පදක්කම් බලාපොරොත්තු රැසක් සමඟින් පැරා මලල ක්‍රීඩකයින් ඩුබායි වෙත

Dubai Grand Prix Fazza 2024

199
Dubai Grand Prix Fazza 2024

එකොළොස් වැනි වරට පැවැත්වෙන World Para Athletic Grand Prix තරගාවලියේ ඩුබායි හි පැවැත්වෙන පළමු අදියර සඳහා සහභාගී වීම සඳහා ක්‍රීඩකයින් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියා.

පෙබරවාරි මස 12 වැනි දා සිට 15 වැනි දා දක්වා ඩුබායි හිදි පැවැත්වීමට නියමිත 2024 World Para Athletic Grand Prix පළමු අදියර (Dubai Grand Prix Fazza) සඳහා සහභාගී වීමට පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේයි.

දිනේෂ් ප්‍රියන්ත

F46 හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන සහ එම ඉසව්වේ වත්මන් ඔලිම්පික් ශූරයා වන දිනේශ් මෙවර තරගාවලියේ දී ද ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් ලෙස හඳුනා ගත හැකි.

අනිල් ජයලත්

නිමා වූ පැරා ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර් 100 ඉසව්වෙන් (T63) රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වූ අනිල්, ගිය වසරේ ඩුබායි හි පැවැත්වුණු Para Athletic Grand Prix තරගවාරයේ දී ද මීටර් 100 ඉසව්වෙන් (T42) රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

නුවන් ඉන්දික

නුවන් විසින් නිමා වුනු පැරා ආසියානු ක්‍රීඩා උළෙලේ T44 මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කම් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. එමෙන්ම නුවන් ද පසුගිය වසරේ පැවැත්වුණු ඩුබායි World Para Athletic Grand Prix තරගාවලියේ T44 මීටර් 100 ඉසව්වේ රිදී පදක්කමක් ජයග්‍රහණය කළා.

බුද්ධික ඉන්ද්‍රපාල

මීටර් 100 ඉසව්වෙන් තවත් කැපී පෙනෙන ක්‍රීඩකයකු වූ බුද්ධික ද මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කෙටිදුර ධාවන පදක්කම් බලාපොරොත්තුවක් ලෙස හඳුනාගත හැකි.

සමන් සුභසිංහ

සමන් විසින් ද 2023 ඩුබායි Para Athletic Grand Prix හි දී  T47 මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

කණ්ඩායම් පුහුණුකරු: විමුක්ති ද සොයිසා

හෙට (12) දිනයෙන් ආරම්භ වීමට නියමිත 2024 World Para Athletic Grand Prix තරගාවලිය එළඹෙන ජුනි මස 15 වැනි දා දක්වා අදියර හතක් ඔස්සේ පැවැත්වීමට නියමිතයි. එහි දී ඩුබායි සත්කාරකත්වය ලැබීමෙන් පසුව මෙම තරගාවලිය පිළිවලින් ටියුනීසියාව, ඉතාලිය, මෙක්සිකෝව, මොරොක්කෝව, ස්විට්සර්ලන්තය සහ ප්‍රංශය යන රටවල සත්කාරකත්වය ලැබීමට නියමිතයි.

තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දක්ෂතා පිළිබඳ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<