කිශාන්ගේ හරඹයෙන් සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට ජයග්‍රාහී දිනයක්

605

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය අතර 43 වැනි වරටත් පවත්වනු ලැබූ මස්ටැන්ග් කුසලාන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් ලකුණු 131 ජයග්‍රහණයක් වාර්තා කිරීමට සාන්ත තෝමස් ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගය අද (17) එස්. එස්. සී. පිටියේ දී පැවති අතර විද්‍යාලයීය නායකයින් දෙදෙනා අතරින් ඉහළ නැඟුණු කාසිය තෝමසුවන්ට වාසිය ගෙන දෙමින් පෙරළි ගියේ රාජකීයයන් පන්දු රැකීමට පිටියට කැඳවමිනි.

කවිඳුගේ අර්ධ ශතකය නිසා රාජකීයයෝ නූලෙන් බේරෙයි

කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පසුගිය

ඒ අනුව පළමුවෙන් පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාලයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ශලින් ද මෙල් හා දුලිත් ගුණරත්න පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක අගනා සබඳතාවයක් ගොඩනැංවූ අතර එම සබඳතාවය අවසන් කරමින් මනුල පෙරේරා රාජකීය විද්‍යාලයේ පළමු කඩුල්ල ලෙස 4 පහර දෙකක් සමඟ ලකුණු 22ක් ලබාගෙන සිටි ශලින් ද මෙල් දවා ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පිවිසි සිතාර හපුහින්න, යුවින් හේරත්ගේ ෆුල්ටොස් පන්දුවකට ඔහු අතටම උඩ පන්දුවක් ලබා දෙමින් කඩුල්ල හැරදා ගියේ ලකුණු 6ක් පමණක් වාර්තා කරමිනි. මන්තිල විජේරත්න ද ලකුණු 6යි.

එතෙක් වේලාවක් සාන්ත තෝමස් ලකුණු පුවරුව සවිමත් කළ දුලිත් ගුණරත්න අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේ සාන්ත තෝමස් විද්‍යාලයේ සිව්වැනි කඩුල්ල ලෙසයි. දැවී යන විට ඔහු 4 පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගෙන සිටියේ පන්දු 69ක් වැය කරමිනි.

සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 141ක් ලබාගෙන සිටිය දී පිටියේ එක්වූ තෙවින් ඊරියගම හා කළණ පෙරේරා 8 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 70ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූහ. 4 පහර 4ක් සමඟ ලකුණු 36ක් ලබාගත් තෙවින් හා 4 පහර 2ක් හා දැවැන්ත 6 පහර 2ක් සමඟ ලකුණු 37ක් ලබාගත් කළණ යන දෙදෙනාම රාජකීය පන්දු රකින්නන් හමුවේ දුවද්දී දැවී ගියහ. නියමිත පන්දුවාර 50 අවසානයේ සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 9ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 216ක්.

පන්දු යැවීමේ දී යුවීන් හේරත් කඩුලු 2යි. රාජකීය විද්‍යාලයේ ක්‍රීඩකයින් විසින් සාන්ත තෝමස් පිතිකරුවන් සිව්දෙනෙකු දුවද්දී දවා ගැනීමට සමත් විය.

ලකුණු 217ක ඉලක්කයක් හඹා යාමට පිවිසි රාජකීය පිතිකරුවන් හට එම ලකුණු සංඛ්‍යාව පහසුවෙන් හඹා යාමට කිශාන් මුණසිංහ ඇතුළු සාන්ත තෝමස් ක්‍රීඩකයින් අවස්ථාව ලබා දුන්නේ නැත.

රාජකීය විද්‍යාලයේ පළමු කඩුලු 4 ලකුණු 27ක් වන විට දැවී ගිය පසු පිටියේ එක්වූ කවිඳු මදාරසිංහ හා කවිඳු පතිරත්න පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 23ක සබඳතාවයක් ගොඩනංවන ලදි. මදාරසිංහ, කිශාන්ගේ පන්දුවකට නායක ඩෙලන් පීරිස් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගිය අතර වමතින් පිත්ත හසුරුවන කවිඳු පතිරත්න ඩෙලන් පීරිස්ගේ පන්දුවකට දැවී ගියේ රාජකීය විද්‍යාලය අසරණ කරමිනි.

පන්දු යැවීමේ දී දක්ෂ ලෙස පන්දු යැවූ කිශාන් කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර නායක පසිඳු සූරියබණ්ඩාර ඇතුළු ක්‍රීඩකයින් රාජකීයයේ ප්‍රබල කඩුලු 3ක් දුවද්දී දවා ගැනීමට සමත් වූහ.

පසන් පෙතන්ගොඩ රිච්මන්ඩ් ක්‍රීඩකයෝ අමාරුවේ දමයි

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන ආදරවන්තයන්ගේ 113 වැනි

කෙසේ නමුත් අවසානයේ රාජකීය විද්‍යාලයේ අවසන් කඩුලු 5ම ලකුණු 30ක් තුළ දැවී ගියේ සාන්ත තෝමස් විද්‍යාලයට අඛණ්ඩව 5 වැනි වතාවටත් සීමිත පන්දුවාර තරගයේ ජයග්‍රහණය හිමි කර දෙමිනි.

මෙම ජයග්‍රහණයත් සමඟ සාන්ත තෝමස් විද්‍යාලය සීමිත පන්දුවාර තරග 22ක් ජයග්‍රහණය කර ඇති අතර රාජකීය විද්‍යාලය තරග 19ක් ජයග්‍රහණය කර ඇත. තවත් එක් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් වී ඇත.

සාන්ත තෝමස් විද්‍යාලය – 216/9 (50): කළණ පෙරේරා 37, තෙවින් ඊරියගම 36,  දුලිත් ගුණරත්න 30, යුවින් හේරත් 2/28.

රාජකීය විද්‍යාලය – 85 (34.4): කවිඳු මදාරසිංහ 23, කවිඳු පතිරත්න 19, කිශාන් මුණසිංහ 5/32.

    • දක්ෂතම පන්දු යවන්නා – කිශාන් මුණසිංහ (සාන්ත තෝමස් විද්‍යාලය), යුවින් හේරත් (රාජකීය විද්‍යාලය)
    • දක්ෂතම පිතිකරු – කළණ පෙරේරා (සාන්ත තෝමස් විද්‍යාලය), කවිඳු මදාරසිංහ (රාජකීය විද්‍යාලය)
    • තරගයේ වීරයා – කිශාන් මුණසිංහ (සාන්ත තෝමස් විද්‍යාලය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<