ක්‍රීඩකයින් 41 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තු ලබයි

179
41 players receive national contracts from slc

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ක්‍රීඩක ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

මෙහි දී A1, A2, B1, C1,C2 සහ ‘A’ කණ්ඩායම යන කාණ්ඩ හය යටතේ ක්‍රීඩකයින් 41ක් දෙනෙකුට නව ගිවිසුම් පිරිනැමීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

ටෙස්ට් තරග ගාස්තු දක්ෂතා මත පදනම් වේ

නවතම ගාස්තු ඉහළ නැංවීම යටතේ ටෙස්ට් තරග ආකෘතිය සඳහා තරග ගාස්තු 100%කින් ඉහළ දමා ඇති අතර, එම ගාස්තු ගෙවීම දක්ෂතා මත පදනම් වී සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව තරග ජයග්‍රහණය කිරීම, ජය පැරදුමෙන් තොරව අවසන් වීම සහ පරාජය වීම මත ගෙවීම් විචලනය වනු ඇති.

එක්දින සහ විස්සයි විස්ස තරග

මෙම තරග රටා ද්විත්වයේම තරග ගාස්තු 25%කින් ඉහළ දමා තිබෙනවා.

ICC ශ්‍රේණිගත කිරීම් වෙනුවෙන්

ICC ශ්‍රේණිගත කිරීම් හි පළමු තැනට පැමිණෙන ක්‍රීඩකයින් වෙනුවෙන් විශේෂ ගෙවීමක් සිදු කිරීමට (එක් වරක් පමණක්) නියමිත අතර, ශ්‍රේණිගත කිරීම් හි අංක 10 සිට 2 ස්ථානය තෙක් පැමිණෙන ක්‍රීඩකයින් වෙත ද එසේ ම දීමනාවක් ලබා දීමට නියමිතයි.

දෛනික දීමනා

මේ අතර, කොන්ත්‍රාත්තු ගත සියලු ක්‍රීඩකයින්ට සහයක් වීමට දෛනික දීමනා ඉහළ දැමීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානී ඈශ්ලි ද සිල්වා මහතා ප්‍රමුඛ විධායක කමිටුවේ අනුමැතිය ඇතිව මෙම සියලු තීරණය ලබාගෙන තිබෙනවා.

ගිවිසුම්ගත ක්‍රීඩකයින්

දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, පැතුම් නිස්සංක, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ප්‍රභාත් ජයසූරිය, දුශ්මන්ත චමීර, ඩිල්ශාන් මදුශංක, අසිත ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, ලහිරු කුමාර, නිශාන් මදුශ්ක, මතීෂ පතිරණ, කුසල් ජනිත් පෙරේරා, විශ්ව ප්‍රනාන්දු, ජෙෆ්‍රි වැන්ඩසේ, ප්‍රමෝද් මදුශාන්, ජනිත් ලියනගේ, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, නුවන් තුෂාර, සහන් ආරච්ච්ගේ, නුවනිඳු ප්‍රනාන්දු, දුශාන් හේමන්ත, ලසිත් ඇඹුල්දෙනිය, බිනුර ප්‍රනාන්දු, ශෙවෝන් ඩැනියෙල්, නිරෝශන් දික්වැල්ල,අශේන් බණ්ඩාර, ඕෂධ ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු

දිනෙන් දින උණුසුම් වන දේශීය ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<