පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු විද්‍යාලය අතර 32 වැනි වරටත් පැවැති “රන් සටන” වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයේ දී ලකුණු 139ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී සුමංගල විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වෙනවා.
ඒ අනුව ඔවුන් මෙම කුසලානයට හිමිකම් කී 17 වැනි වතාවයි මේ.
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී (06) පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ මොරටු විද්‍යාලය පළමු වෙන් පන්දුවට පහර දෙන ලෙස ප්‍රතිවාදී ශ්‍රී සුමංගල විද්‍යාලයට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි කඩුලු 6ක් දැවී ලකුණු 235ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ලෙසින් මොරටු විද්‍යාලයට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 96ක් පමණයි.
මොරටු විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම
ඉසුරු ප්‍රනාන්දු (නායක) ශෙහාර ප්‍රනාන්දු, ඕෂද ජයවික්‍රම (කඩුලු රකින්නා), සංජන සෙනෙවිරත්න, සඳුන් සුවාරිස්, මලිත් පෙරේරා, විසල් සිරිවර්ධන, හසිඳු ගිම්සර, නිශිත ප්‍රනාන්දු, සිතුම් ද සිල්වා සහ දුලාර ප්‍රනාන්දු.
ශ්‍රී සුමංගල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම
දුරංක සිල්වා (නායක), සෙනිර විජේගුණසිංහ, මෙවිඳු කුමාරසිරි, නේක්ෂ ඉද්දමල්ගොඩ, අකිල වෙදමුල්ල (කඩුලු රකින්නා), රුසිත් ජයවර්ධන, සංදීප් විජේරත්න, අනුහස් ද සිල්වා, බිහඟ සිල්වා, සදෙව් සේනානායක සහ සදික හේවගේ.
- ගවිනු ගේ ශතකයෙන් හැඩ වුණ තැන තැන Big Match
- සාන්තුවරයෝ සාමකාමී ව විසර යයි
- තරිඳු සහ ලක්වින් සුලෝහිතයන් මවිත කරයි
- රන් සටන මන්දගාමී වෙමින් විසඳුමක් නැති වෙයි
- රන් කුසලානයට ගැටෙන පානදුර – මොරටුව
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී සුමංගල ඉනිම වෙනුවෙන් කදිම ආරම්භයක් ලබා ගැනීමට අනුහස් ද සිල්වා නායක දුරංක සිල්වා සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 52ක සබඳතාවක් එක් කරනවා.
එහි දී දුරංක සිල්වා පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 44ක් ලබා සිටිය දී දුවද්දී දැවී යෑමකට හසු වෙමින් දැවී යනවා. අනතුරු ව සංදීප් විජේරත්න සහ අනුහස් ද සිල්වා එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 75ක සබඳතාවක් ගොඩ නගනවා.
එහි දී සංදීප් විජේරත්න පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත් අතර අනුහස් ද සිල්වා පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී සඳුන් සුවාරිස් කඩුලු 2ක් දවා ගත් අතර ඉසුරු නිදර්ශන කඩුල්ලක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මොරටු විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ සංජන සෙනෙවිරත්න. ඔහු පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා ගන්නවා.
ඊට අමතර ව සඳුන් සුවාරිස් ද පන්දු 39කට මුහුණ දෙමින් ලකුණු 21ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී බිහඟ සිල්වා ලකුණු 29කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව මෙවිඳු කුමාරසිරි කඩුලු ද්විත්වයක් ද, සදෙව් සේනානායක සහ රුසිත් ජයවර්ධන කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී සුමංගල විද්‍යාලය – කඩුල 6ක් දැවී 235 (50.0) අනුහස් ද සිල්වා 64, දුරංක සිල්වා 44, සංදීප් විජේරත්න 48, අකිල වෙදමුල්ල නොදැවී 23, සඳුන් සුවාරිස් 2/40
මොරටු විද්‍යාලය – සියලුම දෙනා දැවී 96 (37.0) සංජන සෙනෙවිරත්න 24, සඳුන් සුවාරිස් 21, මෙවිඳු කුමාරසිරි 2/16, බිහඟ සිල්වා 5/29
ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 139ක ජයක්.
- තරගයේ වීරයා – බිහඟ සිල්වා (ශ්‍රී සුමංගල විද්‍යාලය)
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<