සිව්කොන් පාපන්දු තරගාවලියේ තේරීම් තරඟ ආරම්භ වේ

894
4 Nations football tournament team selection games report

වයස අවුරුදු 16න් පහළ සිව්කොන් පාපන්දු තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම සඳහා වන තෝරා ගැනීමේ තරග අද (07) සහ හෙට (08) දෙදින තුළදී පැවැත්වීමට පාපන්දු සම්මේලනය කටයුතු සූදානම් කර ඇත.

පසුගිය ලිපි: බ්ලූස්ටාර්, ගුවන් හමුදා තරඟය ජය පරාජයෙන් තොරයි

ශ්‍රී ලංකාව, ජපානය, භූතානය හා නේපාලය යන රටවල සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම  සිව්කොන් පාපන්දු තරගාවලිය, එළඹෙන මාර්තු මස 9 වැනිදා සිට 15 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන මෙම ශූරතාවලිය සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය ලබාදෙන්නේ ජපානය විසිනි.

මාර්තු මස 11 වැනිදා ශ්‍රී ලංකාව හා ජපානය අතර තරඟයත්, එදිනම භූතාන සහ නේපාල කණ්ඩායම් අතර තරඟයත් පැවැත්වීමට නියමිත වේ. 12 වැනිදා ශ්‍රී ලංකාව හා ‍භූතානය තරඟ බිමට පිවිසෙන අතර එදිනම ජපානයත් නේපාලයත් තරඟ වැදීමට නියමිත වේ.

ශ්‍රී ලංකාව හා නේපාල කණ්ඩායම් අතර තරඟය මාර්තු මස 14 වැනිදා පැවැත්වෙන අතර ජපාන හා භූතාන කණ්ඩායම් එදිනම තරඟ බිමට පිවිසීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ජනවාරි 7 සහ 8 යන දිනයන්හි පැවැත්වෙන තෝරා ගැනීමේ තරග තුළින් තෝරා ගැනීම සිදුකෙරේ. එම තෝරා ගැනීමේ තරග පැවැත්වෙන වයස් කාණ්ඩ හා ස්ථාන පහත පරිදි වේ.

කාණ්ඩය දිනය හා වේලාව ස්ථානය
2000- 2001 වසර වල උපන් පාපන්දු ක්‍රීඩකයින් ජනවාරි 7

උදේ 7.30

සිටි ලීග් පාපන්දු ක්‍රීඩාංගණය
2001 වසර උපන් පාපන්දු ක්‍රීඩකයින් ජනවාරි 8

උදේ – 7.30

සිටි ලීග් පාපන්දු ක්‍රීඩාංගණය
2002 – 2003 වසර වල උපන් පාපන්දු ක්‍රීඩකයින් ජනවාරි 15

උදේ – 7.30

සිටි ලීග් පාපන්දු ක්‍රීඩාංගණය

මීට අමතරව ජනවාරි 21 සහ 22 යන දෙ‍දින තුළ අවසන් සංචිතය තෝරා ගැනීමට නියමිත අතර මාර්තු මස 10 වැනිදා ජපානයේ පලපුරුදු පුහුණුකරුවන් තිදෙනෙකු හෝ සිව්දෙනෙකු සහ නේපාලයේ හා භූතානයේ පුහුණුකරුවන් විසින් ශ්‍රී ලංකාවේ පුුහුණුකරුවන් හට විශේෂ පුහුණුවක් ලබාදීමට ද නියමිත වේ.

 තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට