වසර 72කට පසු ශ්‍රී ලංකාවට ආසියානු රිටි පැනීමේ පදක්කමක්

5 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය 2023

376
5 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය 2023

උස්බෙකිස්තානයේ දී පැවැත්වෙන 5 වැනි ආසියානු ‍යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දීමට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයීය ක්‍රීඩක තුශේන් සිල්වා සමත් වුනා.

බාලක රිටි පැනීම ඉසව්වේ මීටර් 4.70ක දස්කමක් දක්වමින් ඔහු එම පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව මෙන්ම නව යොවුන් ජාතික වාර්තාවක් වීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ආසියානු මට්ටමේ තරගාවලියක දී රිටි පැනීම පදක්කමක් දිනා ගැනීමට සමත් වුනේ වසර 72කට පසු වන අතර අවසන් වරට එම ඉසව්වෙන් පදක්කමක් දිනා ගැනීමට එම්. ඒ. අක්බාර් සමත්ව තිබුණේ 1951 වසරේයි.

එමෙන්ම අද උදෑසන පැවති බාලක මීටර් 400 පළමු මූලික තරගයට සහභාගී වූ ජත්‍ය කිරුළු තත්පර 48.57ක කාලයකින් සිය ඉසව්ව අවසන් කළේ තෙවැන්නා ලෙසයි. එම දස්කම සමඟ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඔහුට හැකි වුනා.

මෙවර ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පිටත් වූ අතර එයට ක්‍රීඩකයින් පහක් සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ඇතුළත්.

පස්වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>>  තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<