මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර 40 වැනි වරටත් පැවැති “මොරටු රන් සටන” වාර්ෂික එක්දින තරගයෙන් වසර 3කට පසුව ජයග්‍රහණය කිරීමට වේල්ස් කුමාර විද්‍යාලය අද (08) සමත් වුනා.
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයෙන් ලකුණු 105ක ජයග්‍රහණයක් ලැබූ වේල්ස් කුමරුවෝ අද වාර්තා කරන්නේ මොරටු රන් සටන් එක්දින ඉතිහාසයේ 16 වැනි ජයග්‍රහණයයි.
වේල්ස් කුමරුවෝ අවසන් වරට එක්දින තරගයක දී ජයග්‍රහණය කර තිබුනේ 2021 වසරේදී වන අතර මීට පෙර මෙම කුසලානය පිට පිට වසර ත්‍රිත්වයක් තිස්සේ හිමි කරගෙන සිටියේ සාන්ත සෙබස්තියන් විද්‍යාලයයි. ඔවුන් මේ දක්වා එක්දින තරග 20ක ජයග්‍රහණ හිමිකර ගෙන තිබෙනවා.
සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
රයන් දිසානායක (නායක), කවීෂ පෙරේරා, ලශෙන් ප්‍රනාන්දු, අදේශ් අල්මේදා, නවෝද් ප්‍රනාන්දු, උෂේන් සිල්වා, මලින්ත සිල්වා, කොශේන්ද්‍ර ප්‍රනාන්දු, ශෙෆාන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), ශෙනාශ් හෂේන්, ආකාශ් දිසානායක.
වේල්ස් කුමාර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
රිවිත් ජයසූරිය (නායක), රුසඳු සිල්වා, දෙනෙත් සිතුමිණ, සුවස් ප්‍රනාන්දු, ගවේෂ ප්‍රනාන්දු, ඔෂාන් ද සිල්වා, පසන් කුරේ, නවීන් ප්‍රනාන්දු, නෙතුල් අනුහස්, රසිඳු ප්‍රනාන්දු, ප්‍රසන්න ලක්මිණ.
- ශූරයන්ගේ කුසලාන අතීතය
- කමිඳු ICC නැගී එන ක්‍රීඩකයා සම්මානය හිමි කර ගනී
- 75 වැනි රන් මහා සටන ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි
- සුලෝහිත සංග්‍රාමය සහ මොරටු රන් මහා සටන ඇරඹෙයි
- මොරටු රන් සටනට සේනා බල ගැන්වේ
කාසියේ වාසිය දිනා ගත් වේල්ස් කුමාර විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගනිමින් පිටියට පිවිසෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 224ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් හඹා යන ඉනිමට පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 119ක් පමණයි.
වේල්ස් කුමාර විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ගවේෂ ප්‍රනාන්දු. ඔහු පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තා
ඊට අමතර ව සුවස් ප්‍රනාන්දු පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 46ක් ද, ඔෂාන් ද සිල්වා පන්දු 37කට මුහුණ දෙමින් ලකුණු 42ක් ද සහ පසන් කුරේ පන්දු 21කට මුහුණ දෙමින් හතරේ සහ හයේ පහර 2ක් බැගින් එල්ල කරමින් ලකුණු 32ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී උප නායක අදේශ් අල්මේදා ලකුණු 28කට කඩුලු 4ක් දවා ගත් අතර ඊට අමතර ව මලින්ත සිල්වා සහ කොශේන්ද්‍ර ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පන්දු යැවීමේ දී ද දක්ෂතා දැක් වූ උප නායක අදේශ් අල්මේදා. ඔහු පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා ගන්නවා. ඊට අමතර ව ආරම්භක පිතිකරු කවීෂ පෙරේරා පන්දු 56කට මුහුණු දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී නෙතුල් අනුහස් ලකුණු 26කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව නායක රිවිත් ජයසූරිය ලකුණු 18කට කඩුලු 3ක් දවා ගන්නා ලද අතර රුසඳු සිල්වා සිල්වා කඩුල්ලක් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- වේල්ස් කුමාර විද්‍යාලය – කඩුලු 7ක් දැවී 224 (50.0) සුවස් ප්‍රනාන්දු 46, ගවේෂ ප්‍රනාන්දු 57, ඔෂාන් ද සිල්වා 42, පසන් කුරේ 32, අදේශ් අල්මේදා 4/28
- සාන්ත සෙබස්තියන් විද්‍යාලය – සියලුම දෙනා දැවී 119 (38.0) කවීෂ පෙරේරා 25, අදේශ් අල්මේදා 26, නෙතුල් අනුහස් 4/26, රිවිත් ජයසූරිය 3/18
තරගයේ වීරයා – නෙතුල් අනුහස් (වේල්ස් කුමාර විද්‍යාලය)
දෙවිදුහල් අතර 3 වැනි වරටත් පැවැත්වෙන විස්සයි විස්ස තරගය මේ මස 9 වැනිදා (හෙට) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. නිමා වූ එම තරග ද්විත්වයේ ම ජයග්‍රහණය සාන්ත සෙබස්තියන්වරුන් සතු වෙනවා.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<