Home Sinhala ගුරුකුල විද්‍යාලය නැවත කැලණි සටන දිනයි

ගුරුකුල විද්‍යාලය නැවත කැලණි සටන දිනයි

35th Battle of Kelaniya

87
35th Battle of Kelaniya

කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය අතර 35 වැනි වරටත් පැවැති කැළණි හටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 83ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ගුරුකුල විද්‍යාලය සමත් වුනා.

කොළඹ P Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගය පළමු වරට තුන් දින තරගයක් ලෙසින් ක්‍රියාත්මක වූව ද තරගයේ තවත් දිනයක් ඉතිරි ව තිබිය දී ම මෙම විසඳුම ලැබුණා. මේ සමඟින් කැළණි සටන් කුසලානය සිවු වැනි වතාවටත් හිමිකර ගැනීමට ගුරුකුල විද්‍යාලය සමත් වෙනවා. ඔවුන් මීට පෙර 2012, 2014 සහ 2016 වසර ත්‍රිත්වයේ දී ජයග්‍රහණය කර නැහැ. ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට තවමත් මෙම කුසලානය දිනා ගැනීමට හැකි වී නැහැ.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ධර්මාලෝක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී ගුරුකුල විද්‍යාලයට ලබා දුන් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 288ක් ලබා ගත්තා. ඉන් අනතුරු ව පිටියට පිවිසි ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 85කට සීමා වූ අතර 2 වැනි ඉනිමේ දී ද ඔවුන් ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 120ක් පමණයි.

අද තරගය ආරම්භ වෙන්නේ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 18ක් ලබා සිටියදීයි. දිනයේ යැවුණ පළමු පන්දුවාරයේ දී ම නැවත කඩුලු දඩයම ආරම්භ කිරිමට ගුරුකුල පන්දු යවන්නෝ සමත් වෙනවා.

ඒ අනුව ඔවුන්ගේ පළමු කඩුලු 5 ලකුණු 23ක් වෙද්දී දැවී යනවා. එතැන් සිට 6 වැනි කඩුල්ල සඳහා පන්දු 39ක දී ලකුණු 26ක් එක් කිරීමට කවීන් දෙනෙත් සහ නායක හශේන් ශ්‍යාමල් සමත් වෙනවා. එය ශ්‍රී ධර්මරාජ ඉනිමේ හොඳම ලකුණු සබඳතාව බවට පත් වුනා. එහි දී කවීන් දෙනෙත් පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ලබා ගත් අතර හශේන් ශ්‍යාමල් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 25ක්. ඔහු ඊට පන්දු 49ක් වැය කරන අතර හතරේ පහර 2ක් ද ඊට එක් කරනවා.

ඔවුන්ට අමතර ව සතිදු ප්‍රබෝධ පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා.

ශ්‍රී ධර්මාලෝක ඉනිම විනාශ කිරීමේ දී තරුෂ කොඩිකාර ලකුණු 39කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව පූර්ණ කල්හාර ලකුණු 18කට කඩුලු 4ක් දවා ගනිමින් ඔහුට හොඳම සහයෝගයක් ලබා දෙනවා.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 203ක් පිටුපස සිටිමින් නැවත දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමට පිටියට පිවිසීමට ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සිදු වූවා. එම ඉනිමේ ද පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 26ක් වෙද්දී දවා ගැනීමට ගුරුකුල පන්දු යවන්නෝ සමත් වෙනවා.

එම අවස්ථාවේ දී ක්‍රියාත්මක වූ ඔමාල් විහඟ සහ තෙමිර මිකාසන එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 134ක දී ලකුණු 57ක සබඳතාවක් එක් කිරීමට සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ දමමින් තෙමිර මිකාසන පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ලබා සිටිය දී දැවී යනවා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ඉනිමේ යැවුණ 2 වැනි පන්දුවේ දී ඔමාල් විහඟ ගේ කඩුල්ල ද ශ්‍රී ධර්මාලෝක ඉනිමට අහිමි වෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා සිටියා.

අනතුරු ව ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය ලකුණු පුවරුව 97 රැදී තිබිය දී පන්දු 11ක් තුළ කඩුලු 3ක් අහිමි කරමින් නැවත වතාවක් ඔවුන් ව අසරණ කිරීමට ගුරුකුල පන්දු යවන්නෝ කටයුතු කළා.

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය 2 වැනි ඉනිම විනාශ කිරීමේ දී පූර්ණ කල්හාර ලකුණු 38කට කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා. ඔහු පළමු ඉනිමේ දී ද ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත් අතර ඒ අනුව ඔහු තරගයේ දී ලකුණු 56කට කඩුලු 11ක් දවා ගැනීමට සමත් වෙනවා.

ඊට අමතර ව ඔහස් සෙදව් ද කඩුලු ද්විත්වයක් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ගුරුකුල විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 288 (75.2) පූර්ණ කල්හාර 57, දෙනුර දිමන්සිත් 28, තත්සර ඒශාන් 103, ජනිත් මිහිරංග 24, තරුෂ කොඩිකාර 26, තිශාන් නිපුන් 2/59, සිතුම් රමෝද් 2/64, සතිදු ප්‍රබෝද 5/100

 

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 85 (35.5) හශේන් ශ්‍යාමල් 25, සතිදු ප්‍රබෝධ 18, තරුෂ කොඩිකාර 5/39, පූර්ණ කල්හාර 4/18

 

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – සියලුම දෙනා දැවී 120 (56.0) ඔමාල් විහඟ 34, තෙමිර මිකාසන 25, පූර්ණ කල්හාර 7/38, ඔහස් සදෙව් 2/38

 

ගුරුකුල විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 83ක ජයක්.

දෙවිදුහල් අතර පැවැත්වෙන වාර්ෂික එක්දින තරගය මේ මස 27 වැනිදා ද සහ විස්සයි විස්ස තරගය මැයි මස 4 වැනිදා ද එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


Gurukula College
288/10 (75.2)

Sri Dharmaloka College
85/10 (35.5) & 120/10 (56)

Batsmen R B 4s 6s SR
Daham Vimukthi b Tishan Nipun 4 6 1 0 66.67
Poorna Kalhara st Hashen Shyamal b Sathidu Nadeeshan 57 56 5 3 101.79
Shan Jumath b Tishan Nipun 0 4 0 0 0.00
Denura Demansith b Sathidu Nadeeshan 28 38 4 0 73.68
Thathsara Eshan c Tharusha Mihiranga b Sathidu Nadeeshan 103 186 14 0 55.38
Javidu Madusanka c Omal Vihanga b Themira Mikashana 6 19 0 0 31.58
Janitha Shehan lbw b Sathidu Nadeeshan 24 54 2 1 44.44
Hiruna Nimsara lbw b Sithum Ramod 15 28 3 0 53.57
Tharusha Kodikara c Sithum Ramod b Sathidu Nadeeshan 26 51 4 0 50.98
Iduwara Oshada lbw b Sithum Ramod 15 12 3 0 125.00
Ohas Sadew not out 0 3 0 0 0.00


Extras 10 (b 2 , lb 3 , nb 5, w 0, pen 0)
Total 288/10 (75.2 Overs, RR: 3.82)
Bowling O M R W Econ
Tishan Nipun 12 0 59 2 4.92
Mewan Randeepana 3 1 9 0 3.00
Sithum Ramod 17.2 3 64 2 3.72
Sathidu Nadeeshan 27 3 100 5 3.70
Themira Mikashana 14 4 42 1 3.00
Omal Vihanga 2 0 9 0 4.50
Batsmen R B 4s 6s SR
Mewan Randeepana lbw b Tharusha Kodikara 0 1 0 0 0.00
Kaveen Deneth c Denura Demansith b Poorna Kalhara 17 48 2 0 35.42
Tharusha Mihiranga lbw b Tharusha Kodikara 0 4 0 0 0.00
Sithum Ramod b Tharusha Kodikara 7 41 0 0 17.07
Omal Vihanga lbw b Tharusha Kodikara 0 2 0 0 0.00
Themira Mikashana run out (Iduwara Oshada) 1 4 0 0 25.00
Hashen Shyamal b Poorna Kalhara 25 49 2 0 51.02
Lakwan Hashel Dias c Hiruna Nimsara b Tharusha Kodikara 8 14 1 0 57.14
Koshitha Adithya lbw b Poorna Kalhara 0 9 0 0 0.00
Sathidu Nadeeshan c & b Poorna Kalhara 18 26 3 0 69.23
Tishan Nipun not out 1 17 0 0 5.88


Extras 8 (b 0 , lb 7 , nb 0, w 1, pen 0)
Total 85/10 (35.5 Overs, RR: 2.37)
Bowling O M R W Econ
Tharusha Kodikara 16 6 39 5 2.44
Roshan Anuruddha 6 3 8 0 1.33
Ohas Sadew 5 1 12 0 2.40
Poorna Kalhara 7.5 0 18 4 2.40
Thathsara Eshan 1 0 1 0 1.00


Batsmen R B 4s 6s SR
Kaveen Deneth b Poorna Kalhara 5 17 0 0 29.41
Tishan Nipun lbw b Ohas Sadew 9 29 2 0 31.03
Sithum Ramod b Poorna Kalhara 4 16 0 0 25.00
Omal Vihanga c Denura Demansith b Ohas Sadew 34 76 3 0 44.74
Themira Mikashana c & b Poorna Kalhara 25 66 2 1 37.88
Lakwan Hashel Dias run out (Denura Demansith) 2 4 0 0 50.00
Hashen Shyamal b Poorna Kalhara 12 23 2 0 52.17
Sathidu Nadeeshan c Ohas Sadew b Poorna Kalhara 3 15 0 0 20.00
Mewan Randeepana st Denura Demansith b Poorna Kalhara 0 2 0 0 0.00
Tharusha Mihiranga not out 10 45 2 0 22.22
Koshitha Adithya b Poorna Kalhara 6 41 0 0 14.63


Extras 10 (b 6 , lb 2 , nb 0, w 2, pen 0)
Total 120/10 (56 Overs, RR: 2.14)
Bowling O M R W Econ
Tharusha Kodikara 8 0 26 0 3.25
Daham Vimukthi 2 0 4 0 2.00
Poorna Kalhara 25 10 38 7 1.52
Ohas Sadew 19 5 38 2 2.00
Hiruna Nimsara 1 1 0 0 0.00
Thathsara Eshan 1 0 6 0 6.00