ජාතික මහා මේස පන්දු තරගාවලියේ ජය මධ්‍යම හා දකුණු පලාතට

436

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද 41වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළට අයත් මේස පන්දු තරගාවලිය පසුගියදා නිමාවට පත්විය.

තරගාවලියේ පිරිමි කේවල,කාන්තා කේවල, පිරිමි යුගල,කාන්තා යුගල ,මිශ්‍ර සහ කණ්ඩායම් තරග ලෙස ඉසව් සංවිධානය වි තිබුණි. පිරිමි සමස්ථ ශුරතාව මධ්‍යම පළාතට හිමි වූ අතර කාන්තා සමස්ථ ශුරතාව දකුණු පළාතට හිමි විය. පිරිමි සම අනුශුරතාවය බස්නාහිර හා දකුණු පළාත් කණ්ඩායම් හිමි කරගත් අතර කාන්තා අනුශුරතාවයට හිමිකම් කිවේ වයඹ පළාතයි.

පිරිමි කේවල අවසන් මහා තරගයේදි මධ්‍යම පළාත නියෝජනය කළ උදය රණසිංහ හා බස්නාහිර පළාත නියෝජනය කළ රොහාන් සිරිසේන තරග වැදුණු අතර එහිදි තරග වට 3-0 ලෙස පහසු ජයක් ලබමින් පිරිමි කේවල ශුරතාව තමන් සතු කරගන්නට මධ්‍යම පළාතට හැකිවිය.

කාන්තා කේවල අවසන් මහා සටනේදි දකුණු පළාත නියෝජනය කළ ඉෂාරා මදුරංගි සහ මධ්‍යම පළාත නියෝජනය කළ රිද්මි කරදනාආරච්ච් සටන් වැදුණු අතර තරග වට 3-1 ලෙස ජය ලැබු ඉෂාරා මදුරංගි කාන්තා කේවල ශුරතාව දකුණු පළාතට හිමිකර දුන්නේය.

පිරිමි යුගල ඉසව් අවසාන මහා තරගයේදී උදය රණසිංහ සමගින් නිර්මල ජයසිංහ නියෝජනය කළ මධ්‍යම පළාතත්,චමිර ගිණිගේ සමගින් සුපුණ වරුසවිතාන නියෝජනය කළ දකුණු පළාතත් තරග වැදුණු අතර එහිදි තරග වට 3-1 ලෙස ජය ලබා පිරිමි යුගල ශුරතාව තමන් සතු කරගන්නට මධ්‍යම පළාතට හැකිවිය.

කාන්තා යුගල ඉසව් අවසන් මහා තරගයේදී බුද්දිනි ජයගුරු සමගින් කාවින්දි සහබන්දු නියෝජනය කළ වයඹ පළාත හා හංසනි පියුමිලා සමගින් රුවනි කන්නන්ගර නියෝජනය කළ බස්නාහිර පළාත තරග කළ අතර තරග වට 3-2  ලෙසතියුණු ජයක් ලැබිමට වයඹට හැකිවිය.

මිශ්‍ර යුගල අවසාන මහ තරගයේදී චමිර ගිණිගේ සමගින් ඉෂාරා මදුරංගි දකුණු පළාත නියෝජනය කරමින්ද, සජිත් කාවින්ද සමගින් හංසනි පියුමිලා බස්නාහිර පළාත නියෝජනය කරමින් ද තරග වැදුණු අතර එහිදි තරග වට 3-1 ලෙසජය ලබා මිශ්‍ර යුගල ශුරතාව තමන් සතු කරගන්නට දකුණු පළාතට හැකිවිය.

පිරිමි  කණ්ඩායම් අවසාන මහා තරගයේදී බස්නාහිර පළාත් කණ්ඩායම සහ මධ්‍යම පළාත් කණ්ඩායම තරග කල අතරතරග වට 3-1 ලෙස ජයගන්නට මධ්‍යම පළාත් කණ්ඩායමට හැකිවිය. කාන්තා කණ්ඩායම් අවසන් මහා තරගයේදී දකුණු පළාත් කණ්ඩායම සහ බස්නාහිර පළාත් කණ්ඩායම තරග වැදුණු අතර එහිදි තරග වට 3-1 ලෙස ජයක් ලැබිමටදකුණු පළාත් කණ්ඩායමට හැකිවිය.

41වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම මේස පන්දු ක්‍රීඩකයා ලෙස මධ්‍යම පළාත නියෝජනය කළ උදයරණසිංහ සම්මාන දිනාගත් අතර  දක්ෂතම මේස පන්දු ක්‍රීඩිකාව ලෙස දකුණු පළාත නියෝජනය කළ ඉෂාරා මදුරංගිසම්මාන ලැබීය.