ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ අවසන් අදියර ඇරඹෙයි

52 වැනි Ritzbury ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ ශූරතාවය 2023

264
52වැනි Ritzbury ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ ශූරතාවය 2023

පාසල් මලල ක්‍රීඩා පිටියේ පැවැත්වෙන ප්‍රධානතම තරගාවලියක් වන Ritzbury ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ 52 වැනි තරගාවලියේ අවසන් අදියරේ තරග අද (03) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

දිවයින පුරා ආවරණය කරමින් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ඉතා විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වීම විශේෂත්වයක්.

එම නිසා මෙම අවසන් අදියර පැවැත්වීමට පෙර පළාත් කේන්ද්‍ර කර ගනිමින් මූලික තරග පැවැත්වීමට පාසල් මලල ක්‍රීඩා සංගමය කටයුතු කළ අතර එයින් ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම අවසන් අදියර සඳහා සහභාගී වෙනවා.

තරගාවලියේ පළමු දිනය වූ අද (03) දිනයෙන් වැඩි කාලයක් මූලික වටයේ ඉසව් සඳහා වෙන්ව තිබුණත්, පිටිය ඉසව් කිහිපයක අවසන් තරග පැවැත්වීමට සංවිධායකයින්ට හැකි වුනා.

එමෙන්ම අද දිනයේ උදෑසන වරුවේ බාලක සහ බාලිකා මීටර් 200 මූලික තරග පැවැත්වූ අතර සවස් වරුවේ සහය දිවීමේ මූලික තරග පැවැත්වීමෙන් පසුව පළමු දිනයේ වැඩ කටයුතු නිමාව දුටුවා.

තරගාවලියේ දෙවැනි දිනය වන හෙට (04) මීටර් 200 අවසන් තරග පැවැත්වීමට නියමිතව තිබෙන අතර එම තරග සහ තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<