ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල ආරම්භ වෙයි

53rd Sir John Tarbat Junior Athletics Championship 2024

75
53rd Sir John Tarbat Junior Athletics Championship 2024

53 වැනි ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද (18) කොටවිල ක්‍රීඩා සංකීර්ණයේ දී ආරම්භ වුනා.

තරගාවලියේ පළමු දිනය තුළ ම නව තරග වාර්තා ත්‍රිත්වයක් අලුත් වීම විශේෂත්වයක්.

මෙහි දී කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ M රාජසිංහ විසින් 15න් පහළ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ තරග වාර්තාව අලුත් කිරීමට සමත් වුනේ මීටර් 56.07ක දුරක් හෙල්ල විසිකරමිනුයි.

මේ අතර කාන්තා 15න් පහළ දුර පැනීම ඉසව්ව නියෝජනය කළ වත්තල ලයිසියම් විද්‍යාලයේ D.රාජපක්ෂ මීටර් 6.04ක දුරක් තරණය කරමින් නව තරග වාර්තාවක් වෙත යාමට සමත් වුනා. එමෙන්ම 15න් පහළ කාන්තා යගුලිය විසිකිරීම ඉසව්ව නියෝජනය කළ කොළඹ විශාකා විද්‍යාලයේ D.D.කරුණාරත්න විසින් මීටර් 12.59ක දුරක් යගුලිය විසිකරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වුනා.

අද දිනයේ තරග ප්‍රතිඵල

පිරිමි

  • 12න් පහළ දුර පැනීම – R.D.S.දෙනුවන්- තුන්කම හිරිකැටිය මහා විද්‍යාලය (මීටර් 5.01)
  • 15න් පහළ මීටර් 800- R.D. අමරසිංහ – හැඳියගල මහ විද්‍යාලය (මිනිත්තු 2.05.94)
  • 12න් පහළ මීටර් 80- P.P. තන්තිරිගේ – ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලය (මීටර් 10.43)
  • 15න් පහළ උස පැනීම – K.Pakirjan – කලුතවලයි මහා විද්‍යාලය (මීටර් 1.87)
  • 14න් පහළ යගුලිය විසිකිරීම (3Kg) – D.W. ගමගේ – බකමූණ මහසෙන් ජාතික පාසල (මීටර් 14.57)

කාන්තා

  • 12න් පහළ උස පැනීම – P.M.A.සෙව්වන්දි – දික්වැල්ල විජිත විද්‍යාලය(මීටර් 1.38)
  • 14න් පහළ කවපෙත්ත විසිකිරීම- O. දෙව්රද – කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය (මීටර් 28.32)

<<සියලු තරග ප්‍රතිඵල>>

ශූරතාවලියේ දෙවැනි දිනය හෙට (19) ක්‍රියාත්මක වීමට නියමිතයි.

දේශීය මලල ක්‍රීඩාවේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<