෙසින් අවසන් වූ සිව් වැනි අවස්ථාවයි මේ.
පෙර දිනයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත බෙනඩික්වරුන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වෙස්ලි විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 208ක් ලබා ගනිමින් ඔවුන්ගේ පළමු ඉනිම අත්හිට වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 235ක් ලබා ගත්තා.
අනතුරු ව ලකුණු 27ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 255ක් ලබා සිටියා.
අද තරගය ආරම්භ වෙන්නේ පළමු ඉනිම ක්‍රීඩා කළ බෙනඩික්ට් ඉනිමේ කඩුලු 3ක් දැවී ලකුණු 102ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී නායක ශාරුජන් ශන්මුගනාදන් නොදැවී ලකුණු 22ක් ද සහ මෙවන් දිසානායක නොදැවී ලකුණු 20ක් ද ලබා සිටියා.
අද ඔවුන් දෙදෙනා සිව් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 88ක සබඳතාවක් එක් කළා. එහි දී මෙවන් දිසානායක පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 50ක් ලබා ගනිමින් දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව නිමා වූවා.
7 වැනි කඩුල්ලට දැවී ගිය ශාරුජන් ශන්මුගනාදන් පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 71ක් ලබා සිටියා.
ඉන් අනතුරුව සාන්ත බෙනඩික්ට් ඉනිම වෙනුවෙන් මානික්‍ය දේශප්‍රිය පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් එක් කළා.
පන්දු යැවීමේ දී දිනුජ සමරරත්න සහ රශ්මික අමරරත්න කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ශ්‍රීරාම් ජීවහන් කඩුලු 2ක් ද, දෙනුවන් නෙත්මල් කඩුල්ලක් ද දවා ගත්තා.
- බෙනඩික්වරුන් රශ්මිකගේ ශතකය උදුරා ගනී
- රන් සටන මන්දගාමී වෙමින් විසඳුමක් නැති වෙයි
- බෙනඩික්වරුන් සිව් වැනි වරටත් එක්දින කුසලානය දිනා ගනී
- ප්‍රවීන් රන්හිරු ධර්මපාල විද්‍යාලය පරාජයෙන් ගලවා ගනී!
- වෙස්ලි සහ බෙනඩික්වරුන්ගේ අරගලය
නැවත 2 වැනි ඉනිමට ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි වෙස්ලි ඉනිමේ පළමු කඩුලු 2 ලකුණු 7ක් තුළ හරවා යැවීමට සාන්ත බෙනඩික්ට් පන්දු යවන්නෝ සමත් වුනා. නමුත් එතැන් සිට ක්‍රියාත්මක වූ 3 වැනි කඩුල්ලේ දී පන්දු 234ක දී ලකුණු 146ක සබඳතාවක් එක් කරනවා. ඊට පෙරමුණ ගන්නේ නායක අනුග පහන්සර සහ ලිතුම් සෙනුජ.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ නායක අනුග පහන්සර ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 82ක් ලබා ගෙන සිටියා.
ලිතුම් සෙනුජ පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තා.
අනතුරු ව නැවත 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සබඳතාවක් එක් කිරීමට දෙනෙත් සිගේරා සහ රුක්ෂාන් තරංග සහ දෙනෙත් සිගේරා සමත් වෙනවා. ඒ අතුරින් දෙනෙත් සිගේරා ලකුණු 15කට දැවී යන අතර දෙනෙත් සිගේරා පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 63ක් ලබා ගන්නවා.
තරගය අවසන් වෙද්දී දිනත් සෙනිල, විහඟ රත්නායක, අයේශ් ගජනායක, ශාරුජන් ශන්මුගනාදන් සහ මෙවන් දිසානායක කඩුල්ල බැගින් දවාගෙන තිබුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- වෙස්ලි විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 208 (65.0)අනුග පහන්සර 31, රශ්මික අමරරත්න 98, දිනුජ සමරරත්න 34, ශාරුජන් ශන්මුගනාදන් 2/38
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 235 (60.1)ටෙහාන් බීටර් 36, ශාරුජන් ශන්මුගනාදන් 71, මෙවන් දිසානායක 50, මානික්‍ය දේශප්‍රිය 25, ශ්‍රීරාම් ජීවහන් 2/66, දිනුජ සමරරත්න 3/41, රශ්මික අමරරත්න 3/43
- වෙස්ලි විද්‍යාලය– දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 255 (64.0)අනුග පහන්සර 82, ලිතුම් සෙනුජ 63, දෙනෙත් සිගේරා 63, දිනත් සෙනිල 1/65
තරගයේ විසඳුමක් නෑ.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sehandu Athauda | c Tehan Bitar b Ayesh Gajanayaka | 0 | 2 | 0 | 0 | 0.00 |
Binoth Sandil | c Buddima Tharupathi b Manikya Deshapriya | 16 | 40 | 2 | 0 | 40.00 |
Anuga Pahansara | c Mevan Dissanayake b Nadun Fernando | 4 | 22 | 0 | 0 | 18.18 |
Lithum Senuja | c Didula Edirisuriya b Buddima Tharupathi | 59 | 91 | 0 | 0 | 64.84 |
Deneth Sigera | c b Buddima Tharupathi | 2 | 14 | 4 | 0 | 14.29 |
Dinuja Samararathne | c Didula Edirisuriya b Manikya Deshapriya | 27 | 58 | 0 | 0 | 46.55 |
Rukshan Tharanga | c Nadun Fernando b Manikya Deshapriya | 5 | 9 | 0 | 0 | 55.56 |
Ahmad Nahyan | c Ayesh Gajanayaka b Mevan Dissanayake | 12 | 10 | 0 | 0 | 120.00 |
Dulshan Nethmina | c Vihanga Ruwanara b Sharujan Shanmuganathan | 17 | 25 | 1 | 0 | 68.00 |
Ali Ehren | c Ayesh Gajanayaka b Sharujan Shanmuganathan | 10 | 14 | 0 | 0 | 71.43 |
Denuwan Nethmal | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 15 (b 1 , lb 0 , nb 0, w 14, pen 0) |
Total | 168/10 (47.4 Overs, RR: 3.52) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ayesh Gajanayaka | 7 | 1 | 18 | 1 | 2.57 | |
Nadun Fernando | 8 | 1 | 22 | 1 | 2.75 | |
Buddima Tharupathi | 9 | 0 | 38 | 2 | 4.22 | |
Manikya Deshapriya | 10 | 2 | 23 | 3 | 2.30 | |
Mevan Dissanayake | 7 | 0 | 43 | 1 | 6.14 | |
Sharujan Shanmuganathan | 6.4 | 0 | 23 | 2 | 3.59 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Didula Edirisuriya | not out | 23 | 48 | 2 | 0 | 47.92 |
Tehan Bitar | c Rukshan Tharanga b Ahmad Nahyan | 9 | 19 | 0 | 0 | 47.37 |
Janindu Nandasena | c Sehandu Athauda b Denuwan Nethmal | 21 | 24 | 4 | 0 | 87.50 |
Mevan Dissanayake | lbw b Dinuja Samararathne | 0 | 2 | 0 | 0 | 0.00 |
Sharujan Shanmuganathan | c Dulshan Nethmina b Dinuja Samararathne | 50 | 53 | 3 | 0 | 94.34 |
Samindu peiris | not out | 41 | 80 | 4 | 0 | 51.25 |
Extras | 25 (b 0 , lb 1 , nb 1, w 23, pen 0) |
Total | 169/4 (37.3 Overs, RR: 4.51) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ali Ehren | 4 | 0 | 23 | 0 | 5.75 | |
Denuwan Nethmal | 6 | 2 | 11 | 1 | 1.83 | |
Anuga Pahansara | 3 | 0 | 18 | 0 | 6.00 | |
Ahmad Nahyan | 7 | 1 | 32 | 1 | 4.57 | |
Dulshan Nethmina | 6.3 | 0 | 38 | 0 | 6.03 | |
Dinuja Samararathne | 9 | 0 | 25 | 2 | 2.78 | |
Binoth Sandil | 2 | 0 | 21 | 0 | 10.50 |
- තරගයේ දක්ෂතම පන්දු රකින්නා – ට්‍රිශේන් සිල්වා (සාන්ත බෙනඩික්ට් විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පිතිකරු – රශ්මික අමරරත්න (වෙස්ලි විද්‍යාලය)
- තරගයේ දක්ෂතම පන්දු යවන්නා – දිනුජ සමරරත්න (වෙස්ලි විද්‍යාලය)
- තරගයේ වීරයා – ශාරුජන් ශන්මුගනාදන් (සාන්ත බෙනඩික්ට් විද්‍යාලය)
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.