කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර 47 වැනි වරට පැවැත්වුණු Mustang’s කුසලානයේ ජයග්‍රහණය හිමි කර ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අද (16) සමත් වුනා.
කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී අද උදෑසන ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය සාන්ත තෝමස් නායක මහිත් පෙරේරා විසින් ජයග්‍රහණය කළ අතර, ඒ අනුව පළමුව පිත්තට අතට ගත් තෝමසුවන් නියමිත පන්දුවාර 50 තුළ සිය ලකුණු පුවරුවට ලකුණු 256ක් එක් කිරීමට සමත් වුනා.
මෙහි දී ඉනිමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි සදෙව් සොයිසා සහ අවිනාශ් ප්‍රනාන්දු අතරේ ලකුණු 75ක සබඳතාවක් ගොඩ නැඟුණු අතර, අවිනාශ්ගේ ඉනිම ලකුණු 37කට සීමා වුනා. එමෙන්ම නායක මහිත් ලකුණු 27කින් සහ ආකාශ් ප්‍රනාන්දු ඉක්මන් ලකුණු 30කින් ද ඉනිමට සිය දායකත්වය ලබා දුන්නා. කෙසේ වෙතත් ඉනිමේ වැඩි බරක් සදෙව් සොයිසා සහ තිසේන් ඇහැලියගොඩ සතු වූ අතර, සදෙව්ගේ පිත්තෙන් ලකුණු 65ක් වාර්තා වන අතරේ තිසේන් ලකුණු 61කින් ඉනිමට සිය දායකත්වය ලබා දුන්නා.
මේ අතරේ තෝමසුවන්ගේ කඩුලු 8ක් දවා ගැනීමට සමත් වූ රාජකීය පන්දු යවන්නන් අතුරින් රනුක මලවිආරච්චි හට කඩුලු 4ක් උරුම වුනා.
- 105 වැනි කඳුරට නිල් මහා සටන ඇරඹේ!
- දුල්සත් සහ ඕෂද ඇලෝශියස් වෙත ජය ගෙන එයි
- නිල් මහා සටන ජය පැරදුමෙන් තොරයි
- විශේන්ගෙන් විශිෂ්ට පන්දු යැවීමක්
- මලියදේව දළ ඇතුන්ට එක්දින ශූරතාව
තෝමසුවන් විසින් ලබා දුන් ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි රාජකීය ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ඉසුල ගීගනගේ ලකුණු 37කින් දායක වුනා. එමෙන්ම අංක හතර පිතිකරු වූ අනූශ් පොලොන්නෝවිට ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් රාජකීය විද්‍යාලයට ජයග්‍රහණයක් කරා යාමට අවශ්‍ය දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කිරීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. මේ අතරේ රාජකීය අංක පහ පිතිකරු ශේන් අබේරත්න විසින් රාජකීය ඉනිමේ වාර්තා වූ එකම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වූ අතර, දිනුර සේනාරත්නගෙන් ඉනිමට ලකුණු 20ක් එකතු වුනා. නමුත් ඔවුන් කිසිවකු හෝ රාජකීයයන් ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් නොවූ අතර, මේ අනුව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය 2018 වසරට පසුව Mustangs ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.
මෙහි දී තෝමසුවන් වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ නාතන් කල්දේරා සහ දිනෙන් ගුණවර්ධන කඩුලු 3 බැගින් බිඳ හෙළීමට සමත් වුනා. එමෙන්ම අනුක් දේවනාරායන විසින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.
රාජකීය විද්‍යාලය
- හොඳම පන්දු යවන්නා– රනුක මලවිආරච්චි
- හොඳම පිතිකරුවා– ශේන් අබේරත්න
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය
- හොඳම පන්දු යවන්නා– දිනෙත් ගුණවර්ධන
- හොඳම පිතිකරුවා– තිසේන් ඇහැලියගොඩ
හොඳම නව ක්‍රීඩකයා – සදෙව් සොයිසා
තරගයේ වීරයා – සදෙව් සොයිසා
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Sadew Soyza | run out (Dinura Senaratne) | 65 | 70 | 5 | 1 | 92.86 |
Avinash Fernando | b Ranuka Malaviarachchi | 37 | 64 | 4 | 0 | 57.81 |
Dineth Gunawardena | b Ranuka Malaviarachchi | 13 | 28 | 0 | 0 | 46.43 |
Mahith Perera | b Dinura Senaratne | 27 | 45 | 2 | 0 | 60.00 |
Thishen Ehaliyagoda | b Anush Polonnowita | 61 | 69 | 8 | 0 | 88.41 |
Akash Fernando | c Shane Abeyratne b Ranuka Malaviarachchi | 30 | 18 | 3 | 0 | 166.67 |
Nathan Caldera | c Sineth Jayawardena b Khalid Rahimdeen | 3 | 4 | 0 | 0 | 75.00 |
Yatindra N Siriwardene | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
Ashen Perera | c Bulan Weerathunga b Ranuka Malaviarachchi | 4 | 3 | 0 | 0 | 133.33 |
Extras | 16 (b 0 , lb 1 , nb 1, w 14, pen 0) |
Total | 256/8 (50 Overs, RR: 5.12) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Anush Polonnowita | 9 | 0 | 43 | 1 | 4.78 | |
Bulan Weerathunga | 5 | 0 | 22 | 0 | 4.40 | |
Sineth Jayawardena | 10 | 2 | 35 | 0 | 3.50 | |
Ranuka Malaviarachchi | 9 | 0 | 53 | 4 | 5.89 | |
Khalid Rahimdeen | 6 | 0 | 36 | 1 | 6.00 | |
Ramiru Perera | 3 | 0 | 22 | 0 | 7.33 | |
Dinura Senaratne | 8 | 0 | 44 | 1 | 5.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Isula Geeganage | lbw b Akash Fernando | 37 | 70 | 4 | 0 | 52.86 |
Rehan Peris | lbw b Anuk Devanarayana | 0 | 1 | 0 | 0 | 0.00 |
Sineth Jayawardena | c Anuk Devanarayana b Dineth Gunawardena | 11 | 11 | 1 | 0 | 100.00 |
Anush Polonnowita | lbw b Dineth Gunawardena | 31 | 58 | 2 | 0 | 53.45 |
Shane Abeyratne | c Akash Fernando b Dineth Gunawardena | 56 | 70 | 7 | 0 | 80.00 |
Ramiru Perera | lbw b Nathan Caldera | 14 | 14 | 2 | 0 | 100.00 |
Dinura Senaratne | c Yatindra N Siriwardene b Nathan Caldera | 20 | 32 | 1 | 0 | 62.50 |
Khalid Rahimdeen | c Mahith Perera b Nathan Caldera | 15 | 19 | 1 | 0 | 78.95 |
Bulan Weerathunga | lbw b Dineth Gunawardena | 8 | 8 | 1 | 0 | 100.00 |
Ranuka Malaviarachchi | run out (Dineth Gunawardena) | 13 | 6 | 1 | 0 | 216.67 |
Nethwin Dharmarathne | not out | 2 | 3 | 1 | 1 | 66.67 |
Extras | 19 (b 1 , lb 5 , nb 1, w 12, pen 0) |
Total | 226/10 (48.1 Overs, RR: 4.69) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Yatindra N Siriwardene | 8 | 1 | 35 | 0 | 4.38 | |
Anuk Devanarayana | 8 | 1 | 29 | 2 | 3.62 | |
Ashen Perera | 8 | 0 | 36 | 0 | 4.50 | |
Darien Marlon Diego | 6 | 0 | 28 | 0 | 4.67 | |
Nathan Caldera | 9.1 | 0 | 45 | 3 | 4.95 | |
Akash Fernando | 2 | 0 | 10 | 1 | 5.00 | |
Dineth Gunawardena | 7 | 0 | 37 | 3 | 5.29 |
පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare නිරන්තරයෙන් සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<