වෙළෙඳ සේවා හොකී සංගමය විසින් මෙහෙයවනු ලබන 46 වැනි සත් සාමාජික හොකී තරගාවලිය මේ මස 15 වැනිදා පෙරවරු 7.30 සිට පී.සරා ඕවල් පිටියේදී පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.
වසර 1973 දී ආරම්භ කළ මෙම ඓතිහාසික තරගාවලිය ශ්‍රී ලංකා හොකී තරග කැලැන්ඩරයේ ප්‍රමුඛතම තරගාවලියක් වන අතර, කොවිඩ් වසංගත සමයේ හැරුණු විට වසර 45ක් පුරා අඛණ්ඩව පැවැත්වුණා.
වෙළෙඳ සේවා හොකී තරග කැලැන්ඩරයේ ද ප්‍රධානතම තරගාවලියක් වන මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ දීර්ඝතම ඉතිහාසයකට හිමිකම් කියන එකම සත් සාමාජික හොකී තරගාවලියයි.
මෙවර තරගාවලිය කාණ්ඩ 5ක් යටතේ පැවැත්වෙන අතර, මෙරට ප්‍රබලතම කණ්ඩායම් රැසක් ඊට ඇතුළත් වෙනවා.
- A කාණ්ඩය (ඩෙනිස් ද රොසයිරෝ කුසලාන) – ජනශක්ති රක්ෂණ සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වෙයි.
කණ්ඩායම් : HNB, සම්පත් බැංකුව, බ්‍රවුන්ස් සමූහ ව්‍යාපාරය, MAS හෝල්ඩිංග්ස් සහ කොමර්ෂල් බැංකුව. - B කාණ්ඩය (සිංගර් කුසලාන)
කණ්ඩායම්: හේලිස්, HSBC, සෙලාන් බැංකුව, ජෝන් කීල්ස්, CIAP, සහ SLT මොබිටෙල්. - C කාණ්ඩය (MHA කුසලාන)
කණ්ඩායම්: සිංගර්, NTB, සහ ඔරියන්ට්. - D කාණ්ඩය (එඩුමන්ඩ් ජේ. කුරේ කුසලාන )
කණ්ඩායම්: DPMC, ලංකා දුම්කොළ සමාගම, හේමාස් සමූහ ව්‍යාපාරය, ගුවන් සේවා, Inqube Solutions සහ ෆියුචර් ලයිෆ්. - වෙළෙඳසේවා හොකී සංගම් සභාපති කුසලාන
කණ්ඩායම්: කොමර්ෂල් බැංකුව බී, සම්පත් බැංකුව බී, බ්‍රවුන්ස් සමූහ ව්‍යාපාරය බී, MAS හෝල්ඩිංග්ස් බී, ජෝන් කීල්ස් බී සහ HNB බී.
ඉහළම තරගකාරිත්වය සහ දස්කම් පෙන්නුම් කිරීමට මෙවර තරගාවලියට ක්‍රීඩකයන් 250කට අධික සංඛ්‍යාවක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන අතර, සිය කණ්ඩායම් නියෝජනය කිරිමට ශ්‍රී ලංකාවේ ජාතික හොකී කණ්ඩායම්වල ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ක්‍රීඩකයෝ එක්ව තිබීම විශේෂත්වයක්.
- හසිනි සහ හසාරාට අප්‍රිකාවේ දී තවත් ජයක්
- Formula 1 පිටිය ආක්‍රමණයට සැරසෙන ශ්‍රී ලාංකික ශූරයා
- හසාරා සහ හසිනි බැඩ්මින්ටන් ඉතිහාසය වෙනස් කරයි
A කාණ්ඩයේ අවසන් මහා තරගය ඇතුළුව අවසන් මහා තරග එදින පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිත අතර පසුව පැවැත්වෙන උත්කර්ෂවත් සම්මාන ප්‍රදාන උත්සවයෙන් පසුව වෙළෙඳ සේවා හොකී සංගමයේ වාර්ෂික තරග කැලන්ඩරය නිමාවට පත් වෙනවා.
මෙම තරගාවලියේ සන්නාම අනුග්‍රාහක සහ ප්‍රධාන අනුග්‍රාහක ලෙස Iodex Spray සමාගම කටයුතු කරන අතර තරගාවලිය සාර්ථකව පැවැත්වීමට දායකත්වය ලබාදෙමින් Haleon ලංකා පුද්ගලික සමාගම සහ Bawwa Bites ආයතනය සම අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරනවා.
Haleon ලංකා පුද්ගලික සමාගමේ වාණිජ අධ්‍යක්ෂ මංජුල වීරකෝන් මහතා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වන අතර, බ්‍රවුන්ස් සහ සමාගමේ Pharmaceuticals, Consumer, and Integrated Engineering Solutions Cluster ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මංගල විජේසිංහ මහතා විශේෂ ආරාධිත ලෙස එම අවස්ථාවට සහභාගි වීමට නියමිතයි.
වසර 1957දී ස්ථාපිත කළ වෙළෙඳසේවා හොකී සංගමය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම හොකී සංගමය ලෙස 68 වසරක සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියන අතර එම සංගමය වසර ගණනාවක් පුරා ජාතික තලයේ ක්‍රීඩකයන් 79 දෙනකු සහ ජාතික ශූරයන් 16 දෙනකු බිහි කිරීමට සමත්ව තිබෙනවා.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<