මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර 3 වැනි වරටත් පැවැති “මොරටු රන් සටන” වාර්ෂික විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 89ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය කණ්ඩායම සමත් වුනා.
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයෙන් ලත් ජයග්‍රහණයත් සමඟින් ඔවුන් මෙම කුසලානය පිට පිට තෙවැනි වරටත් තමන් සන්තක කර ගන්නවා.
මෙම තරගයේ දී සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය එක්දින කණ්ඩායම නියෝජනය කවීෂ පෙරේරා වෙනුවට ආකාශ් දිසානායක නම් කර තිබූ අතර වේල්ස් කුමාර විද්‍යාලයීය එක්දින කණ්ඩායම නියෝජනය කළ දෙනෙත් සිතුමිණ සහ නවීන් ප්‍රනාන්දු වෙනුවට යෙහෙනිත් බණ්ඩාර සහ විශ්ව දේශාන් නම් කර තිබුණා.
සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
රයන් දිසානායක (නායක), උෂේන් සිල්වා, අදේශ් අල්මේදා, ලශෙන් ප්‍රනාන්දු, නවෝද් ප්‍රනාන්දු, කොශේන්ද්‍ර ප්‍රනාන්දු, මලින්ත සිල්වා, ශෙනාශ් හෂේන්, ශෙෆාන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), ආකාශ් දිසානායක.
වේල්ස් කුමාර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
රිවිත් ජයසූරිය (නායක), යෙහෙනිත් බණ්ඩාර, සුවස් ප්‍රනාන්දු, ඔෂාන් ද සිල්වා, ප්‍රසන්න ලක්මිණ, ගවේෂ ප්‍රනාන්දු, රුසඳු සිල්වා, පසන් කුරේ (කඩුලු රකින්නා), විශ්ව දේශාන්, නෙතුල් අනුහස්, රසිඳු ප්‍රනාන්දු.
- දේවපතිරාජ විද්‍යාලය අවසන් මහා තරගයට
- මොරටු රන් එක්දින කුසලානය වේල්ස් කුමරුවන්ට
- 146 වැනි නිල් මහා සටනේ ජය සාන්ත තෝමස් විද්‍යාලයට!
- 75 වැනි රන් මහා සටන ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි
- මොරටු රන් සටනට සේනා බල ගැන්වේ
කාසියේ වාසිය දිනා ගත් දිනාගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිස කඩුලු 7ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තා.
එම ඉනිමේ පළමු කඩුල්ලට පන්දු 19ක දී ලකුණු 41ක් එක් කිරීමට උශේන් සිල්වා සහ අදේශ් අල්මේදා සමත් වීම කැපී පෙණුනා. මේ ලකුණු අතුරින් උශේන් සිල්වා පන්දු 6කට මුහුණ දෙමින් ලබා ගත්තේ ලකුණු 4ක් පමණක් වන අතර වැඩි දායකත්වයක් දක්වන්නේ උශේන් සිල්වා.
ඔහු ඉනිමේ 2 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 31කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 64ක් ලබා සිටියා. ඔහු එම කඩුල්ල වෙනුවෙන් නායක රයන් දිසානායක හා එක් වෙමින් පන්දු 25ක දී ලකුණු 37ක් එක් කිරීමට ද සමත් වුනා.
සාන්ත සෙබස්තියන් ඉනිම අවසන් වන විට රයන් දිසානායක පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 57ක් ලබා සිටියා. ඔහු කොශේන් ප්‍රනාන්දු (15) එක් ව 5 වැනි කඩුල්ලට 31ක දී ලකුණු 42ක් ද සහ ශෙෆාන් ප්‍රනාන්දු (10) එක් ව 8 වැනි කඩුල්ලට පන්දු 17ක දී නොදැවුණ ලකුණු 28ක් ද එක් කළා.
කඩුලු දවා ගැනීමේ දී රූසඳු සිල්වා සහ ගවේශ ප්‍රනාන්දු කඩුලු ද්විත්වය බැගින් ද නෙතුල් අනුහස් සහ රසිඳු ප්‍රනාන්දු කඩුල්ල බැගින් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි වේල්ස් කුමරුවන්ට තම පන්දුවාර 20 අවසානයේ දී ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 82ක් පමණයි.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ සුවස් ප්‍රනාන්දු. ඔහු පන්දු 48කට මුහුණ දෙමින් කිසිදු සීමාලකුණක් නොමැතිව නොදැවී ලකුණු 30ක් ලබා ගන්නවා.
ඔවුන්ගේ ඉනිම කඩුලු 6ක් ලකුණු 35කට දැවී ගොස් තිබිය දී ඔහු පසන් කුරේ (13) සමඟ 7 වැනි කඩුල්ලට පන්දු 41ක දී ලකුණු 28ක් ද සහ 8 වැනි කඩුල්ලට විශ්ව දේශාන් (නොදැවී 12) එක් ව පන්දු 27ක දී ලකුණු 19ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී අදේශ අල්මේදා ලකුණු 18කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව රයන් දිසානායක කඩුලු 2ක් ද සහ ශෙනාස් හශේන් කඩුල්ලක් ද දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
සාන්ත සෙබස්තියන් විද්‍යාලය – කඩුලු 7ක් දැවී 171 (20.0) උශේන් සිල්වා 64, රයන් දිසානායක නොදැවී 57, ශෙෆාන් ප්‍රනාන්දු නොදැවී 10, රුසඳු සිල්වා 2/22, ගවේශ ප්‍රනාන්දු 2/23
වේල්ස් කුමාර විද්‍යාලය – කඩුලු 7ක් දැවී 82 (20.0) සුවස් ප්‍රනාන්දු නොදැවී 30, විශ්ව දේශාන් නොදැවී 12, අදේශ අල්මේදා 4/18, රයන් දිසානායක 2/12
සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ලකුණු 89ක ජයක්.
- තරගයේ වීරයා – රයන් දිසානායක (සාන්ත සෙබස්තියන් විද්‍යාලය)
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<